අභිරහස් ලෙස සැඟව ගිය කැන්ඩොස් මාමා.

0
55

වොල්ටර් විජේවර්ධන සහ අනුලා විජේවර්ධන යුවලගේ එකම පුතා ලෙස “පිලිප් උපාලි විජේවර්ධන” උපත ලැබීය. ඔහුත් ඔහුගේ සොහොයුරියන් දෙදෙනාත් සිය දෙමාපියන් සමග ගතකර ඇත්තේ ඔවුන්ට අයත් කැලණිය ප්‍රදේශයේ “සේදවත්ත වලව්වේ”.

කුඩා කල “කාන්තා විද්‍යාලයෙන්” සහ පසුව “රාජකීය විද්‍යාලයෙන්” අධ්‍යාපනය ලබා ඉන් පසුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සම්බන්ධව ශාස්ත්‍රපති උපාදියක් ලබා ඇත. පසුව ලංකාවට පැමිණි ඔහු ප්‍රථම රැකියාව ලෙස “ලීවර් බ්‍රදර්ස්” ආයතනයට එක් වුනා. කාලයකට පසුව ආයතන ප්‍රධානියෙක් සමග වූ මත ගැටුමකට පසුව ඉන් ඉවත් වී පියාට අයත් සීනිබෝල නිපදවන යන්තරයක් උපයෝගී කරගෙන සීනිබෝල නිෂ්පාදනය ඇරඹුවා. එහි අග්‍රඵලය “ඩෙල්ටා” ටොෆිය.

දැන්වීමකින් ඔහුත් සමග මුලින්ම එකතුවුණු “මුරුගයියා” ඔහුගේ හොඳම හිතවතා බවට පත්වුනා. ඔහු පසුව එහි කළමනාකරණ අධ්‍යක්ෂකවරයෙක් බවටත් පත්වුණා. ඔහු කලින් සේවය කල ඩෙල්ටා වතු සමාගමේ නම ටොෆියට ගැලපෙන නිසා ඔවුනුත් ඩෙල්ටා නම භාවිතා කළා. පසුව යුනික් නාමයෙන් රේඩියෝ, ටීවී, ඔරලෝසු එකලස් කිරීම අරඹා, පසුව “මැස්ඩා” කාර් රථය එකලස් කිරීම 1969 දී ආරම්භ කළා.

එය නිෂ්පාදනය කිරීමට පළමුව වූ ඉල්ලුම නිසා එයට ලැබුණු අත්තිකාරම් මුදලින් හෝමාගම ප්‍රදේශයේ ඉඩම මිලදී ගත්තා. ඉන් පසුව “ෆියට් 128” රථයද එකලස් කිරීමට පටන් ගත්තා. මේවා සඳහා තාක්ෂණික සහය ලබා දුන්නේ ඥාතියෙකු වූ “රේ විජේවර්ධන” විසින්.. නමුත් ඒ දිනවල ජපන් කාර් සඳහා වූ කැමැත්ත සහ විශ්වාසය නිසාම මේවා එතරම් සාර්ථක වුනේ නෑ. තම මාමා වූ සරත් විජේවර්ධන නම් හිටපු සෙනෙට් සභිකයාගේ එතරම් සාර්ථක නොවූ චොක්ලට් නිෂ්පාදන සමාගම භාරගෙන “කැන්ඩොස් චොකලට්” නිෂ්පාදනය ආරම්භ කලා.

මේ හරහා සිංගප්පූරුව සහ මැලේසියාව ප්‍රමුඛව රටවල් කීපයක පැතිරුණු නමක් ඇතිවුණා. ඉන් අනතුරුව ඔහුගේ ඥාතියෙක් වූ ඩී.ආර්. විජේවර්ධන ට අනුව යමින් උපාලි පුවත්පත් සමාගම ආරම්භ කළා. මැලේසියාවේ සහ ඇමරිකාවේද ව්‍යාපාර ආරම්භ කල ඔහු.. උපාලි එවියේෂන් නමින් අභ්‍යන්තර ගුවන්යානා සමාගමක් ද ඇරඹුවා.

