තිරිසන් මිනිසුන් අට දෙනෙකු අතින් දුෂණය වූ සූනිතා ක්‍රිෂ්ණන්ගේ දුක්ඛිත කථාව !

0
46

උන් ඒ ඉස්කෝලෙ යන පුංචි කෙල්ලව උස්සන් ගිහිල්ල දූෂණය කරා. , දෙන්නෙක් , තුන්දෙනෙක් ? නෑ . අට දෙනෙක්. ඒ කාලකන්නි මෙි ලස්සන පොඩි කෙල්ලගෙ ආත්මය තිත්ක අදුරෙන් වැහුව. ඒත් ඒ ඇටපල් කලුවරේම ඒ මල කදුලු අතරින් පෙති විහිදලා හිනැහෙන්න පටන් ගත්තා.
ඉතිං මිතුර අපි කියනව උදෑසන හෝ දහවලේදී පමණක් නොවෙයි රාත්‍රී අන්ධකාරයේත් මල් පිපෙනවා
=========================================
සුනීතා ක්‍රිෂ්ණන් ගේ කතාව
Sunita Krishnan’s story
=========================================
ඉංදියානු රාඡ්‍යයේ ඉහළම සිවිල් සමිමානය වන පද්ම ශ්‍රී සමිමානය 2016 දී ඉංදියානු රාඡ්‍යය පුදදෙනු ලැබුවෙි ‘‘ ලිංගික සූරෑකෑමට ‘‘ එරෙහිව අභීතව නැගීසිටි සුනීතා ක්‍රිෂ්ණන් නැමැති දිරිය ගැහැණියටය.

සුනීතා ක්‍රිෂ්ණන් උපත ලැබුවෙි මලයාලමි ඡාතික මවුපියන්ට දාව 1972 දී බැංග්ලෝරයේය. ඇය උපතේ පටන් වෙනස්ව සිතන පතන හා ක්‍රියාකරන දැරිවියක බව ඇය ඇගේ වයස 8 දී ඉංදියාවෙි කුලහීන දරැවන්ට නර්තනය උගැන්වීමට පටන් ගැනීමෙන්ම අපට පෙනේ’ ඇය ඉන් නොනැවතී ඇයට යන්තමි වයස 14 ක් පමන වනවිට ඉංදියාවෙි කුලහීන ඡනතාවක් ලෙස සැලකූ දාලිත් කුලයේ දුගී දරැවන් එකතුකර පුංචි කාමර කෑල්ලක් කුලියට ගෙන නොමිලේ උගැනවීමට පටන් ගැනීම මෙි කතාවෙි ආරමිභය විය. ඉංදියාව යනු කුලවාදය නැමති නාරාවලේ කරවටක් ගිලී ගිය මිනිසුන් වෙසෙන රාඡ්‍යයකි. සුනීතාගේ මෙි අඩු කුලයේ දරැවන්ට අධ්‍යාපනය ලබාදෙන එක කුලීන සමාඡයයට දිරවාගත නොහැකි දර්ශනයක් විය. එහි ප්‍රතිපලය වුයේ වියරැ මිනිසුන් 8 දෙනෙකු එකතුව මෙි කෙල්ලව දූෂණය කිරීමයි. එවිට අැයට වයස 15 කි. ඇය නොමැරී එය දරාගත්තේ කෙසේ දැයි අපගෙන් නාසන්න.

දූෂණයෙන් පසු ඇය තවදුරටත් දරැවන්ට උගන්වන්න ගියේ නැත. ඒ ඇය කඩා වැටුණු නිසා නොවෙි. විශ්මිත ලෙස දූෂණය ඇගේ අරමුණු ශක්තිමත් කර තිබූ අතර ඇයට ස්ථිරසාර ඉලක්කයක් තිබිණි. ඇය උසස් අධ්‍යාපනය සදහා දිගටම වෙහසවුනු අතර මනෝ වෛද්‍ය විද්‍යාවෙිදී උපාධියකින් එය අවසන් කලාය. අනතුරැව කාන්තාවන්ගේ සිවිල් අයිතිවාසිකමි උදෙසා පාරට බැස්සාය. එය ඇයට සිරගෙදර බත් කෑමට ප්‍රථම වරට හුරු කලේය. 1996 දි බැංග්ලෝර් තරැනියන් ලෝක රැප රාඡිනි තරගවලට සහභාගිවීම නැවත්වීම සදහා කල ඇගේ උද්ඝෝෂණයක් නතර වුයේ ඇයට මාස දෙකක සිර දඩුවමක් ලබා දෙමිනි. සිර දඩුවම අවසානයේ ඇය සිය නිවෙසට ආ විට ගෙදර ඇයට තිබූ පිළිගැනීම එතරමි යහපත් නැත. සුනීතා එය මායමි නොකරමින් 1996 දී සිය නිවෙසද දෙමවිපියන්ද අතහැරීමට තීරණය කලාය. එය මොන අන්දමකින් හෝ ඇයට පහසු තීරණයක් වුයේ නැති බව ඇත්තය. එහෙත් සුනීතා ඔවුන් අතෑර දැමූවාය. අරමුනේ ස්ථරසාරබව ඉන් මොනවට පැහැදිළිය.

