ස්‌වීඩන් පොලිසිය සෙල්ලම් තුවක්‌කුවක්‌ අතැතිව සිටි රෝගී තරුණයකු වෙඩි තබා මරයි !

0
103

සෙල්ලම් තුවක්‌කුවක්‌ රැගෙන යමින් සිටි 20 හැවිරිදි තරුණයකුට ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම්හිදී පොලිසිය විසින් වෙඩි තැබීම නිසා මියගොස්‌ තිබේ.

ඩවුන් සින්ෙඩ්‍රාම් රෝගී තත්ත්වයට පත්ව සිටි එරික්‌ මොරෙල් නමැති මන්ද මානසික තරුණයකු මෙසේ වෙඩි වැදීමෙන් මියගොස්‌ තිබේ.

කිසියම් පුද්ගලයකු තුවක්‌කුවක්‌ අතැතිව ගමන් කරන බවට ජනතාවගෙන් ලැබුණු තොරතුරු මත පොලිසිය එහි ගොස්‌ තිබේ.

එහිදී සෙල්ලම් තුවක්‌කුව අතැතිව සිටි මෙම තරුණයා පොලිසියට තර්ජනය කර තිබේ. ඒ අවස්‌ථාවේ එම තුවක්‌කුව සැබෑ තුවක්‌කුවක්‌ බවට සැක සිතූ පොලිසිය තරුණයාට වෙඩි තබා තිබේ.

තම පුතු ලොව කරුණාවන්තම මිනිසා බවද ඔහු මැස්‌සෙකුටවත් හිංසා නොකරන අයකු බවද වෙඩි වැදීමෙන් මියගිය තරුණයාගේ මව කතරිනා සොඩරිබර්ග් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here