අද අහසේ පායන හඳ වෙනදට වඩා 30%කින් විශාලයි !

0
268

2018 වර්ෂයේදී චන්ද්‍රග්‍රහණ දෙකක් සිදුවීමට නියමිත අතර ඉන් පළමු චන්ද්‍රග්‍රහණය ඉතා විරල චන්ද්‍රග්‍රහණයක් වන අතර එය ජනවාරි මස 31-පසළොස්වක දා සිදුවීමට නියමිතයි.

චන්ද්‍රයා ආලෝකය නිපදවන්නේ නැත. සූර්යයාගෙන් නිකුත් වන ආලෝකය චන්ද්‍රයා මත පතිත වී පරාවර්තනය වන ආලෝකය පෘථිවිවාසීන්ට නිරීක්ෂණය කිරීමට ලැබීමෙන් චන්ද්‍රයා අපට දිස්වේ. චන්ද්‍රග්‍රහණයක් සෑම විටම සිදුවන්නේ පසළොස්වක පොහෝ දිනක වන අතර සූර්යයාත්, පෘථිවියත් එකම රේඛාවක පිහිටීමෙන් පෘථිවියේ සෙවණැල්ල තුළින් චන්ද්‍රයා ගමන් කිරීම චන්ද්‍රග්‍රහණයකට හේතුවයි.

චන්ද්‍රග්‍රහණ නිරීක්ෂණය කිරීම.

පියවි ඇසින් චන්ද්‍රග්‍රහණ නිරීක්ෂණය කළ හැක. දෙනෙතියක් (Binocular) හෝ දුරේක්ෂයක් (Telescope) ආධාරයෙන් චන්ද්‍රග්‍රහණයක් ඉතා හොඳින් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කර හැකි වේ.

චන්ද්‍රග්‍රහණ සිදුවන කාලය

ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි මෙම පුර්ණ චන්ද්‍රග්‍රහණය ප.ව 6.21 සිට රාත්‍රී 7.37 දක්වා නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නව දැක ගත හැකි වේ.( වලාකුළු වලින් තොර කාලගුණයක් පැවතුනහොත් පමණි.)

චන්ද්‍රග්‍රහණ අවස්ථා ශ්‍රී ලංකාවේ වෙලාව

පුර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භය ප.ව 6.21

චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව ප.ව 6.59

පුර්ණ චන්ද්‍රග්‍රහණය අවසානය ප.ව 7.37

විශේෂත්වය

ජනවාරි 31 දා සිදු වන මෙම චන්ද්‍රග්‍රහණය කරුණු තුනක් මත විශේෂත්වයක් ගනී.

පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරන්නේ ඉලිප්සාකාර මාර්ගයකය. එබැවින් සමහර කාල වලදී චන්ද්‍රයා පෘථිවියට ආසන්නව ගමන් කරන අතර තවත් සමහර කාල වලදී චන්ද්‍රයා පෘථිවියට තරමක් දුරින් ගමන් කරයි. ජනවාරි මස 31 වන දින චන්ද්‍රයා පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරන බැවින් චන්ද්‍රයාගෙන් නිකුත් කරන ආලෝකය වෙනත් පසළොස්වක දින වලට වඩා 14% ක් පමණ දීප්තිමත්ව පෘථිවිවාසීන්ට දැකගත හැකිය. මෙලෙස දිස්වන චන්ද්‍රයා, සුපිරි චන්ද්‍රයා (Super Moon) ලෙස හැඳින්වෙයි.

එමෙන්ම ජනවාරි 31 පසළොස්වක පොහොය, එකම මසක යෙදෙන දෙවන පසළොස්වක පොහොය වීමද විශේෂත්වයකි. එකම මසක දෙවන පසළොස්වක දින දිස්වන චන්ද්‍රයා නිල් සඳ (Blue Moon) ලෙස හඳුන්වයි. මෙම කරුණු දෙක මත ජනවාරි 31 වන දින දිස්වන චන්ද්‍රයා, සුපිරි නිල් සඳක් (Super Blue Moon) ලෙස නම් කරයි.

පුර්ණ චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමට හැකි වන රටවල් වලදී පෘථිවියේ සෙවනැල්ල මගින් චන්ද්‍රයාගේ අඳුරු වන කොටස රක්ත, නිල් පැහැයෙන් දැක ගත හැකි අතර එවිට “රුහිරු සඳ” (Blood Moon) ලෙසද චන්ද්‍රයා නම් කරයි.
මෙම අවස්ථා තුනම අනුව ජනවාරි 31 දින අපට දිස් වන චන්ද්‍රයා Super Blue Blood Moon ලෙස නම් කල හැක.

017 අගෝස්තු 21 වෙනිදා අපිට පුර්ණ සුර්යග්‍රහණයක් දැකගන්නට ලැබුනා. එම දුර්ලභ අවස්තාව දැකබලාගැනීමට ලොව පුරා මිනිසුන් තුල තිබුනේ විශාල උනන්දුවක්.

