IPL වරම් ලැබු පළමු නේපාල ක්‍රීඩකයා !

0
147

17 හැවිරිදි නේපාල ජාතික ක්‍රිකට් ක්‍රීඩක සන්දීප් ලමිචානේ අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට තෝරා ගනු ලැබීම නේපාල ක්‍රිකට් ක්ෂේත්‍රයේ සාර්ථකත්වය පිළිබඳ “සුරංගනා කතාවක්” බඳුය.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් (DelhiDaredevils)කණ්ඩායම විසින් මෙවර IPL ශූරතාවලිය සඳහා ඔහු මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් ලක්ෂ විස්සක මුදලකටය.

මීට දෙවසරකට ඉහතදී සන්දීප් ලමිචානේ යනු කවරෙක්දැයි කිසිවෙකුත් දැන සිටියේ නැත. එහෙත් ඉතා කුඩා කාලයක් ඇතුළත ක්‍රීඩා ලෝකයේ “තරුවක්” බවට පත්වීමට ඔහු සමත්විය. ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගනු ලැබීම, වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වයට පත්වීම සහ හොංකොං ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වැනි වෘත්තීය තරගවලට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම ඒ අතරින් කිහිපයකි.

ඔහුට ඕස්ට්‍රේලියාවේ හිටපු නායක මයිකල් ක්ලාක් මුණ ගැසුනේ හොංකොං තරගාවලිය අතරවාරයේදීය. සන්දීප් ලමිචානේගේ පන්දු යැවීමේ දක්ෂතාව දුටු මයිකල් ක්ලාක්, ඔහුට ගුරුහරුකම් දෙමින් ඔහුගේ දක්ෂතා ප්‍රවර්ධනය කරගැනීමට අත දුන්නේය.

ක්‍රිකට්

ඒ අතරවාරයේ සිය දඟ පන්දු යැවීමේ හැකියාව ඔප නංවා ගැනීමට ඔහු සමත්විය.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේදී අයර්ලන්තයට එරෙහිව පිට පිටම කඩුලු තුනක් (hat-trick) දවා ගැනීමට සමත් වූ ඔහු ඇතැම් ක්‍රීඩාලෝලීන් හඳුන්වන්නේ “නේපාලයේ ෂේන් වෝන්” වශයෙනි.

ඔහු IPL ශූරතාවලිය සඳහා තෝරා ගැනෙන්නේ එම දක්ෂතාවල ප්‍රතිඵලයක් වශයෙනි.

මයිකල් ක්ලාක් පමණක් නොව ඕස්ට්‍රේලියාවේ තවත් හිටපු නායකයෙකුවන රිකී පොන්ටින් ද ඔහුගේ පන්දු යැවීමේ හැකියාව ගැන පැහැදී සිටී.

නේපාලයෙන් පමණක් නොව, අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පූර්ණ නොවන සාමාජික රටකින් ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරග කරන පළමු ක්‍රීඩකයා ද ඔහුය.

කවුද මේ සන්දීප්?

ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීගයට තෝරා ගනු ලැබීම ගැන නේපාල ක්‍රීඩා ලෝලීහු ප්‍රමෝදයට පත් වී සිටිති.

සිය යොවුන් ක්‍රීඩකයාට සුභ පතමින් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට කෘතඥතාව පුද කරමින් ඔවුහු සමාජ ජාලා ඔස්සේ අදහස් පළකරමින් සිටිති.

බටහිර නේපාලයේ ස්යන්ජා (Syangja)දිස්ත්‍රික්කයේ උපත ලැබූ ඔහු සිය ළමා විය ගත කළේ ඉන්දියාවේය. ඒ ඔහුගේ පියා ඉන්දියාවේ දුම්රිය සේවකයෙකු වූ බැවිනි.

ඉන්දියාවේදී මුලින්ම ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ සන්දීප්, ඉන් අනතුරුව යළි නේපාලයට පැමිණ සිය සොහොයුරියගේ නිවස අසල පිහිටි ක්‍රිකට් ඇකඩමීයක පුහුණුව ලැබුවේය.

ඇකඩමීයට සම්බන්ධ වූ අවදියේ සිටම සන්දීප් අපූරු දක්ෂතා දැක්වූ බව එහි පුහුණුකරු රාජු කඩ්කා සිහිපත් කරයි.

එහෙත් ඔහු වයස 19න් පහළ ජාතික කණ්ඩායමට සම්බන්ධ කිරීමට රාජු කඩ්කා දැරූ ප්‍රයත්නය සාර්ථක නොවීය.

ඒ අතරවාරයේ එවකට නේපාල ජාතික කණ්ඩායමේ පුහුණුකරු පදවිය දැරූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක පුබුදු දසනායක දක්ෂතා සහිත තරුණ ක්‍රීඩකයන් සොයමින් සිටියේය.

සන්දීප්ගේ දක්ෂතා පිළිබඳව පැහැදුණු පුබුදු දසනායක ඔහු ජාතික කණ්ඩායමේ පුහුණු සංචිතයට බඳවා ගත්තේය.ඔහුගේ සාර්ථක “සුරංගනා කතාව” ඇරඹුණේ එලෙසිනි.

BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here