ඇමෙරිකාව හිමෙන් වැසේ !

0
118

නත්තල් සමයේ ඇමරිකාවට ඇද හැලුනු හිම පතනය නව වාර්තාවක් පිහිටුවා ඇති බව එරට මාධ්‍ය පවසනු ලබනවා.ඒ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වු වැඩිම හිම පතනය ලෙසයි.

ඇමෙරිකාවේ පෙන්සෙල්වේනියා ප්‍රාන්තයේ , පමණක් අඟල් 58.5 ක් තරම් වු උසකට හිම පතනය සිදු වූවා යැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

ගණනය කිරිමි වලට අනුව නත්තල් දිනයේදී අඟල් 34ක් උසටත්, ඊයේ දිනයේදී අඟල් 19ක් උසටත් හිම පතනය සිදු වි තිබෙනවා .

මීට පෙර පෙල්සෙල්වේනියා ප්‍රාන්තයේ වැඩිම හිම පතනය සිදු වි ඇත්තේ 1958 වසරේදී යි. ඒ අඟල් 44ක් පමණ උසටයි.

මේ දිනවල පවතින අධික හිම පතනය නිසා , බොහෝ ගස්, ගෙවල්, ගොඩනැගිලි හිමෙන් වැසි පවතිනවා. එලෙසම එරට රජය විසින් හදිසි තත්වයක්ද ප්‍රකාශ කර තිබෙනවා .

ඇමරිකාවේ නිවියෝර්ක් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 ක් ද, චිකාගේ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 10ක් දක්වාද පහළ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉදිරි දින කිහිපයේ දි ඇමරිකාවට දරුණු හිමපතනයක් සිදුවෙනු ඇතැයි එරට කාලගුණ අංශ දැනටමත් අනතුරු අඟවා තිබෙනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here