ෆිදෙල් කැස්ත්‍රෝගේ පුතා , සියදිවි නසා ගනි !

0
106

හිටපු කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ 68 හැවිරිදි පුත්‍රයා හවානාහිදී සිය දිවි නසාගත් බව කියුබානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ෆිදෙල් ඒන්ජල් කැස්ත්‍රෝ ඩයස්-බලර්ට් (Fidel Ángel Castro Díaz-Balart) ගේ සිරුර බ්‍රහස්පතින්දා (පෙබරවාරි 01) පෙරවරුවේ හමුවූ අතර ඔහු විෂාදයෙන් පෙළුනු බව පැවසේ.

බොහෝ සමානකම් තිබූ බැවින් මියගිය හිටපු ජනපතිවරයාගේ පළමු දරුවා “ෆිඩෙලිටො” හෝ කුඩා ෆිදෙල් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී.

ඔහු පැරණි සෝවියට් දේශයේ පුහුණුව ලද න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකි.

“අධික විෂාදය හේතුවෙන් වෛද්‍යවරු මාස කිහිපයක් තිස්සේ ප්‍රතිකාර කරමින් සිටියත් ෆිදෙල් කැස්ත්‍රෝ ඩයස්-බලර්ට් අද උදේ සියදිවි හානිකරගෙන” කියුබානු නිල පුවත්පත වන ග්‍රැන්මා (Granma) වාර්තා කරයි.

බොහෝ සමානකම් තිබූ බැවින් ඔහු "ෆිඩෙලිටො" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී
බොහෝ සමානකම් තිබූ බැවින් ඔහු “ෆිඩෙලිටො” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී

ඔහු පසුගිය මාස කිහිපය තුළ බාහිර රෝගියෙක් ලෙසත් පසුව නේවාසිකවත් ප්‍රතිකාර ගනිමින් සිටි බව රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.

මරණයට පත්වන අවස්ථාව වනවිට ඔහු කියුබානු රාජ්‍ය කවුන්සිලයේ විද්‍යා උපදේශකවරයකු ලෙසද, කියුබානු විද්‍යා ඇකඩමියේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග අත්හැර දමන ලද කියුබානු න්‍යෂ්ටික වැඩසටහන, 1980 සිට 1992 දක්වා මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

හිටපු කියුබානු නායකයාගෙ පළමු විවාහයේ දරුවෙක් වූ ෆිදෙල් කැස්ත්‍රෝ ඩයස්-බලර්ට්ගේ මව විප්ලවයට ප්‍රථම සිටි ප්‍රමුඛ පෙළේ දේශපාලඥයෙකුගේ දියණියක වූ මිර්ටා ඩයස්-බලර්ට් වූවාය.

මවගේ පවුලේ පාර්ශ්වය ෆොලොරිඩාහි කැස්ත්‍රෝ විරෝධී ජනයාගේ ප්‍රමුඛ චරිත විය. ඔහුගේ ඥාති සහෝදරයා වන මාරියෝ ඩයස්-බලර්ට් ඇමරිකානු කොංග්‍රස් සභිකයෙකි.

ෆිදෙල් එන්ජල් කැස්ත්‍රෝ ඩයස්-බලර්ට්ගේ අවමංගල්‍යය ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින්ම සැලසුම් කරනු ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළ නමුත් වැඩිදුර තොරතුරු ලබාදී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here