යුද්ධයකින් විනාශවී ගිය රටක් නැවත සමෘධිමත් රටක් කරන්නේ කෙසේද ?

0
50

යුද්ධයකින් විනාශවී ගිය රටක් නැවත සමෘධිමත් රටක් කරන්නේ කෙසේද ?
========================================
අපේ දේශපාලකයෝ සියල්ලෝ හැරී බැලිය යුත්තේ අප්‍රිකානු මහද්විපයේ රටවල් දෙසටය. ඉනුත් ඉතා සීග්‍ර දේශපාලනික, ආර්ථික හා සාමාඡයීය ප්‍රගතියක් කරා යමින් සිටින රුවැන්ඩාව දෙසටය.

ශ්‍රී ලංකාවෙි සිවිල් යුධ තත්වයෙන් මිය ගිය මිනිසුන් 1971 සිට 2018 තෙක් බැලුවත් ලක්ෂයකට හෝ ඊට ටිකක් වැඩි අගයක් ගනු ඇත. අපේ රටේ දේශපාලකයා බලය ගත්තේ, නැවත බලයට එන්නේ ඒ මිය ගිය මිනිසුන් විකුණාගෙන කෑමෙනි. නැවත යුද්ධයක් ඇතිවිය හැකියැයි ඡනතාව බියට ‍පත්කරමිනි. යුද්ධය නැමති සංකල්පය මිනිස් සංතානයෙන් බැහර කිරීමට ඔවුනට කිසිදු අදහසක් නොමැත. එහෙත් රුවැන්ඩාවේ 1990 සිට 1994 දක්වා පැවති ඡාතිකවාදී සිවිල් යුද්ධය එරට පළමු දින සියය තුල පමණක් මිනිසුන් දශ ලක්ෂයක් මරා දැමීය. තුන්ලක්ෂ තිස්හයදහසක් හුටු නැමති ඡනවර්ගය අනාථ කදවුරු කරා දක්කනු ලැබීය.ඒ ඡුවාන් හබාරිමානාගේ පාලන තන්ත්‍රය රුවැන්ඩා රාඡ්‍යය පාලනය කල සමයයි. 1993 අවසානයේ දී හුටූ සහ ටුසී ඡනවර්ගවල එකගතාවයෙන් යුද්ධය සහමුලින් නැවත්වු අතර 2003 දී පෝල් කගමේ Paul Kagame එහි ඡනාධිපති වරයා වශයෙන් පත්විය.

කගාමේ සියලු යුධ අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරූ අතර සියලු යුද්ධයෙන් අනාථවුවන්ට රැකවරන සැලසීය. හේ සිය පාර්ලිමේන්තුව තුල ස්ත්‍රී නියෝඡනය පුරුෂ නියෝඡනයට වඩා ඉහළ දැමු අතර, සියලු ඉහළ රාඡ්‍ය තනතුරු සදහා ස්ත්‍රීන් කැදවීය. ඔහු ඒ තුලින් අපේක්ෂාකලේ රුවැන්ඩියන් ගැහැණිය පිරිමියා හා සම තත්වයට ගෙන ඒමට ගත් උත්සාහයත්, පුරුෂයන් අත තිබූ දේශපාලන හා ආයතනික බලය ස්ත්‍රීය අතට දී රාඡ්‍යයේ හොරකම වංචාව හා දූෂණයට තිත තැබීමත්, රාඡ්‍ය ප්‍රචන්ඩත්වය කරා ගෙනයන අශිලාචාර දේශපාලනය අවසන් කිරීමටත්ය. එය අද වන විට අතිශය සාර්ථකය. 2018 දී රුවැන්ඩා පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝඡනය 64% කි. රාඡ්‍ය මන්ත්‍රණ සභාව තුල එවැනි ස්ත්‍රී නියෝඡනයක් ඇති ලෝකයේ පළමු රට හා එකම රට එයයි. එය ආදර්ශයට ගනිමින් ඉතියෝපියාවද තම පාර්ලිමේන්තුව තුල ස්ත්‍රී නියෝඡනය 50% දක්වා ගෙනවිත් ඇත.

රටේ ආර්ථික වර්ධනය උදෙසා අධ්‍යාපනයේ ඇති වටිනාකම සහ අගය රුවැන්ඩියානු පාලකයෝ මනාව හදුනති. 4 වැනි ශ්‍රේණියේ සිට ඔවුහු තම දරුවන්ට ඉංගි්‍රීසි භාෂාව සහ ප්‍රංශ භාෂාව උගන්වති. 2017 වනවිට තිබූ 4.7 ක්වූ සිය ආර්ථක වර්ධන වේගය 2018 සැප්තැම්බරය වන විට 7.2 දක්වා ගෙන ආ රුවැන්ඩාව නිවෙසක් නැති සිය රට වැසියාට නිවෙසක් ලබාදීමේ සුවිසල් උත්සාහයක යෙදී සිටී. වර්ග වාදය හෝ ඡාතිවාදයේ ලකුණක් හෝ ඉතිරි නොකරමින් එක් ඡාතියක් සේ ඔවුහු සිය රට ගොඩනැගීමට වෙහෙස වෙමින් සිටිත්.

ඔවුන්ගේ ඉලක්කය 2012 සිට 2022 වන විට ඡනතාවගේ ක්‍රය ශක්තිය අනුව මිලදී ගත හැකි නිවාස තුන් ලක්ෂ හතලිස් හතර දහසක් ඉදිකිරීමටය. මේවනවිට ඉන් අඩක් නිමා කර ඇති අතර 2017 දී රඡය සිය නිවාස ප්‍රතිපත්තිය වෙනුවෙන් මධ්‍යම ප්‍රමාණයේ ගොඩනැගිලි විසි දෙදහසක් වෙනුවෙන් හෙක්ටයාර් 257 ක් ලබා දී ඇත..
2017 රුවැන්ඩාව විදෙස් සංචාරකයන් මිලියන 1.17 සිට රටට ගෙන්වා ගත් අතර ඉන් රාඡ්‍ය ලැබු ආදායම ඩොලර් මිලියන 440 කි.
රුවැන්ඩියානු ඡනතාව මොනතරම් විනයානුකූල හා සිරිත් විරිත් අතින් පෝෂිතදැයි මෙම ලිපියට අදහස් දක්වන පන්සිලු විතානගේ මහතා මෙසේ කියයි. ”ඉතාමත් පිරිසිදු රටක්. අගනුවරවත් නෑ ආසාවට දකින්න ටොෆි කොලයක් බිම.”
=========================================

Rohana Wijeweera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here