මහ සයුර යට දිවි රැක ගත් මිනිසා!

0
40

සත්‍ය කතාවක් ඇසුරිණි.-
__________________________________________________
මහ සයුර යට දිවි රැක ගැනීම කළ හැකි දෙයක්? මිනිසා ගොඩ බිම දී කෙතරම් දක්ෂ වූවත් සයුර යටදී අප වෙනම ලෝකයට ගියා හා සමානය මන්ද සැබැවින් ම අපගේ ජිවිතය වෙනස් වෙන නිසාවෙනි.

ඔබට සාගරය මැද සිදු වූ දැඩි අනතුරකින් පසුව අඩි 4×4 ප්‍රමාණයේ කුඩා කුටියක ඔක්සිජන් සීමිත ප්‍රමාණයක් සහිතව සෑම තැනකින් ම දැඩි පීඩනයක් එල්ල කරන ලද සාගර ජලය ඇති බිත්ති වලට කොටු වී දින 02කට වඩා සිර වී සිටින්නට කිවොත් ඔබට එය කළ හැකිද? නමුත් හැරිසන් ඔකෙනේ (Harrison Okene) නම් නයිජිරියානු ජාතිකයාට හැකි වුනා ඒ දස්කම කරන්න සැබැවින් ම එය දක්ෂකම කියනවට වඩා දිවි ගලවා ගන්න යැයි කීම නිවරැදිය.. සිදුවීම වුනේ මෙහෙමයි,

හැරිසන් මේ සිදුවීමට මුහුණ පාන විට 29 වන වියේ පසු වුනේ. ඔහු වෘත්තියෙන් කෝකියෙක්.. සේවය කලේ ජැක්සන්–4 කියන නෞකාවේ.. වර්ෂ 2013 මැයි 25 වෙනිදා ජැක්සන්–04 නම් බහුදින ධීවර යාත්‍රාව වෙනදා මෙන් මුහුදු බලා ගියේ මත්ස්‍ය අස්වැන්නක් බලාපොරොත්තුවෙන්.. නමුත් එදා කාලගුණ තත්ත්වය ඒ තරම් සුබදායක වුනේ නෑ, මුහුදු රළත් වෙනදාට වඩා ගොඩාක් දතින් එන්න පටන් ගත්තේ නෞවකාව දැඩි ලෙස පැද්දෙමින්. මේ තාලගුණය කුණාටුවක් තරමට වර්ධනය වුනා.. නෞවකාව දැඩි රළ වලට කිසිම ලෙස ඔරොත්තු දුන්නේ නම් නෑ. නැව පෙරළි ගියා..
නැව පෙරළෙන වේලාවේ හැරිසන් හිටියේ වැසිකිළියේ. ඔහු ඒ අවස්ථාව ගැන කියලා තිබුනේ මෙහෙමයි, ” පාන්දර 5ට විතර ඇති, මං වැසිකිළියේ හිටියේ නැව එක සැරේ ම පහළට යන්න පටන් ගත්තා.. ඒක ගොඩාක් වේගයෙන් වුනා….” හැරිසන් ඒ වෙලාවේ තමන්ගේ ගෙදරට දුරකථන ඇමතුමක් ගන්න උත්සහ කරා ඒත් සම්බන්ධය විසන්ධි වෙලායි තිබුනේ මොකද ඒ වෙද්දී නැව සාගරයේ තරමක් දුරට ගිලිලා අවසන් වෙලයි තිබුනේ..

