__සාගරයට ආදරය කළ, ලොව සුපතල අපේ, ‘ආශා ඩි වොස්’__

0
62

*ලොව සිටින වඩාත්ම බලසම්පන්න සහ සමාජයට වඩාත්ම බලපෑම් එල්ල කළ හැකි කාන්තාවන් 100 දෙනා අතරට, ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළත්ව සිටී..

අදාළ ලේඛනය ජාත්‍යන්තර බී.බී.සී. මාධ්‍ය ආයතනය විසින් සකස් කර ඇත..

*සුප්‍රකට ශ්‍රී ලංකික සාගර විද්‍යාඥවරියක වන ආචාර්ය, ‘ආශා ඩි වොස්’ (Asha de Vos) මේ සඳහා ඇතුළත්ව ඇති අතර, ඇය මෙම ශ්‍රේණිගත කිරීම්වල ’23 වන ස්ථානය’ හිමි කර ගෙන තිබේ..

මෙම ජාත්‍යන්තර ලැයිස්තුවට ලොව පුරා රටවල් 60ක වයස අවුරුදු 15 ත් 94 ත් අතර කාන්තාවන් ඇතුළත් ය..

මෙහි,
+ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ නයිජීරියාවේ, ‘අභිසොයේ අජායි අකිනොෆොලාරින්’ ය..(Abisoye Ajayi-Akinfolarin)..
+දෙවන ස්ථානය බහරේනයේ, ‘එස්රා අල් ශේෆෙයි'(Esra’a Al Shafei)
විසින් ද,
+තෙවන ස්ථානය රුසියාවේ, ‘ස්වෙත්ලානා ඇලෙක්සීවා’ (Svetlana Alekseeva) විසින් ද හිමි කර ගෙන තිබේ..

ආචාර්ය, ‘ආශා දී වොස්’ සාගර ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධිය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික රටවැසියා වන අතර, අධ්‍යයන සහ සාගර ක්‍රියාකාරකම් නිසාම, ඇය ලෝක ආර්ථික සමුළුවේදී තරුණ ලෝක නායිකාවක ලෙස ගෞරවයට ද පාත්‍ර වේ..

ශ්‍රී ලංකාව අවට ඉන්දියානු සාගරයේ වාසය කරන යෝධ ‘නීල තල්මසුන්’ පිළිබඳව ආචාර්ය ‘ආශා ඩි වොස්’ විසින් කරන ලද අධ්‍යයනයන්, ජාත්‍යන්තර අවධානය දිනා ගෙන තිබේ..

# “මම ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක්..මම සාගර සම්පත් සංරක්ෂණය ගැන පර්යේෂණ කරන ‘සාගරයට ආදරය කරන’ කාන්තාවක්..
ශ්‍රී ලංකාවේ ජනතාව අප අවට තියෙන සාගරය දෙස ‘නිසි අවධානයක්’ යොමු කරල නෑ..මගේ අරමුණ මේ සාගරයේ තියෙන ආකර්ෂණීයත්වය ශ්‍රී ලාංකිකයින්ට පෙන්වලා, එය ආරක්ෂා කරගන්න ඔවුන් දායක කර ගන්න එකයි..”(#බී.බී.සී උපුටා ගැනීමකි)..

#ලොව විශාලතම සත්වයා වන ‘නිල් තල්මසා’, සාගර පැළෑටිවලට පොහොර සපයන සහ සමුද්‍ර ජීවීන්ට ආහාර ලබාදෙන ආහාර චක්‍රයේ අත්‍යවශ්‍ය පුරුකක් බව, ‘ආශා ඩි වොස්’ සවිස්තරව පෙන්වා දෙන්නීය..
ළමා වියේ පටන්, වයස අවුරුදු හයේ සිට ‘සාගර ජීව විද්‍යාව’ පිළිබඳව තමන්ට උනන්දුවක් තිබූ බව පවසන ආශා, සිය දෙමාපියන් එයට මුලසිටම අනුබල දුන් බවත්, ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා පවා තමන් දිරිමත් කළ බවත්, කෘතවේදීව සිහිපත් කරන්නීය..(#බී.බී.සී-සරෝජ් පතිරණ)..

ඇය දිනෙන් දිනම ශ්‍රී ලංකාව ‘අභිමානයට’ පත් කරමින් සිටින අතර, සාගර ජීවීන් සහ පරිසර පද්ධතීන් පිළිබඳව ඇය විසින් කරන ලද මෙහෙය, මෙරට අනාගත පරම්පරාව පවා අමන්දානන්දයට පත් කරනු ඇති බව විශ්වාස කෙරේ..

දෙස් විදෙස් සම්මාන රැසක් දිනාගෙන ඇති ආචාර්ය ‘ආශා ඩි වොස්’ කොළඹ, ‘කාන්තා විද්‍යාලයේ’ ඉගෙනුම ලැබූ, දීප්තිමත් ශිෂ්‍යාවකි…

 

————-
දිනමිණ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here