පූලාන් නම් වූ ඇය !

0
38

තාත්තා අම්මා තමන්ගේ අසරණ දුවව දූෂණය කරන්න එපා කියා ඉල්ලද්දී,
පියෙකුගේ ඉදිරියේම පොලිස් නිලදරයෙකු අතින් දූෂණය වී යෞවනියකගෙන් ගැහැණියකගේ තත්වයට පත්විය.

“ඕකි අර කාකි කාරයන්ගේ අතින් තැලිලා ඉන්නේ ලස්සන වුනාට වැඩක් නෑ”

සමාජයේ අනෝරාවිද අවලාද කතා අසමින්,
ඉන් ලැබූ කෝපාවිෂ්ඨ පන්නරයක අවසානයේ,
එකී පොලිස් ස්ථානයද ඇතුලුව පොලිස් ස්ථාන පහළොවකුත්,
එහි සේවය කළ නිලධාරීන් සිය ගණනක් ඝාතනය කරන්න තරම් ඒ ගැහැණිය යක්ෂණියක් බවට පරිවර්තනය විය.

පියෙක් සිය ලෙයින් උපන් දියණිය පාපතරයෙකු අතින් දූෂණය වීම බලා හිඳින්නට වන..ඒ හැඟීම ඔබ හිතන්න.

අවසානයේ ඇය තමන්ගේ සලු ගලවා නිරුවත් කළ පොලිස් ඉස්පෙක්ටර්වරයාව කෙළ ගසමින්, ඔහුගේම දරුවන් ඉදිරියේම ඝාතනය කළාය. පුංචි කෙල්ලක් මෙකී අයුරින් මුලුමහත් භාරතයම දෙදෙරවමින්,
අමන පාලකයන්ට සහ උන්ගේ කටු ලෙවකන ආරක්ශකයන්ට ඇගේ නම ඇසූ පමණින් ඇඳිවතේ මුත්‍ර පිටවෙන තරමටම ඈ බිහිසුණු වූවාය.

කුල හීන බාවය නිසාවෙන් වංශවතුන්ගේ පීඩනයට පමණක් නොව, රුවැත්තියක් වූ නිසාවෙන් ලිංගික හිසනයට පවා පත්වමින්, සමාජ අයුක්තිය ස්ත්‍රී දූෂණය සහකුල වාදය කර පින්නා ගනිමින්, ඇය තම අවියෙන් හිස් සිදුරු වෙන්නට වෙඩි තබා ජය ඝෝෂා කරන්නටද පසුබට නොවූවාය.

ඇය පමණක් නොව ඇය වටා මහා ජනකායක් එකතු වමින අවසානයේ ඇගේ ජීවිතය විනාශ කළ සියල්ලන් මිහිදන් කරවූ පසු,
ඇය සිය හමුදාව විසුරුවා හරිමින් නීතිය හමුවේ බාර වී වසර දාසයක සිරදඬුවම් විඳීමෙන් අනතුරුව යළි නිදහස්ව විත් මහජන චන්දයෙන් උත්තර් ප්‍රාන්ත පාර්ලිමේන්තු නියෝජිත්වරියක් වී
පසුව ගහලයෙකුගේ වෙඩි උණ්ඩ පහරකින්,
උත්තරීතර යයි කියන පාර්ලිමේන්තුව ඉදිරියේම ඝාතනය විය.
එසේ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුල මිස ඇගේ සටන් බිම තුල නොවේ.

යකඩ ගැහැණියක් වූ ඇයව ඝාතනය කරනුයේ අවිබිම තබා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට පැමිණෙන තෙක් සිට මිස ඇයව කිසිම විටෙක ඝාතනය කරන්නට නොව දුටුවත් මුත්‍ර පහවන තරම් එඩිතරත්වයක් ඇය උපයාගෙන තිබිණ.

ගැහැණියක් යකඩයක් වන්නේ කෙසේද?

උපතේ දී පමණක් නොව විපත දක්වාම ගැහැණියක් ජීවිතේ ගතකරනුයේ සියුමැලිව බවබහුතරයක් පිළිගන්නා මතයයි.
එනම් කාන්තාව යනු ලෝකයේ සෑම වේදනාවක්ම උහුලාගනිමින් ලිප් බොක්කේ තැපිය යුතු වහලියක් යන්නයි.
ඇයත් එලෙස කලක් ඉවසීමෙන් අනතුරුව අයුක්තියට අසාධාරණයට එරෙහිවමින් මුලු ලෝකයේම ගැහැණුන්ට පාඩමක් කියා දුන්නාය.

ආදරය විරහව ප්‍රේමය වෛරය සමාජ දූෂණය අතර මැද සටන් කල ඇය
ලාංකීය සමාජයේ සෑම පීඩිත කාන්තාවක්ම කියවා ගත යුතුම චරිතයකි.
අවාසනාවට මුග්ද පාලකයන් ඇගේ කතාව සඳහන් කළ කිසිදු ග්‍රන්ථයක් පවා පුස්තකාල පොතක් වශයෙන් හෝ පිලිගෙන නොමැත.

“ඇය නමින් පූලාන් දේවි”

ඇයටත් තිබුනා දූෂණය වූ නිසාවෙන් ඉන්දියාවේ අනෙකුත් කාන්තාවන් සේම සි‍යදිවි නසාගන්න
එහෙත් ඇය සටන් කලා තමන්ගේ පති වත නිදහස අහිමි කරගනිමින්
අනෙක් ගැහැණිය වෙනුවෙන් හඬක් නගන්න.

“ගැහැණියක් සූර දූතිකාවක් වන්නේත්, යක්ෂණියක් වන්නේත් සමාජයේ ක්‍රියා පටිපාටිය මගින්ය”

-පූලාන් දේවි-

මේ වෑයම අසාධාරණය හමුවේ සටන් කරන තවත් පූලාන් දේවිලාට ධෛර්‍යක් ඇති කරනු පිණිසය.

“ස්ත්‍රීත්වය මුළුතැන්ගෙයට මුලු ගැන්වුණු මෙවලමක් නොව, ලෝකයක් දිග්විජය කරන්නට උපන් ආයුධයකි”

|අදහස: ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ|

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here