හැරිසන් වහාම හිදිසි පිටවිමකින් යන්න උත්සහ කරත් නැව තුලට ආපු ජල පහර හසු වෙලා එයාව එයා සිටි කුටිය ඇතුලේ සිර වුනා. එදා නැව සිටි කිසිවෙකුට ජිවිතය ගලවා ගැනීමට හැකි වුනේ නෑ. නෞකාව සාගරයේ මීටර් 30ක් තරම් ගැඹුරට ගිලි ගියා.
” මගේ වටේ තිබුනු හැමදෙම අදුරයි, නිශ්ශබ්දයි.. මම අඩන්න පටන් ගත්තා, ජේසුස් වහන්සේ ට යාච්ඤා කරා මාව ගලවා ගන්න කියලා.. මට තිබහයි බඩගිනි ඒත් මට කළ හැකි දෙයක් තිබුනේ නෑ මං දිගින් දිගටම මගේ උපරිමයෙන් ම ජෙසුස් වහන්සේ ට යාච්ඤා කරා.. එක අලෝකයක් හරි දකින්න ලැබෙන්න කියලා…” හැරිසන් සිදුවීමෙන් පසුව කියලා තිබුනා ඒ විදිහටයි..
පැය 60කට වඩා නැතිනම් දින 03කට ආසන්න කාලයක් හැරිසන් මේ විදිහට අඩි 4×4 තරම් කුටියක සිර වි සිටියේ කුඩා ඔක්සිජන් බුබුලක් හේතුවෙනි.. 03 වන දිනයේ දී හැරිසන්ට නැවේ බිත්ති වලට වදින මිටි ප්‍රහාරයක් ඇසුනා.. හැරිසන් ඒ හඩ හොදින් ම දැන ගෙන හිටියා හැරිසන්ගේ ජිවිත් විමේ අපේක්ෂාව ඉහළ ගියා.. කිමිදුම්කරුවන් ගිලි ගිය නෞකාවේ තත්ත්වය පරික්ෂා කරමින් සිටියා.. මිය ගිය අයගේ ද සිරුරු සොයමින් ඔවුන් නෞකාව පරික්ෂා කරා.
හැරිසන් සිටි තැනට විදුලි පන්දමක එලියට වැදුනා ඒ සමගම කිමිදුම්කරුවෙක් ජලයෙන් මතු වුනා.. කිමිදුම්කරුවා දුටු දෙයින් මවිතයට පත් වුනා මිනිසෙක් සීතලේ වෙව්ලමින් බියෙන් අන්ධකාරයේ සිට ඔහු දෙස බලමින් සිටියා. කිමිදුම්කරුවා කතා කිරීමට පෙර අදුරේ සිටි මිනිසා කතා කරා.. ” මට සීතලයි.. තිබහයි බඩගිනි මට මෙතනින් එළියට යන්න උදව් කරන්න..” හැරිසන් ඉතාමත් සංවේදි ලෙස කියා සිටියා.. කිමිදුම්කරුවාගේ අතේ තිබුනු කැමරාවේ ඔහුගේ ජායාරූපය සටහන් වෙලා තිබුනේ පහත අයුරින් ( 1 වන ඡායාරූපය)..
කිමිදුම්කරුවා අනිත් පිරිසටත් දැනුම් දීමෙන් පසුව හැරිසන්ව එතින්න ගලවා ගැනීමට ඔවුන් පිරිස සමත් වෙනවා…

හැරිසන්ව වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරේ ඔහුගේ තත්ත්වය ඒ තරම් හොද නොවුනු නිසා.. හැරිසන්ගේ රුධිර ගමනාගමනය අඩාල වෙලා තිබුනේ හෘදයත් දුර්වල වෙලා තිබුනා ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් ශරීරයට නොලැබෙන නිසා. ශරීරයේ ගෑස් ප්‍රමාණයත් ඉහළ ගිහින් තිබුනා.. දින කිහිපයක ප්‍රතිකාර වලින් පසුව හැරිසන්ගේ තත්ත්වය සමාන්‍ය තත්ත්වයට ගන්න වෛද්‍යවරුන් සමත් වෙනවා.
හැරිසන් අද වෙද්දි සමාන්‍ය ජිවිතයක් ගත කරනවා ඒ දැඩි තීරණයකින් පස්සෙයි.. ඒ නැවත තිසිම දාක මුහුදු යන්නේ නෑ කියන තීරණයයි..

-අන්තර්ජාලය ඇසුරිණි
|පරිවර්තනය හා කතාව
-සංජේ රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here