දේශපාලන බලවතෙකුට වසර හතක සිර දඩුවමක්!

0
110

දූෂණ චෝදනාවලට වැරදිකරු යයි තීන්දු කෙරුණ බිහාර් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති ලාලූ ප්‍රසාද් යාදව්ට නැගෙනහිර ඉන්දියාවේ අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම විය.

හිටපු මහ ඇමතිවරයා වරදකරු කරන ලද්දේ ‘ෆොඩර් වංචා’ (Fodder Scam) යනුවෙන් ප්‍රසිද්ධ වූ දූෂණ අපචාර සම්බන්ධයෙන් ඔහුගේ භූමිකාව සම්බන්ධයෙනි.

බිහාරයේ ගවයන්ගෙන් යැපෙන දුප්පත් ගොවීන්ට අවශ්‍ය පිදුරු ඇතුළු සත්වාහාර සැපයීම සඳහා වෙන් කරන ලද ඩොලර් කෝටි ගණනක් 1990 දශකයේ සිදු කරනු ලැබ ඇති එම මූල්‍ය අපචාරයේ දී රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වංචා කළ බවට හිටපු මහ ඇමති ලාලූ ප්‍රසාද් යාදව් ඇතුළු කණ්ඩායමකට චෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

ලාලූ ප්‍රසාද් යාදව් වංචා චෝදනාවලට වරදකරු කෙරුණ හතරවැනි අවස්ථාව මෙයයි.

එහෙත් එවැනි වැරදි සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නියම කරන ලද ලොකුම දඬුවම මෙවර පැනවුන වසර හතක සිර දඬුවම බව ඉන්දියානු වාර්තා මගින් පැවසෙයි.

ගව ආහාර සැපයුමේ දී සිදු කරන ලද තවත් වංචාවක් සම්බන්ධයෙන් පැවරූ නඩුවකට වරදකරු කරනු ලැබ සිටින ලාලූ ප්‍රසාද් යාදව් පසුගිය දෙසැම්බර් මාසයේ පටන් දැනටමත් සිරභාරයේ පසුවෙයි.

"දූෂිතයන් වංචාකරුවන් අපරාධකරුවන් දේශපාලනයෙන් ඉවත් කරනු"“දූෂිතයන් වංචාකරුවන් අපරාධකරුවන් දේශපාලනයෙන් ඉවත් කරනු”

ලාලූ ප්‍රසාද් යාදව් ඉන්දියාවේ ඉහළම මට්ටමේ දේශපාලනඥයකු ලෙස වැජඹුන අයෙකි.

මහ ඇමතිවරයකු මෙන්ම සහ හිටපු ඇමතිවරයකු වූ ලාලූ ප්‍රසාද් යාදව්, දූෂණ චෝදනාවලට වරදකරු වන බව නැගෙනහිර ‘ජාර්කාන්ද්’ ප්‍රාන්තයේ විශේෂ උසාවියක් විසින් 2013 සැප්තැම්බර් මාසයේ තීන්දු කරන ලදී.

ඔහු එවර වරදකරු කෙරුණේ ප්‍රාන්ත ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙනි.

ලාලූ ප්‍රසාද් යාදව් සහ තවත් හතළිස් එක් දෙනකු චෝදනාවලට වරදකරුවන් වන බව එම විශේෂ අධිකරණය විසින් තීන්දු කරනු ලැබුණි.

නඩුවේ චූදිතයන් අතර දේශපාලනඥයන් සහ ආණ්ඩුවේ හිටපු නිලධාරීන් ද වූහ.

එම පළමු නඩුවේදීත් යාදව්ට අවුරුදු පහක සිර දඬුවමක් සහ ඩොලර් හතළිස් දහසක දඩයක් නියම කරනු ලැබුණි.

එවර ඔහු විසින් වංචා කරන මුදල් සම්භාරය ඩොලර් කෝටි පහළොවක් යයි අධිකරණය ඉදිරියේ ප්‍රකාශයට පත්විය.

යාදව් එම චෝදනාවලට වරදකරු කෙරුනෙන් අදාළ නඩු තීන්දුවත් සමඟ ඔහුට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වූ අතර, අවුරුදු පහක කාලයක් ආණ්ඩුවේ කිසිදු තනතුරක් දැරීමට ද ඔහු නුසුදුසු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here