ඇෆ්ගන් දැරියන්ට පියාපත් දුන් දයාවේ මාතාව

0
84

සැලී ගුඩ්රිච්ට සිය ආදරණීය පුතා පීටර් අහිමිවුණේ සැප්තැම්බර් 11 නිව්යෝක් ප්රගහාරයෙන්. ත්‍රස්තවාදින්ගේ දෙවැනි ගුවන්යානය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගැටී මහා විනාශය සිදුවෙද් දී ඔහු ඒ ගොඩනැගිල්ලේ කාර්යාලයක රාජාකාරියේ නිරතවයි සිටියේ. පුතාගේ මරණින් පස්සේ සිය සැමියා වූ ඩොනල්ඩ් ගුඩ්රිච් සමඟ සැලී ජීවත් වුණේ ඇවිලුණු සිත් ඇතිව බලාපොරොත්තු රහිත මානසිකත්වයකින්. පුතාගේ අකල් වියෝව නිසා සැලී දැඩි ලෙස මත්පැනට යොමුවුණා. ඒ වගේම ඇයට ඒ කාලයේදීම ගැබ් ගෙල පිළිකාවක් වැළඳීමෙන් මානසික ආතතිය දෙගුණ තෙගුණ වුණා.

‘හැමදේම විනාශ වුණා. මගේ ජීවිතය… මගේ විශ්වාසය… මට නැතිවෙන්න වෙන මොනවත් නෑ’

ඇය සිටියේ දැඩි කළකිරීමකින්. පුතා අහිමිවුණු වේදනාව ඇගේ මුලු ජීවිතයම අවුල් කළා.

ඒත් ඊට අවුරුදු තුනකට පස්සේ එක්තරා දිනයක පුතාගේ හොඳම මිතුරකු වූ අමෙරිකානු මැරීන් බළකායේ මේජර් රෂ් ෆිල්සන් විසින් එවනු ලැබූ එක්තරා ඊ මේල් පණිවුඩයක් ගුඩ්රිච් යුවළට ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කළා.

ඊ මේල් පණිවුඩයෙන් කියැවුණේ ඔහු ඒ වෙද් දී සේවය කරමින් සිටි ඇෆ්ගනිස්තානයේ පාසල් දරුවන්ට අධ්‍යාපන කටයුතුවට ආධාර අවශ්‍යඔවී ඇති බවකුයි.

‘ඒක තමයි ආරම්භය… ’ සැලී ඒ සිදුවීම සිහිපත් කරමින් එසේ කියනවා.

‘පළමු වතාවට මට හිතුණා මගේ පුතා පීටර්ගේ ආත්මය ආපහු මගේ ජීවිතයට ආවා කියලා. ’

ලෝක වෙළෙඳ මධ්ය ස්ථානයේ පරිඝනක මෘදුකාංග නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කරමින් සිටි එවකට 33 හැවිරිදි වියෙහි පසුවූ පීටර්ට දිවි අහිමිවූ ගුවන් ප්‍රහාරය එල්ල කළ අල් කයිඩා ත්රධස්තවාදීන්ගේ නිජබිමේ දරුවන්ට උදව් කරන්න හිත හදාගන්න පුළුවන්ද..?

ඒත් අන්තිමේ දී ගුඩ්රිච් යුවළ ජිවිතය ගැන අලුතින් හිතන්න පටන් ගත්තා. ආදරණීය පුතා වෙනුවෙන් ඇෆ්ගනිස්තානයේ දරුවන්ගේ ජීවිතවලට පාටක් දෙන්න තීරණය කළා.

පුතාගේ මිතුරු මිතුරියන්ගේ හා පවුලේ ඥාතීන්ගේ උදව්වෙන් පීටර් එම්.ගුඩ්රිච් අනුස්මරණ පදනම පිහිටුවා ගත්තා. වැඩි කාලයක් යන්නත් කළින් අමෙරිකානු ඩොලර් දහස් ගණනින් එකතු වුණා.

‘මගේ බිරිය සැලී විශ්‍රාමික ගුරුවරියක්. ඇය දරුවන්ට පුදුමාකාර විදිහට ආදරය කළ කෙනෙක්. පුතාට මරණය අරගෙන ත්රිස්තවාදීන් ආවේ ඇෆ්ගනිස්තානයෙන් වුණත් ඒ රටේ දරුවන්ගේ දෑස් පාදන්න ඇය පුදුමාකර විදිහට උනන්දු වුණා. ’ ඇගේ සැමියා කිව්වා.

මුලින් මුලින් ඇෆ්ගනිස්තානයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මුදල් පුතාගේ මිත්‍ර මේජර්වරයා වෙත යැවූ සැලී පසුව වෙනත් අදහසක් පහළ වුණා.

ඇයට වුවමනා වුණේ ඇෆ්ගන් ගැහැනු ළමයින්ට පාසලක් තනා දෙන්නයි. එය විශාල ව්‍යාපෘතියක් වුණා. කොහොමහරි ඩොලර් ලක්ෂ තුනකට ආසන්න මුදලක් සොයා ගන්න ඇය සමත්වුණා.

