HIV ආසාදිත දකුණු ආසියාවේ අයෝමය පුරුෂයා

0
49

“මම මේ රෝගයෙන් ඉගෙන ගත්තු පාඩම තමයි මිනිහෙක් ඕනෑම අසීරු අවස්ථාවක ඒ කියන්නෙ සිය මරණීය මොහොතේ පවා තමන්ට එරෙහිවන දේට එහෙම නැත්නම් සියල්ලටම එරෙහිව සටන් කරන්න ඔන කියන එක. එහෙම සටන් කලොත් විතරමයි නැවත ඡිවත්වෙන්න පුලුවන්.”

එහෙම කියන්නෙ දකුණු ආසියාවේම අයෝමය පුරුෂයට තේරුනු ඉංදියාවේ ප්‍රදීප් කුමාර් සිං. ප්‍රදීප් කුමාර් අපිට කියනව මෙහෙම. ඒ 1990 අවුරුද්ද එතකොට මට වයස අවුරුදු 14 යි. මම හැදුනෙ වැඩුනෙ අනවශ්‍ය ලෙස මාව හුරතල් කරපු පවුලක. ඒකෙ ඉතාම නරක ප්‍රතිඵලය තමයි මම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දරුවෙක් බවට පත්වීම. ඒ කාලෙ හෙරොයින් ඇගට එන්නත් කරගන්නව කියන්නෙ අපි වගේ හිතපු පරම්පරවක එවුන්ට මාරම වැඩක්. තාරුණ්‍යයේ නිර්භිතම පියවරක්. එහෙමයි අපි හිතුවෙ. ඒකෙන් මිදෙන්න මගේ යාලුවො ඉඩ නොදුන්න විතරක් නෙවෙයි. ගෙදරින් පවා ඊට ප්‍රබල විරෝධයක් එල්ලවුනේ නෑයි කියලයි මට හිතෙන්න.

කොහොම නමුත් මම තීරනය කලා මේ නරක ඇබ්බැහියෙන් මිදෙන්න. ඒ හරියටම 2000 දි. එතකොට මම හෙරොයින්වලට පුරුදුවෙලා හරියටම අවුරුදු 10 ක්. ඒත් මම පරක්කු වැඩියි. මොකද ඒ අවුරුද්දෙ මම දැනගන්නවා මම HIV වාහකයෙක් බව. ඒඩ්ස් රෝගය වැළදුන කෙනෙක්ගෙන් තමයි මගේ ශරීරයටත් හෙරොයින් එන්නත් කරගෙන තියෙන්නෙ. ඊට පස්සෙ මාව හුදෙකලා රෝහල් කාමරයක HIV ආසාදියෙක් විදිහට නතර කරනව. අපි ඒඩ්ස් ගැන අහල තිබුණ විදිහට මම තව සතියකින් නැත්නම් දෙකකින් මැරෙන්න ඉන්න මිනිහෙක්. මම දවස ගානෙ රෝහල් කාමරයෙ හඩා වැටුණ. මට වෙන කරන්න කිසි දෙයක් ඉතිරි නෑ. කොටින්ම අම්ම තාත්තවත් මාව බලන්න ආවේ නෑ. යාලුවො ගැන කවර කතා ද. ඒ තරමටම මේ රෝගය ඉංදියානු මනස පිලිකුල් කරලයි තිබුනෙ.

මාව බලන් ඉන්දැද්දි වැහැරුණා. මම හිටියෙ මරණය බලාපොරොත්තුවෙන්. ඒ වෙලාවෙ මගේ තනියට හිටියෙ එකම එක්කෙනෙයි ඒ මගේ නංගි භානු දේවි. එත් මම මලේ නෑ. මම මාස කිහිපයක් ඉස්පිරිතාලෙ ඉදල ගෙදර ආව. ඇවිල්ලත් අවුරුදු 3 ක් යනකන් මලේ නෑ. ඊට පස්සෙ මම හිතුව කියන තරම් ඉක්මනට මේ රෝගයට මාව මරන්න බැරි විත්තිය. ඒගමන මම හොදට කන්න බොන්න පටන් ගත්තා. මගේ ඇගත් ඊට පස්සෙ ඔනවට වඩා ආරන්න ගත්තා. මේ ශක්තිය පිට කරන්න මට හිතුන කාය වර්ධන ව්‍යායාම කරන්න. නමුත් මට ඒකට ගුරුවරු හිටියෙ නෑ. ඒඩ්ස් හැදිච්ච මිනිහෙක් ගාවට කවුරුවත් එන්නෙ නෑ. මේ වෙලාවෙ මගේ නංගි කලේ කායවර්ධනය ගැන ලියවිච්ච පොත් ගෙනත් දීපු එක. ඒව තමයි මගේ ගුරුවරු වුනේ. මම හිතුව මම මනිපුර්වල අයෝමය පුරුෂය වෙනව කියල. මේ සිතිවිල්ල නිසා මම අරමුණක් සහිත මිනිහෙක් වුනා. ඒක ඡිවත්වෙන්න පහසුයි. සහ ඒක මාව ඡීවත් කෙරෙව්ව.

