රත්තරනින් බැබලෙන ලොව ධනවත්ම හින්දු දේවාලය !

0
96

ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකට අධික ප්‍රමාණයක රන් කාසි, රන් දම්වැල්, දියමන්ති යොදා නිමකරන ලද ප්‍රතිමා හා විවිධ මැණික් වර්ග වලින් සමන්විත ගුහා හයකින් යුක්ත හින්දු දේවාලයක් අසල්වැසි ඉන්දියාවේ ඇති බව ඔබ දැනගෙන සිටියාද?

ලොව ධනවත්ම හින්දු දේවාලය ලෙස සැලකෙන ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තිරුවනන්තපුරම් (Thiruvananthapuram) ප්‍රදේශයේ පිහිටා තිබෙන ශ්‍රී පද්මනාබස්වාමි දේවාලය පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූයේ එහි රහසිගත ලෙස සඟවා තිබූ අති විශාල ධනය හේතුවෙන්.

විෂ්ණු දෙවියන් වෙනුවෙන් තැනුණු පද්මනාබස්වාමි දේවාලය

මීට වසර 5000කට පමණ ඉහතදී විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න පටන් ගන්නට ඇතැයි පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් විසින් උපකල්පනය කරන නමුත් පද්මනාබස්වාමි දේවාලයේ ආරම්භය පිළිබඳව එතරම් පැහැදිලි සාක්ෂියක් ඉතිහාසයෙන් සොයා ගැනීම අපහසු වී තිබෙනවා.
තවත් මූලාශ්‍රයන්ට අනුව මෙම දේවාලය 16 වන ශතවර්ෂයේදී ගොඩනඟා තිබෙන අතර ත්‍රිවන්කෝර්හි රජවරුන් (Kings of Travancore) විසින් ඝන ගල් බිත්ති යොදාගනිමින් ඉතා ශක්තිමත් ගුහා හයක් නිර්මාණය කළ බව දැක්වෙනවා. මෙම ගුහා අනවසරයෙන් විවෘත කිරීම තුළින් මහත් ව්‍යසනයක් ඇතිවිය හැකි බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා. ගුහා විවෘත කිරීම මගින් ඒ තුළ සිටින විශාල නාගයින් දෙපළක් මතු විය හැකි බවත් එය ඉතා විනාශකාරී විය හැකි බවත් ජනප්‍රවාදයේ තව දුරටත් සදහන්ව තිබෙනවා.

සම්ප්‍රදායික මහරාජාවරුන්ගේ පාලනයට නතු වූ දේවාලය

ක්‍රිස්තු වර්ෂ 16 වන සියවසේ සිට දේවාලයේ කළමනාකාරීත්වය සිදු කරන්නේ ත්‍රිවන්කෝර්හි රාජකීය පරපුරකට අයත් වූ මහරාජාවරුන් විසිනි. ඒ අනුව 2013 වසරේ සිට වර්තමානය දක්වා දේවාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මෝලම් තිරුනාල් රාමා (Moolam Thirunal Rama Varma) නම් මහරාජාවරයායි.

2011 වසර පමණ වන විට පද්මනාබස්වාමි දේවාලය තුළ ඇති වස්තුව පිළිබඳව ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකය පුරාම විවිධ අන්දමේ ආන්දෝලනාත්මක පුවත් පැතිරී යනවා. මෙතරම් විශාල ධනයක් එක් මහරාජාවරයෙක් ඇතුළු ඉතා සුළු පිරිසක් විසින් කිසිඳු විනිවිධ භාවකින් තොරව පාලනය වීම පිළිබඳව හිටපු පොලිස් නිළධාරියෙක් වන සුන්දර රාජන් (Sundara Rajan) විසින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනවා. ඒ 2011 වසරේදි යි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here