ලොව මිල අධිකම කෝපි වර්ගය

0
74

ලොව සාම්ප‍්‍රදායික ඇරබිකා හෝ රොබස්ටා කෝපි සංකලනයක් නොවුනද ’බ්ලැක් අයිවරි’ යනු ලොව මිල අධිකම කෝපි වර්ගයකි.

මෙහි විශේෂත්ය එහි රස පමණක් නොව එය සාදන ක‍්‍රමයයි.

මන්ද යත්, ’බ්ලැක් අයිවරි’ කෝපි වර්ගය සාදා ගන්නේ අලින් ගේ අසූචි වලින් ගන්නා ලද කෝපි ගෙඩි වලිනි.

මෙම කෝපි විශේෂය නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇත්තේ උතුරු තායිලන්තයේ අලි අනාථාගරයක් වන ගෝල්ඩන් එලිෆන්ට් ට‍්‍රයැන්ගල් පදනමේ සිටින අලින් ය.

සේවකයන් විසින් අලි අසූචි වලින් අහුලා ගන්නා කෝපි ගෙඩි අව්වේ වියළුනු පසුව බැදගැනීමෙන් මෙම කෝපි වර්ගය සකසා ගනියි.

’බ්ලැක් අයිවරි’ කෝපි එක් කිලෝග‍්‍රෑමයක් සකසා ගැනීමට කෝපි ගෙඩි කිලෝග‍්‍රෑම් 33ක් පමණ අවශ්‍ය වන බව එහි නිල වෙබ් අඩවියේ දැක්වේ.

මෙම දුර්ලභ කෝපි කිලෝවක මිල ඇමෙරිකානු ඩොලර් 1,100ක් පමණ වන බවද විදෙස් වාර්තා වල දැක්වේ.

මේ හේතුවෙන් එය අලෙවි වන්නේ තායිලන්තයේ, මාලදිවයිනේ හා එක්සත් අරාබි එමිරේට් රාජයයේ තරු පහේ හෝටල් අතලොස්සක පමණි.

මෙම හෝටලයක ’බ්ලැක් අයිවරි’ කෝපි කෝප්පයක මිල ඇමෙරිකානු ඩොලර් 50ක් පමණ වේ.

අලින් ගේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති බව ඉන්සයිම ප‍්‍රතිකි‍්‍රයා හේතුවෙන් කෝපි වල තිත්ත ඇති කරන ප්‍රෝටීන බිඳ දමන බැවින් ’බ්ලැක් අයිවරි’ කෝපි තිත්ත නොවන බව එහි නිර්මාතෘවරයා වන 42 හැවිරිදි කැනේඩියානු ජාතිකයෙකු වන බ්ලේක් ඩින්කින් කියයි.

අමු කෝපි ගෙඩි කෑමෙන් අලින් ගේ ශරීරයට කැෆේන් උරානොගන්නා බවත්, මෙම කි‍්‍රයාවලිය හේතුවෙන් අලින්ට කිසිඳුහානියක් නොවන බව වෛද්‍ය පරීක්ෂණ වලින් ඩින්කින්ගේ පර්යේෂණ වලින් අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් ’බ්ලැක් අයිවරි’ කෝපි වල සම්පූර්ණ අලෙවියෙන් 8%ක ප‍්‍රමාණයක් ද ගෝල්ඩන් එලිෆන්ට් ට‍්‍රයැන්ගල් පදනමේ මෙම අලිඇතුන්ගේ සෞඛ්‍ය සේවා සඳහා වෙන් කර ඇත.


Dushmantha Yalinga

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here