කාන්තාවන්ගේ ඇඳුම තීරණය කරන පොත!

0
210

කාන්තාවක් ඇඟලිය යුතු සහ එසේ ඇඟලිය නොයුතු ඇඳුම් ඇතුළත් පොතක් එළිදැක්වීමට තජිකිස්ථාන ආණ්ඩුව පියවර ගෙන ඇත.

අදාළ “නිර්දේශ ඇතුළත් පොත” එළිදක්වා ඇත්තේ එරට සංස්කෘතික අමාත්‍යංශයෙනි. “අවුරුදු හතේ සිට හැත්තෑව දක්වා කාන්තාවන්ට” සුදුසු යැයි හැඟෙන ඇඳුම්වලින් සැරසුන නිරූපිකාවන්ගේ ඡායාරූප මෙයට ඇතුළත් කර ඇති බව ඒෂියා-ප්ලස් වෙබ් අඩවිය වාර්තා කරයි.

කාන්තාවක් රැකියාවට ඇඳිය යුතු ඇඳුම්, ජාතික සහ රාජ්‍ය නිවාඩු දිනවලට සුදුසු ඇඳුම් සහ මංගල උත්සවයකට මෙන්ම සති අන්තයට සුදුසු ඇඳුම් පවා මෙම පොතෙහි විවිධ පරිච්ඡේදවලින් නිර්දේශ කර ඇත.

එම පොතෙහි අවසාන පරිච්ඡේදයක තජික් කාන්තාවන්ට ඇඳීමට නොසුදුසු ඇඳුම් පිළිබඳ සඳහන් කර ඇත. සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම්වලට එරෙහිව තජිකිස්ථානයේ ගෙනයන ව්‍යාපාරය සැලකිල්ලට ගෙන කළු පැහැති ඇඳුම්, හිස් ආවරණ සහ හිජාබය නොසුදුසු ඇඳුම් ලෙස වර්ග කර ඇත. ජනාධිපති එමොමාලි රාමොන්ගේ හෙළාදැකීම හමුවේ වුව ද සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් තවමත් රට තුළ ජනප්‍රියය.

බටහිර සම්ප්‍රදායට ඔබින ඇඳුම්, කෙටි සාය, පපුව නිරාවරණය වන ඇඳුම් සහ පිට පෙනෙන ගවුම් ඇඳීම මෙම පොතට අනුව නුසුදුසුය.

“සෙරෙප්පු පැළඳගෙන හෝ ඇඟට තද වන කලිසම් හෝ සෞඛ්‍යයට අහිතකර යැයි පිළිගැනෙන කෘත්‍රිම රෙදිපිළි ඇඳගෙන පොදු ස්ථානවලට යෑම නිර්දේශ කරන්නේ නැහැ,” ලෙස වෙබ් අඩවියේ පළ කර තිබුණි.

පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටක් වන තජිකිස්ථානයේ ජනගහනයෙන් වැඩි කොටසක් මුස්ලිම් ජාතිකයන්ය. එහෙත්, වඩාත් අනාගමික වූ එහෙත් සම්ප්‍රදායික සංස්කෘතියක් බිහි කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here