ලෝක‍‍යේ නොදියුණුම හා දිළිදුම රටවල් , බහුතර ඡනතාවක් ආගමික භක්තියන් සිටින රටවල්ය

0
42

තිත්ත වුනත් ඇත්ත කතන්දරේ ඒකය.ලෝකප්‍රකට ගැලප් පර්යේෂකයන්ට අනුව අප සිටින්නේ එහි ප්‍රථම හතරදෙනා අතරය.පිලිවෙලින් පළමු ස්ථානය ඉතියෝපියාවත් දෙවැන්න නයිඡර් රාඡ්‍යයත් තෙවැන්න මලාවි සහ හතර වැන්නා අපිය. එ් සියලු රටවල් වල ඡනතාවගෙන් 99% ක්ම ආගමික භක්තිකයෝය. පිලිවෙලේ ඊළගට ඉන්නේ බංග්ලාදේශය, යේමනය , ඉංදුනීසියාව,සෝමාලියාව , තායිලන්තය, සෙනගාලය සහ ඊඡප්තුව වැනි රටවල්ය. එහි තවදුරට ගියත් දියුණුයැයි ලෝකයේ සමිමත කිසිදු රටක් මෙම දර්ශකයේ ලෝකයේ තුනෙන් එකක් රටවල් පසුකර ගියද ඔබට හමුනොවෙි.
ආසියානු මහද්වීපයේ සියලු සිවිල් යුධ තත්වයන් හෝ ප්‍රචන්ඩත්වයන් වලට මුල බීඡය ආගමිකත්වයයි. එය අපෙන් පටන් ගෙන ඉංදියාව, පකිස්ථානය, බංග්ලාදේශය ඇෆ්ඝනිස්ථානය හරහා සියලු මැද පෙරදිග රටවල් වලට පොදු ධර්මතාවයක් වී ඇත. එය අප්‍රිකා මහද්වීපයේ තුනෙන් දෙකක් හෝ 80% ක් රටවල ඡනතාව මෙි මොහොතේද ලක්ෂ ගණනනක් මරා දමමින් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයක් අවතැන් කරමින් අසරණ හා අනාථ කරමින් සිටී. මැද පෙරදිග ආගමික ප්‍රචන්ඩත්වය අවුලවන්නන් දෙදෙනෙකි. එකෙක් ඉරානය වන අතර අනිකා සවුදි අරාබියයි. මෙි සියලු කාලකන්නි රටවල් තවමත් සංවර්ධනයේ මුවවිටය නැතහොත් දරිද්‍රතාවයේ පතුලේය.මෙි කිසිදු ආගමික ප්‍රචන්ඩත්වයක් ‍‍හෝ යුධ ගැටුමක් ආගමික නායකයන් නිර්මාණය කර ඇත්තේ සිය භක්තිමත් ඡනතාවට නිවෙසක්, ආහාරපාන, සෞඛ්‍ය පහසුකමි හෝ අද්‍යාපනය ලබා දීමට නොවෙි. සියල්ල තම ආගමික බලය තහවුරැ කර ඒ මගින් දේශපාලන බලය තහවුරැ කර ගැනීම බව ඒ රටවල නොදියුණු පසුගාමි චින්තනයන් හෙබි ඡනතාවට නොවැටහේ. නැතහොත් නොවැටහෙන බව ඔවුහු අගවති. ශ්‍රී ලංකාවටද සිටින්නේ එවැනි ඡනතාවකි.ලෝක‍‍යේ ආගම ප්‍රතික්ෂේප කල ඡනතාව අතරින් අංක එකට සිටින්නේ චීනයයි. එහි ඡනතාවගෙන් ආගම අදහන්නේ 13% කි එය 2030 දී ලෝක බලවතා වීමට උත්සාහ කරන රාඡ්‍යයි. දෙවැන්නා සළුිඩනයයි එහි ආගම අදහන්නේ 17% ක ඡනතාවකි. ලෝකයේ සියලු සංවර්ධිතයැයි සැලකෙන රටවල් ගත්තද එහි ආගම අදහන මිනිසුන් සිටින්නේ 50% කට අඩුවෙනි. ඉන්ද කැනඩාවෙි 22% කි. ඩෙන්මාර්කයේ 19% කි ප්‍රන්සයේ හා එංගලන්තයේ 27% කි ඡපානය හෙංකොන් 28% කි ඡරමනියේ 30% කි එංගලන්තය රැසියාව 32% කි අපි 99% කි.
අපේ රටවල් වැනි ලෝකයේ සියලු රටවල ධනපති පාලකයෝ සිය මැතිවරන ඡයග්‍රහණය කරන්නේ රටට සංවර්ධනය පිනිස යමක් කර හෝ පෙන්වා නොවෙි. ඔවුහු සියලු මැතිවරන ඡයග්‍රහණ කරන්නේ ආගම හා සබැදි සිය බහුතර ඡාතියේ ඡයග්‍රහන මවා පෙන්වමිනි. තිස් අවුරැදු යුද්ධකදී LTTE සංවිධානය ඒ මොහොත තුල ගැහුවෙි සිංහලයාගේ රිදෙනම තැනටය. ඒ දලදා මාලිගයටය. ඡයශ්‍රී මහා බෝධියටය. සිංහලයාගේ ඒ මොහොත වන විට රිදෙනම තැන සිය බඩවත් , නිවෙස , සෞඛ්‍ය හෝ අධ්‍යාපනය නොවන බවත් උන් දැන සිටියහ.
========================================

– Upali Jayasinghe-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here