ස්ත්‍රී අඩ නිරුවත් විරෝධය

0
66

ස්ත්‍රී අඩ නිරුවත් විරෝධය
=======================================
ප්‍රංශයේ පැරිස් නුවර පැවත්වෙන පළමු ලෝක යුද්ධය අවසාන වී වසර 100 ක් ගතවීම සැමරීමට ඊයේ එකී යුද්ධය නිර්මාණය කල දායකත්වය දුන් සහ අවසන්කල ලෝක නායකයෝ රැස්වූහ. ඊට ඩොනල්ඩි ට්‍රමිප්, ඇන්ඡලා මෙිකල් , පූටින් , එමානුවෙල් මැක්රෝන් සහ තේරේසා මෙි ද එකතුවූ අතර එයට සහභාගීවීම පිනිස ගිය ඩොනල්ඩි ට්‍රමිප්ගේ රිය පෙළ අතරමගදී උඩුකය නිරැවත් කාන්තාවක් කඩා වැදිණි . මොහොතකින් ඇය පොලිස් අත් අඩංගුවට පත්විය. ඉතිරි උඩුකය නිරුවත් කාන්තාවෝ රථ පෙල යන මාර්ගයේ සිට රතු පැහැති අකුරෙන් විරෝධතා පුවරැ ඔසවාගෙන කෑගෑසුහ. එම පුවරැවල සුප්‍රකට නවකතාකරැ ඡෝර්ඡ් ඔවල් ගේ උපුටනයන් සටහන් කර තිබීනි
‘‘ අවිද්‍යාව කියන්නෙ ශක්තියයි, සාමය කියන්නේ යුද්ධයයි, නිදහස කියන්නේ වහල්භාවයයි ‘‘
තවත් පුවරැවක
‘‘ යුධ අපරාධකරැවෝ සාදරයෙන් පිළිගනිමු ‘‘ යැයිද
ඔවුන්ගෙන් එක් කාන්තාවක්ගේ පිටෙි
‘‘ යුද්ධයේ තිරිසන්නු සාදරයෙන් පිලිගනිමු ‘‘ යනුවෙන්ද
තවත් අයෙක් ගේ පපුව මත
‘‘ ව්‍යාඡ සාමයේ නිර්මාතෘවරැ ‘‘ ලෙසද සටහන්කොට තිබිණි
ඔවුහු ඩොනල්ඩි ට්‍රමිප් යනවිට ‘‘ ඒකාධිපතියා ‘‘ යනුවෙන් කෑ ගැසූහ
ඇන්ඡලා මර්කල් යනවිට ‘‘ සැබෑ යුධ අපරාධකරැවෝ ‘‘යයි කෑ ගැසූහ.මෙි නිරුවත් කාන්තා සංවිධානය යුක්රේනයේ FEMEN,නැමති කාන්තා සංවිධානයයි. එය ස්ත්‍රීවාදී සංවිධානයකි. ඔවුහු නිරන්තරයෙන් සිය විරෝධතාවයන් අවසන් වීමට පෙර පොලිස් අත්අඩ‘ගුවට පත්වෙති. ඔවුහු ලිංගික ප්‍රචන්ඩත්වයට, සමලිංගික භිතිකාවට, හා වෙනත් දේශපාලන හා සමාඡීයය ප්‍රශ්න හමුවෙි සිය විරෝධය දක්වන සුප්‍රකට කණ්ඩායමකි.
=========================================

Upali Jayasinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here