ප්‍රංශයට අළුත් “ස්පයිඩර් මෑන් ” කෙනෙක්

0
121

පැරිසියේ ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ සිට පහතට වැටෙන්නට ගිය දරුවෙකු බේරාගත් සංක්‍රමණිකයෙක් පිළිබඳව මේ දිනවල අන්තර්ජාලයෙ තොරතුරු හුවමාරු වෙමින් පවති. එම කුඩා දරුවා බේරා ගත් සංක්‍රමණිකයාට පුරවැසිභාවය ලබාදීමටද ප්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබේ.

දරුවා බේරාගත් Mamoudou Gassama නම් මාලි ජාතික සංක්‍රමණිකයා වීරයෙකු ලෙස රට තුළ දැඩි ප්‍රසංශාවට ලක් වෙමින්ද සිටී.
ඔහු දරුවා බේරා ගන්නා වීඩියෝව සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී.

ඉතා වේගයෙන් ප්‍රචලිත වූ මෙම වීඩියෝව දුටු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මැමෝඩුඕ ගසාමාව කැඳවා ඔහුට ප්‍රශංසා කර තිබේ. ඔහුට ප්‍රංශ පුරවැසිභාවය ලබාදීමටද කටයුතු කර ඇති ජනාධිපතිවරයා ගිනි නිවන හමුදාවේ රැකියාවක්ද ලබා දී ඇත.ගසාමා, මාලි රාජ්‍යයේ සිට බෝට්ටුවක් මඟින් මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට පැමිණි සරණාගතයෙකි.

මෙම තරුණයා කළ වීර ක්‍රියාවට පැසසුම් කළ සහ ඔහුට සුබ පැතූවන් අතරට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ද එක්වී සිටියේය. ජනාධිපතිවරයා පෞද්ගලිකව ස්තුති කිරීම සඳහා ගස්සමාට ප්‍රංශ ජනාධිපති නිල නිවෙස වන එලිසි මන්දිරය වෙත පැමිණෙන්නැයි ආරාධනා කර ඇත.

තමා දරුවන්ට කැමැති බවත් ඇස් ඉදිරියේ දරුවාට විපතක් වෙනු දක්නට අකැමැති හෙයින් තමා ඉහළට නැඟ දරුවා බේරාගත් බවත් CNN අනුබද්ධ රූපවාහිනි සේවයකට ගස්සමා ප්‍රකාශ කර ඇත.

ප්‍රංශයේදී යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීමේ අරමුණ ඇතිව මීට මාස කිහිපයකට පෙර පැරිසියට පැමිණ ඇති මෙම තරුණයාගේ වීර ක්‍රියාව පැරිස් නගර වැසියන්ට ආදර්ශයක් බවත් ප්‍රංශයේ ජීවත් වීමේ ප්‍රයත්නයට උදවු ලැබෙනු ඇති බවත් ප්‍රංශ පුරපතිනිය කියා ඇත.

සඳලුතලයේ එල්ලී සිටි දරුවා බේරා ගැනීමට අසල්වැසියෙකු උත්සාහ කරමින් සිටිද්දී Mamoudou Gassama මිනිත්තුවකට අඩු කාලයක දී පහළ මාලයේ සිට සඳළුතලවලින් පැන සිව් වන මහලට ගොස් දරුවා බේරා ගත්තේය.
ඔහු සිව් හැවිදිරි දරුවා බේරාගත් අවස්ථාවේ රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා නගන ආකාරය වීඩියෝ පටයේ සටහන් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here