ඔයාල දන්නවද තවත් අවුරුදු 3 ක් ගිය තැනදි මම මනිපුර්වල අයෝමය පුරුෂය තේරීමේ තරගයට ඉදිරිපත් වුනා. ඒ ඉදිරිපත් වෙච්ච වර්ෂය 2006. ඒ තරගය මාව මනිපුර් අයෝමය පුරුෂයා තරගයෙ 3 වැනි ස්ථානයට ගෙනාව. මට ලැබුණ ඡිවිතයේ ප්‍රථම පදක්කම. ඒක ලෝකඩ. ඒක ලෝකඩ වුනත් මට ඒක රන් හා සමානයි. මොකද ඒ ලෝකඩ කෑල්ලට තිබුණ බලාපොරොත්තුවක්, අරමුනක්. ඒත් එදා මම මනිපුර් ඡනතාවට කියන්න ගියේ නෑ මම HIV වාහකයෙක් කියල. මොකද ඒ වෙනකොටත් ඒඩ්ස් රෝගය වැළදුන මිනිස්සු හිටියෙ ඉංදියාවෙ සමස්ථ ඡනගහනයෙන් දශම දෙකයි.

2007 මට අමතක නොවෙන අවුරුද්දක්. මම ඒ අවුරුද්දෙ මනිපූර් වල අයෝමය පුරුෂයා තරගයෙ රන් පදක්කම ගන්නවා. අන්න ඒ වෙලේ මට තිබුන කතාවෙදි මම මනිපුර්වල ඡනතාවට කියනව මට ඒඩ්ස් කියල. නමුත් මම බලාපොරොත්තු නොවුන විදිහටයි මිනිස්සු හැසිරුනේ. ඔවුන් ඉදිරියට ඇවිල්ල මගේ ධෛර්යයට සුබ පැතුව. මේ ඡනතාවගෙ ආදරයත් එක්ක මම කගවේනෙක් වගේ ඉස්සරහට ගියා. ඔයාලට බලන්න පුලුවන් මගේ පදක්කම් සටහනේ 2012 වර්ශයට කෙලින් තියෙන දකුණු ආසියාවේ අයෝමය ශූරයා කියල ලේබල් කරල තියෙන රන් කුසලානය. ඔවු මම 2012 වර්ශයේ ආසියාවේ අයෝමය පුරුෂයා. මම තවත් ඉස්සරහට ගියා. 2017 මම ලෝක අයෝමය පුරුෂයා තරගයේ 3 වැනි ස්ථානය. මට ඒ හොදටම ඇති. ඒ පදක්කම ගන්නකොට මට වයස අවුරුදු 40 ක්. මම මේ සියල්ලෙන්ම පෙන්නල තියෙනව මරණය කරේ තියාගෙන ඇවිදපු මිනිහෙක් කොහොමද සතුටින් ඡිවිතයට මුහුණ දුන්නෙ කියල.

ප්‍රදීප් කුමාර් සිං කියන්නෙ දැන් මනිපුර්වල ඡන කතාවක්. 2017 ලෝක ඒඩ්ස් දිනය දා මනිපුර්වල පැවති උත්සවයේ ප්‍රධාන කථිකය වුනේ ප්‍රදීප් කුමාර් සිං. ඒ කතාව කරටි කැඩිල ඡිවිතය අතඇරල තියෙන HIV රෝග වාහකයන්ට ඡීවත්වෙන්න නැවත බලාපොරොත්තුව දල්වපු විශ්වාසයෙන් හා ආදරයෙන් පිරුණු හඩක්. එයාගෙ ඡිවිත කතාව ලියපු ඡයන්තා කාලිටා ඒ පොතට නම තිබ්බෙ මෙහෙමයි. ‘‘මම HIV ආසාදිතයෙක්, ඉතිං මොකෝ ? ( I Am HIV Positive, So What ? )

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here