එවකට කාන්තා අයිතිවාසිකමි වෙනුවෙන් පෙනීසිටි පල්ලියේ පුඡකවරයෙකු වු ඡෝස් වෙතිකාල් හමුවූ ඇය හයිද්‍රබාද් නගරයට පැමිණියාය. පසුව ඇය ලිංගික හිංසනයෙන් හා දූෂණවලින් මානසිකව කඩා වැටුණු ගැහණුන් වෙනුවෙන් ‘‘ ප්‍රඡ්වාලා ‘‘ නැමති සංවිධානය පිහිටවුවාය. එහි ප්‍රථම කාර්යය වුයේ හයිද්‍රාබාද්හි ‘‘ රතු එළිය ‘‘ නැමති ඉංදියානු ගණිකාවන් වෙසෙන ප්‍රදේශයේ නිවෙසක් කුළියට ගෙන එහි ගණිකා වෘත්තියේ යෙදුණු ගැහැණුන්ගේ දියණියන්ට පාසැලක් විවෘත කිරීමයි. මෙි පාසැලට පැමිණි දැරියන්ද සිය මවුවරැ මෙන්ම දුෂණයට ලක්ව සිටි දැරියන්ය. සුනීතා මෙි සියලු දැරියන්ට මනාලෙස අධ්‍යාපනය දෙමින් ඔවුන්ට ස්වයං රැකියා පුහුණු කරමින් හා රැකියා අවස්ථා සොයාදෙමින් නැවත ගණිකා වෘත්තියට නොයනසේ කාරැනිකව හා දක්ෂ ලෙස ඔවුන් මෙහෙයවුවාය. ඇගෙන් යහපත් මාර්ගය තෝරාගත් දැරිවියන් ගණනින් අටදහස ඉක්මවයි. ඇය මෙි වනවිට හයිද්‍රබාද්හි පාසැල් 19 ක දූෂණයට ලක්වූ පාසැල් සිසුවියන් වෙනුවෙන් සති පතා වෛද්‍ය සායන පවත්වයි.

‘ වරක් නෙල්සන් මැන්ඩෙලා සමරැ තිලිණය ලැබු සුනීතා අල් ඡසීරා පුවත් නාලිකාවට මෙසේ කියා තිබුණාය ‘‘ ඔබලා දන්නවාද ඉංදියාවෙි වහල් ශ්‍රමිකයො කොචිචරක් ඉන්නවද කියල ? තිස් ලක්ෂයක් .මෙි තිස් ලක්ෂයකගෙ දූවරැ හෙට වෙනකොට තවත් තිස් ලක්ෂයක් දූෂණය වීම සදහා ලැස්තිකරන රටක මිනිස්සු අපි. මෙි දූෂකයො සමාඡයේ වීරයෝ කරන එකත් උන් නීතියෙන් බෙරී සිටිම ගැනත් අපි ඉංදියානුවන් විදිහට ලැඡ්ඡා විය යුතුයි ‘‘.
මෙි වනවිට ඇගේ ප්‍රඡාවාලා සංවිධානය විසින් ලිංගික ඡාවාරමි කරැවන්ගේ ග්‍රහණයෙන් බෙිරා ගත් දැරිවියන්ගේ ගණන 12,000 කි. සුනීතාගේ ප්‍රඡාවාලා සංවිධානය ගොඩ නැගී ඇත්තේ කුලුණු පහක් මතය. දුෂනයකින් බෙිරා ගැනීම, වැළක්විම , පුනරැත්ථාපනය, වින්දිතයාව මානසිකව ගොඩ නැගීම හා දූෂකයාට දඩුවමි ලබාදීම එම කුලුණුවෙි..

ය විවාහවුයේ ඉංදියාවි තිරනාටක රචකයෙකුහා අධ්‍යක්ෂකවරයෙක් වන රඡේෂ් වචීර්වර් සමගය ඔහු හා එකතුව ඇය නිෂ්පාදනය කල ඉංදිීය ගැහැණුන්ගේ ලිංගික සුරාකෑම විදහා දැක්වෙන චිත්‍රපටිය ‘‘ නා බන්ගාරැ ‘‘ ඉංදි්‍යානු රාඡ්‍ය සමිමාන තුනක් දිනා ගත්තේය. 2003 දී ඇය ඉංදීය රාඡ්‍යයෙන් කරබා නොසිට මෙි දූෂණයට ලක්වූ වින්දිතයන් පුනරැත්ථාපනය කිරීමට හා වන්දි ලබාදීමට වහා මැදිහත් විය යුතුයැයි ඉල්ලා සිටියාය . ඒ අනුව ඉංදීය රඡය කර්නාටක, උත්තර ප්‍රදේශ් , තමිල්නාඩු, දිල්ලි. බටහිර බෙංගාලය හා මහාරාෂ්ට ප්‍රාන්තයන් හි දූෂණයට ලක්වූවන් වෙනුවෙන් පුනරැත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවා වින්දිතයන්ට වන්දි ලබාදීමෙි කාර්යයයේ දැන් නිරත වෙයි. සුනීතා ක්‍රිෂණන් මෙි වනවිට දූෂණයට එරෙහිව නිෂ්පාදනය කල චිත්‍රපටි ප්‍රමාණට 11 කි. ඇගේ දූෂණයට එරෙහිව නැගී සිට ඇය වින්දියන්ට කල අප්‍රමාණ සේවය වෙනුවෙන් මෙි වනවිට ලැබූ ඉංදියානු සහ ඡාත්‍යන්තර සමිමානවල එකතුව 49 කි ඒවා යමි මිනිසෙකුට සිය ඡිවිත කාලය තුළ ලැබිය හැති ඉහළම ශ්‍රේණියේත් ගෞරවනීයබවෙිත් සමිමාන වෙි ..
===================================

Upali Jayasinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here