1983 ජනවාරි අග ඔහුට අයත් ලියාරා ජෙට් යානයෙන් කොළඹ සිට සිංගප්පූරුව සහ මැලේසියාව බලා ගිය ඔහු ඉන් පසුව ඔහුගේ 45 වන උපන්දිනයට දින 4කට පෙර නැවතත් ලංකාව බලා එද්දී මලක්කා මුහුදට ඉහළ ප්‍රදේශයේදී වූ ගුවන් අනතුරකින් ඔහු ඇතුළු පිරිස අභිරහස් ලෙස මරණයට පත්වුණා.

මේ අභිරහස් ලෙස අතුරැදහන් වීම පිලිබඳ වෙනස් කතාවන් කීපයක් ම තිබෙනවා. උපාලි විජේවර්ධන මැලේසියාව කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදුණු බවටත්, පෞද්ගලික ආරවුලක් මත ගුවන් යානයට බෝම්බ සවිකළ බවත් කියවෙනවා.

සොභාවික අනතුරකින් පසු නිරුපද්‍රිතව මුහුදට වැටුණු උපාලිව බෝට්ටුවක පිරිසක් මගින් බේරා ගත බවත්, කාලයකට පසුව නැවත මැලේසියාවට පැමිණ සොයා බැලීමේදී බිරිඳ වෙනත් විවාහයක් කරගෙන ව්‍යාපාර වල බලය ගිලිහී යාම ගැන සැලවී, හොර රහසේම මැලේසියානු බිරිඳ සහ දරුවා සමග මෙක්සිකෝවට ගොස් සිටියදී, මත්ද්‍රව්‍ය සම්බන්ද සිද්දියකට මිතුරන්ගේ පාවාදීම් නිසා සිරභාරයට පත්වූ බවත්, වසර 27 කට පසුව නිදහස් වූ බවත් තවත් කතාවක්.

ඔහුව මැලේසියාවේදී මත්කුඩු සම්බන්ධයෙන් මරණ දණ්ඩනයට පත්වූ බවත්, එය ලංකාවට දැනුම් දීමෙන් පසුව එහිගිය නියෝජිතයා වූ ලලිත් ඇතුලත්මුදලි මරණ දඬුවම සිර දඬුවමකට පත්කරගත් බවත් තවත් කතාවක්.

පසු කාලයක ලලිත් ඇතුලත්මුදලි තවත් කෙනෙක්ට කියා ඇත්තේ ඉන්දන ඉතිරිකර ගැනීමට නීති විරෝධීව වෙනත් ගුවන් කලාප හරහා යාමෙන් එල්ල වූ ප්‍රහාරයකින් මරණයට පත්වූ බවක්ය.

උපාලිගේ මරණයෙන් කෙටි කාලයකින් ඔහුගේ හිතවත්ම සේවකයා වූ නිමල් වෙල්ගම සමග ලක්මිණී විජේවර්ධන විවාහ විය. ඔවුන් පසුව දැනගෙන ඇත්තේ ව්‍යාපාර කීපයක් උපාලි සිය සොහොයුරියන්ට පවරා ඇති බවකි. මේ නිසා නිමල් සහ ලක්මිණි යුවළ ලක්මිණි ගේ පියා වූ සීවලී රත්වත්තේ සමග 1988 නඩුවක් ගොනුකලත් 1997 දී ඔවුන්ට එරෙහිව තීන්දුව ලැබී  ය.

පසුව සරත් එන් සිල්වා ගේ උපදෙස් මත ඉහල උසාවියක ගොනු කල නඩුවක් ත්‍රී පුද්ගල කමිටුවකින් නිමල් වෙල්ගම පාර්ශවයට වාසිදායක තීන්දුවක් ලැබුණු බවයි. සරත් එන් සිල්වා සහ නිහාල් ජයසිංහ මෙයට පක්ෂවත් ශිරාණි බණ්ඩාරනායක මෙයට විරුද්ධවත් තීන්දු ලබාදී ඇත. මෙම නිසා සරත් සහ ශිරාණි අතර ගැටුම ආරම්භ වී ඇත…

 

 

 

 

උපුටා ගැන්ම මෙරලන් ජයකොඩි ගෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here