අන්තිමේදි ඇෆ්ගන් ගැහැනු ළමයින්ට බලාපොරොත්තුවක් රැගෙන සැලී 2006 දී එරටට ආවා. ලොගාර් ප්‍රාන්තයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරන්න ඇයට හැකිවුණා. එය දරුවන් පන්සියයකට හොඳටම ප්‍රමාණවත් වුණා. 2009 වෙද් දී ගොඩනැගිල්ලේ වැඩ කටයුතු සොයා බලන්න ඇය අවස්ථා පහක දී ඇෆ්ගනිස්තානයට පැමිණ තිබුණා. ඒ හැම අවස්ථාවකදීම අනතුරුදායක සිදුවීම් ගණනාවකට මුහුණ පාන්නත් ඇයට සිදුවුණා. අන්තිමේ දී ඇගේ සිහිනය සැබෑ වුණා. ගැහැනු ළමයින් වෙනුවෙන් ඇය ඉදිකළ පාසලේ අධ්‍යාපන කටයුතු ආරම්භ වුණා.

ඒත් ඒ වෙද් දී එරට හිටපු තලෙයිබාන් නායකයන් ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීම තහනම් කරලයි තිබුණේ. මේ හේතුව නිසා සැලී ගොඩ නැගූ පාසලේ අධ්යාැපන කටයුතුවල නිරතව සිටි එරට ගැහැනු ළමයින්ට සෑහෙන දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. පාසල් ගොඩනැගිල්ල අසල මරාගෙන මැරෙන බෝම්බ කිහිපයක් පුපුරා ගියා. අවාසනාවන්ත විදිහට එක් සිසුවියකට ජීවිතය අහිමිවුණා.

පාසල ආරම්භ වීමෙන් පසුව එක්තරා දිනයක සැලී ආපහු කාබුල් නුවරට ආවා. ඒත් ඇය පාසලට යාම අනතුරුදායකයි කියලයි හැමෝම කිව්වේ.

‘මේ දරුවෝ මරණය අතේ තියාගෙනයි හැමදාම පාසල් යන්නේ. ඉතිං මම එක දවසක් ඒ අවදානම ගත්තම මොකද වෙන්නේ..?’ ඇයට අවවාද දුන් සැමට සැලී දුන් පිළිතුර එයයි.

පාසලට ඇතුළු වෙනවාත් එක්කම අටවැනි පන්තියේ සිසුවියන් පැමිණ සැලී වටකර ගත්තා. විදුහල්පතිනය උණුසුම් හාදුවකින් ඇයව පිළිගත්තා. ඇය විදුහල්පතිනිය සමඟ මුළු පාසලේම ඇවිද ගියා. අඩුපාඩු විමසා බැලුවා.

දැරියන්ගෙන් සමුගැනීමට සූදානම් වෙද් දී විසේකාර දැරියන් කිහිපදෙනෙක් සැලී පන්ති කාමරයකට ඇදගෙන ගිහින් ඇගේ අතේ මෙහෙන්දි මෝස්තරයට මරතෝන්ඩි දැම්මා. ප්‍රධාන දොරටුව අභියස දී විවිධ වයස් කාණ්ඩයේ දැරියන් රැසක් ඇය වටකරගෙන සුබ පැතුවා. එක්තරා දැරියක් නිල්පාට සිල්ක් බුර්කාවක් ඇගේ හිස වටා එතුවා.

සැලීට තම පුත්ර්යා මැවී පෙනෙන්නට වුණා. පුතාට මරණය ගෙනදුන් ත්‍රස්තවාදීන්ගේ රටේ පාසල් දැරියන් ඇයට ආදරය කරන්න පටන් අරගෙන. මේ දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තවත් වැඩ ගොඩක් කරන්නට ඇති බව ඇයට සිතුණා.

ආපහු අමෙරිකාවට ගියාට පස්සේ ගුඩ්රිච් පදනමේ ඇෆ්ගනිස්තාන සුබසාධන කටයුතු කාගෙත් අවධානය දිනාගත්තා. කාලයකට පසුව ශිෂ්යද හුවමාරු වැඩසටහන යටතේ ඇෆ්ගනිස්තානයේ තමා ඉදිකළ පාසලෙන් දැරියන් අමෙරිකාවේ ‘නිව් ඉංග්ලන්ඩ්’ පළාතේ පාසල්වලට ඇතුළත් කරගන්න සැලීට හැකිවුණා. ඒ දැරියෝ ගිම්හාන නිවාඩුව ගත කළේ ඇගේ නිවසේදියි. ඇතැම් දැරියන්ට ශිෂ්‍යත්ව කිහිපයකුත් ලැබී තිබුණා. මේ හැමදෙයක්ම මැද්දේ ගුඩ්රිච් යුවළගේ ජීවිත ආපහු වතාවක් ආලෝකමත් වුණා. ‘මේ දරුවන්ට උදව් කිරීමෙන් අපට අපේ ජීවිත ආපහු ලැබුණා. එයාලට කොහොම ස්තූති කරන්නද මන්දා’

ඒත් වැඩි කාලයක් ගතවෙන්නට කළින් මේ දයාවේ මාතාවට අසාධ්‍ය වුණා. ඇගේ පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වුණා. සැත්කම් කිහිපයක් සිදුකළත් ඒවා වැඩකට නැතිවුණා. ඇය ජීවිතයෙන් සමුගත්තා.

ඇෆ්ගනිස්තානයේ දැරියන්ට පියාපත් දී මේ දයාවේ මාතාව මෙලොව හැර ගියේ ඇගේ ජීවිතයේ අන්තිම කාලයේ එකතු වුණු අලුත් පාටක අසිරිය සිතට තුරුළු කරගනිමිනුයි.

Dinamina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here