2018 ජනවාරි 31 වෙනිදා පුර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිතයි. එම දුර්ලභ සිදුවීම නම් ඔබව පුදුමයට පත්කිරීමට සමත් වෙනවාට කිසිම සැකයක් නැහැ. මතක තබාගන්න, වසර 150කින් අපි මෙවැනි සඳක් දැක තිබුනේ නැහැ. අවසන් වරට එය සිදුවුනේ 1866 වර්ෂයේදී. එහි වූ රක්ත වර්ණය නිසා Blood Moon යන අන්වර්ථ නාමයෙන්ද එය හඳුන්වනවා.

 

2014 සහ 2015 අතර කාලයේදී Blood Moon 4ක් අපිට දැකගන්නට ලැබුනා. නමුත් 2018 වර්ෂයේ ජනවාරි මස දකින්න ලැබෙන Blood Moon එක නම් ඉතාමත්ම දුර්ලභ එකක්. මොකද 2018 ජනවාරි මස 1වෙනි දින පූර්න චන්ද්‍රයා දැකගන්නට ලැබුණු පසළොස්වක පෝය දවසක්. ජනවාරි 31 වෙනිදාත් නැවත පුර්ණ වශයෙන් චන්ද්‍රයා දැකගන්නට ලැබෙනවා. එක් මාසයක් ඇතුලත දැකගන්නට ලැබෙන දෙවෙනි චන්ද්‍රයා හඳුන්වන්නේ Blue Moon ලෙසයි. දෙවෙන වරට දිස්වෙන එම චන්ද්‍රයා අපිට දැකගන්නට ලැබෙන්නේ පුර්ණ චන්ද්‍රග්‍රහණයක් අතර තුරයි. ඉතින් 2018 ජනවාරි 31 වෙනිදා අපිට දැකගන්නට ලැබෙන්නේ Blue Moon, Blood Moon, සහ Super Moon වල එකතුවක්. එවැනි දුර්ලභ Blood Moon එකක් අපිට අවසන් වරට දැකගන්නට ලැබුනේ 1866 වර්ෂයේදී.

Blood Moon හා සබැඳි ජනප්‍රවාද සහ මිත්‍යාකතා බොහොමයක් තිබෙනවා. චන්ද්‍රයා රක්ත වර්ණයෙන් දිස්වුනු එක්තරා දවසක, රවුනොක් දුපතේ විසු මිනිසුන් සියලු දෙනා අතුරුදහන් වූ බව ජනප්‍රවාදයේ පැවසෙනවා. එය මිත්‍යා කතාවක් බැවින් ඔබ අනියත බියක් ඇතිකරගත යුතු නැහැ.

2018 ජනවාරි 21 වෙනිදා චන්ද්‍රයා රක්ත වර්ණයෙන් දිස්වන්නේ ඇයි ? ඊට හේතුව අප පෘතුවියේ සෙවණැල්ල චන්ද්‍රයාගේ මුළු මතුපිටම වසාගන්නා නිසාවෙනි. සුර්යාගෙන් නිකුත්වෙන ආලෝකය පෘතුවියේ වායුගෝලය හරහා ගමන්කොට චන්ද්‍රයා වෙතට යොමුවෙනවා. එහිදී රතු වර්ණය හැරෙන්න සුර්ය ආලෝක වර්ණාවලියේ අනෙක් සියලුම ආලෝකයන් අවහිර වෙනවා. ඉතින් පෘතුවියේ වායුගෝලය හරහා පහසුවෙන් ගමන් කරන රතු ආලෝකය චන්ද්‍රයා මත වැටී, එය රක්ත වර්ණයෙන් හෝ තඹ පැහැයට හුරු වර්ණයකින් දිස්වෙනවා.

 

ජනවාරි මස සිදුවෙන එම පුර්ණ චන්ද්‍රග්‍රහණය ඇමරිකාවේ කොටස් කිහිපයකට, ඊශානදිග යුරෝපයට, රුසියාවට සහ ඔස්ට්‍රේලියාවට පැහැදිලිවම දර්ශනය වෙනවා. ටයිම් ඇන්ඩ් ඩෙට් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, ලංකා වේලාවෙන් පස්වරු 6.59ට එය අපිටත් දැකගන්නට පුළුවන්.

චන්ද්‍රග්‍රහණයක් සිදුවෙන සෑම අවස්ථාවකම, සති දෙකකට පෙර හෝ පසුව චන්ද්‍රග්‍රහණයක් සිදුවෙන බව ඔබ දන්නවාද ? ඉන් අදහස් කරන්නේ එක දිගට eclipse දෙකක් පැමිණෙන බවයි. ජනවාරි 31 වෙනිදා සිදුවෙන blood moon අවස්ථාවෙන් පසුව, 2018 පෙබරවාරි 15 වෙනිදා අර්ධ සුර්යග්‍රහණයක් සිදුවෙනවා.

ඉතින් ඔබේ ජීවිත කාලය ඇතුලත යලි දකින්නට නොලැබෙන ඉතාමත්ම දුර්ලභ සිදුවීමක් දැකගන්නට කැමති නම්, ජනවාරි 31 වෙනිදා රාත්‍රී අහස දෙස බලන්න. මොකද ඔබට යලි කිසිම දිනක එවැනි විශේෂිත අවස්තාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here