වෙහෙස, බඩගිනි , නිදිමත නොදැනෙන ලොව එකම දැරිය

0
58

අපට දිනක් හො නොනිදා ,ආහාර නොගෙන සිටීමට අපහසුය නමුත් Olivia Farnsworth සාමාන්‍ය දරැවෙකුට හිමි සෑම ලක්ෂණයකටම උරැමකම් කීවත් ඇය තුල අසාමාන්‍ය ලක්ෂණ කිහිපයක් පැවතුනි.ඇගේ ශරීරය තුල දුර්ලබ වු වර්ණදේහ (chromosomes) තත්වයක් දක්නට ලැබුනි.

ඇයට බඩගින්න,වෙහෙස,නිදිමත දැනීම ඇයගෙ සම වයසෙ දරැවන්ට වඩා හාත් පසින්ම වෙනස්ය…ඇය කෙදිනකවත් ආහාර ඉල්ලා කෑගසන චරිතයක් නොවීය.දින දෙක , තුන හො ර්ට වඩා වැඩි කාලයක් හො නිදි නොලබා සිටීම ඇයගේ සාමාන්‍ය දින චර්යාව විය.

දැනට විශ්වාස කරන පරිදි මෙම ලක්ෂණ ත්‍රිත්වයම එකම පුද්ගලයෙක් සතු වු පළමු අවස්ථාව ලෙස මෙය සිද්ධිය සදහන්ය.මෙම දුර්ලභ තත්වය වෛද්‍ය විද්‍යාවට පවා තේරැම් ගැනීමට අපහසුය.

මෙම කුඩා දැරියගෙ රොග තත්වය “chromosome 6 deletion” ලෙස හදුන්වයි.සමහර වෛද්‍යවරැන් ඇයව “යාන්ත්‍රක දැරිය” අනුවර්ත නාමයකින්ද හදුන්වයි.මක්නිසාදයත් ඇය වයස අවුරැදු 07 දී තම මව සමග මාර්ගයේ ගමන් කරන විට ඇය මොටර් රථයක ගැටුනු අතර ඇය මීටර් 100 ආසන්න දුරක් ඇදී ගොස් නැවතුනු අතර එතරම් දුරක් විසිවී ගොස් නැවතුනත් ඇය සාමාන්‍ය පරිදි නැගිට මව වෙත දිව ගියාය.

ඇයට තුවාල කිහිපයක්ම තිබිය වුවත් වාහනයේ රොද පාරක් පමණක් ශරීරය තුල පැහැදිලව දක්නට ලැබුනි.
තවත් වරක ඇය සෙල්ලම් කරන විට වැටී ඇගේ තොල දරැණු ලෙස තුවාල වු අතර (තුවාලයේ ප්‍රමාණය ඡයාරූප වල දැක්වේ) ඇය ඒ පිලිබදව කිසිවක් දෙමාපියන්ට පැවසීමෙන් වැලකි සිටියේය.පසුව එම තොල ආශිත ප්‍රදේශය යතා තත්වයට පත් කිරීමට ප්ලාස්ටික් සැත්කමක් පවා කිරීමට සිදු විය.

මෙම වර්ණදේහ (Chromosome abnormality or chromosome disorder)අකර්මණ්‍යතාව හිමි පුද්ගලයන් හට වෙනත් රොග වැලදීමෙ ඉහළ සම්භාවිතාවයක් ඇති බව වෛද්‍ය මතයයි.මෙම පිරිස් ශරීරය වර්ධනය හා බුද්ධිමත් බව අනෙක් සම වයස් පිරිස්ට වඩා මන්දගාමි වේ.නමුත් OLivia මේ කිසිදු ලක්ෂයක් නෙපෙන්වන අතර සමාන්‍ය දරැවෙකුගෙ ලක්ෂණ ,හැසිරීම් හා ශරීර වර්ධනයක් පෙන්නුම් කරයි.

 

 

 

උපුටා ගන්නා ලදී !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here