2018, නව වසරට තවත් හෝරා කිහිපයයි !

0
139

තවත් පැය කීපයකින් එළඹෙන 2018 නව වසර පිළිගැනීම සඳහා ලොව පුරා ජනතාව සූදානම් වෙමින් සිටිති.

බොහෝ රටවල ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් නව වසරට පිය නැගීම සඳහා බලා සිටින බව ලොව නන් දෙසින් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

2018 නව වසරේ ලොව පළමු හිරු උදාව දකින්නේ බටහිර ශාන්තිකර සාගරයේ පිහිටි සමෝවා (Samoa) දිවයිනේ ජනතාවයි.
ඒ සමඟ ශාන්තිකර සයුරේ ‘කිරිබති’ දූපත් වාසීන්ද නව වසර පිළිගනු ඇත.

එයින් පැය තුනකට පසුව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන්නන් 2018 පළමු හිරු රැස් සුවය විඳිනු ඇත.

මෙවර ඔස්ට්‍රේලියාව නව වසර පිළිගනු ලබන්නේ දේදුනු වර්ණයෙන් නිල් අහස අලංකාර කරන ගිනිකෙළි ජාලාවකිනි.

ඕස්ට්‍රේලියානුවන් මෙවර සිය ගිනිකෙළි දැක්මට දේදුන්නේ වර්ණ තෝරා ගනු ලැබ තිබෙන්නේ සමලිංගික විවාහය නීතිගත කර ගැනීමට හැකිවීමේ ප්‍රීතිය ප්‍රදර්ශනය කිරීම සඳහාය.

සමෝවා දූපත් වැසියන් පිරිසක්
එම හෝරාවේ නව වසර එළඹෙන නවසීලන්ත ජනතාවත් 2018 උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට සූදානමින් සිටියහ.

සිංගපූර් වැසියන් ද අලංකාර ආලෝක දහරා සහ ජල තාල තරංග මධ්‍යයේ නව වසරේ අසිරිය විඳ ගැනීමට බලා සිටිති.

නව වසර පිළිගැනීමට ජර්මනිය සූදානම් වෙමින් සිටින්නේ විශේෂ ආරක්ෂක රැකවරණ සහිතවය.
මෙයින් වසර දෙකකට පෙර නව අවුරුදු උදාවේ ‘කොලෝන්’ නගරය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් යළි ඇතිවීම වළක්වා ලීමේ අටියෙන් ජර්මන් බලධාරීහු විශේෂයෙන්ම කාන්තාවන් සඳහා ආරක්ෂක කලාප වෙන් කිරීම ඇතුළුව දැඩි ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවමින් සිටිති.

මහා දේශයක් වන රුසියාවේ එක්තරා කලාපයක් ද 2018 වසර පළමුවෙන් දකින ජනයා අතරට එක්වෙයි.

BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here