කොමඩු කමු, ලස්සන වෙමු!

0
57

දාහය නිවා සිසිලස ගෙනෙන කොමඩු ගැන කවුද නො දන්නෙ?
90%ක මිහිරි ඖෂධ ජලයෙන් පිරී ඇති කොමඩු මාංශල වලින් අස්ථි ශක්තිමත් කිරීම, ආහාර ජීර්ණය, මේද දහනය , කිරීටක ධමනි, අම්ලපිත්ත වැනි රෝග පාලනය, සිරුරේ විෂ හරණය . ලිංගික බෙලහීනතාව දුරු කිරීම, සමෙහි රැලි ඉවත්කර නිරෝගි පෙනුම ලබා දීම ආදි කාර්‍යයන් ගණනාවක් ඉටුකෙරෙනවා.
අප කොමඩු මාංශල ආහාරයට ගෙන ඉවත විසිකර දමන, කොමඩු ඇට වලත් සුවිශේෂ ගුණ ඇති බව ඔබ දන්නවාද?
විටමින්, යකඩ, ප්‍රෝටීන්, පොටෑසියම්, කොපර්, පොස්පරස්, සින්ක්, මැග්නීසියම්, මැන්ගනීස්, වැනි පෝෂක ගණනාවකින් පොහොසත් කොමඩු ඇට විවිධ ඇමයිනෝ අම්ල හා ප්‍රති ඔක්සිකරණ ගුණවලිනුත් සන්නද්ධයි.
කොමඩු ඇටවල ඇති විටමින් සී වලි න් සමේ වර්ධනයට අවශ්‍ය කොලෙජින් නිෂ්පාදනය වේගවත්වන අතර ඇට සතු olec අම්ලය සහ linoleum අම්ලය මගින් සමේ තෙතමනය ආරක්ෂා කර, සමට සිදුවන විවිධ ආසාදන දුරලනවා. සම පැහැපත් කර අකලට වියපත්වීම වළකා තරුණ පෙනුම දිගුකාලයක් රඳවා දෙනවා.
ප්‍රෝටීන් හා යකඩ මගින් හිසකෙස් වල මලානික වියළි ගතිය දුරුකර සවිමත් කර වර්ධනය කිරීමේ ශක්තිය කොමඩු ඇට සතුයි. ඒවායේ ඇති කොපර් මගින් මෙලනින් නිපදවීම වේගවත්කර කෙස්වල දීප්තිමත් වර්ණය රඳවනවා.
යකඩ මගින් ශක්තිය නිපදවීමට අවශ්‍ය ඔක්සිජන් සිරුර පුරා ගෙනයාමට එය හිමොග්ලොබින් වෙත උපකාරකයක් වනවා. එමගින් නීරක්තිය දුරුවන අතර සිරුරේ තෙහෙට්ටු ගති ද තුරන්ව යනවා. ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය වනවා.
කොමඩු ඇටවල ඇති විටමින් ඒ හා සී ඇස් නිරෝගි කර දෙන්නක්. වියපත්වීමත් සමග ඇතිවන ඇස් වියලීම ස්නායු ආබාධ ග්ලූකෝමා වැනි රෝග තත්ත්වයන්ගෙන් ඈත්වී සිටීමට එය උපකාරයක්.
විටම්න් බී 9 හා ෆෝලික් අම්ලය මගින් මොළය වර්ධනය කරමින් ගැබිණි මවුන්ට විශේෂ ප්‍රයෝජන ලබා දෙනවා. මේද අම්ල මගින් මොළයේ ක්‍රියා කාරිත්වය, මතක ශක්තිය බුද්ධ වර්ධනය වඩවන අතර පොටෑසියම් මගින් පරිකල්පන හැකියාවද, ප්‍රති ඔක්සිකාරක මගින් මොළයේ සෛල ආරක්ෂාව ද ලබා දෙනවා.
කොමඩු ඇටවල ඇති මොනසැකරයිඩ, පොලිසැකරයිඩ, හා මේද අම්ල මගින් සිරුර හර්දයාබාධ හා ආඝාත වැනි දරුණු රෝගවලින් ආරක්ෂාවීමද සිරුරට වාසියක්.. එය අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් ද පාලනය කර දෙනවා. පොටෑසියම් මගින් හදවතේ සෞඛ්‍යය වර්ධනය කෙරෙන අතර citrulline හා arginine ඇමයිනෝ අම්ල මගින් ධමනි නිසි ලෙස පවත්වා රුධිර නාල පද්ධතියේ සෞඛ්‍යය රකිනවා. මැග්නීසියම් මගින් රුධිර පීඩනය ද පාලනය කර දෙනවා.
ශාරීරීක ක්‍රියාවල යෙදීමෙන් ඇතිවන මාංශ පේශී වේදනාව දුරු කරන්නට කොමඩු ඇට වලට හැකියි. මාංශ පේශි වර්ධනයට හිතකර L-citrulline මගින් මාංශ පේශි ලිහිල්කර ක්‍රියාශීලිකරවන අතර ඒවායේ ඇති මැග්නිසියම් කැල්සියම් උරා ගැන්මට සහායවෙමින් ඒවා ශක්තිමත් කර දීමට උදව්වනවා.
දියවැඩියාව පාලනය කිරීමේ හැකියාවක්ද කොමඩු ඇට සතුවන බව 2014 කෙරුණු පළ කෙරුණු විද්‍ය සඟරාවකින් දක්වා තිබුණා .
කොමඩු ඇටවල ඇති arginine ඇමයිනෝ අම්ලයෙන් මේද දහනයවනවා .කැලරි අඩු ප්‍රමාණයකින් යුතු කොමඩු ඇට සිරුරේ බර අඩු කර දීමට සහායවනවා. ඒවායේ මඳ වශයෙන් ඇත්තේ සෞඛ්‍යයට හිතකර මේද අම්ලයි. බර අඩුවීම විවිධ බෝ නොවන රෝගවලින් ඈත්ව සිටීමට අවශ්‍ය සාධකයක් වනවා.
මෙම ප්‍රතිලාහ ලබා ගැන්ම සඳහා කොමඩු ඇට අහුරක් වතුර කෝප්ප 4ක් සමග පියන වැසූ බඳුනක විනාඩි 45ක් උණුකර සිසිල්වන්නට හැර පානය කළ හැකියි.
ඇට කුඩුකර තම්බා බීමට ද හැකියි.
තේ පානයක් ලෙස නිතර කොමඩු ඇට පානය කිරීමෙන් ඉහත දැක්වූ වාසි සිරුරට ලබාගත හැකිවේවි.

(අන්තර්ජාලය ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here