රජීවි ගාන්ධිව LTTE ය මගින් ඝාතනය කළ අයුරු චිත්‍රපටයකින් පෙන්වන්න සුදානම් !

0
108

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීවි ගාන්ධි ඝාතනය චිත්‍රපටයකට නැගිමට කොලිවුඩ් සිනමාකරුවෙකු සුදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.රජීවි ගාන්ධි ඝාතනය කලේ එල්.ටී.ටී.යේ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසිනි.

එම චිත්‍රපටය නිර්මාණය කරනුයේ, සත්‍ය සිද්ධින් සහ සමාජ ගැටළු මුල්කර ගනිමින් නිර්මාණ කිරිමට නැඹුරුවක් දක්වන ප්‍රකට සිනමාකරුවෙකු වන ඒ.එම්.ආර් රමේෂ් විසිනි.

මේම චිත්‍රපටය සඳහා ශ්‍රි ලංකාවේ දර්ශන තල යොදාගන්නා බවද ඔහු පවසනවා. වසර තිහකට අධික කාලයක් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ දර්ශන තල මේ චිත්‍රපටයට අපුරු තාත්වික බවක් එක කරනු ඇතැ බව නොඅනුමානය .

එල්.ටී.ටී සංවිධානය ක්‍රමයෙන් ශක්තිමත් වුනු ආකාරය සහ එහි ප්‍රභාකරන්ගේ  භූමිකාව පිළිබඳව ද චිත්‍රපට කිරිමට ඔහු අදහස් කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා .

හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධ සත්‍ය කථාව එහි පළමුවැන්න වන අතර ඉදිරියට එල්.ටී.ටී ය සම්බන්ධ එවැනිම වු නිර්මාණ කිහිපයක් එළිදැක්වෙනු ඇත.

මෙම චිත්‍රපටය කර්ණාටක, හින්දි,ඉංග්‍රීසි ,තමිල්නාඩු දෙමළ සහ ශ්‍රී ලංකාවට හුරු දෙමළ බසින් හඬ කැවිමට බලාපොරොත්තු වන බව ඔහු මාධ්‍යට පවසා සිටියා.

කෙසේ වෙතත් චිත්‍රපටය සිනමාශාලාවන් හි ප්‍රදර්ශනය නොකරන අතර අන්තර්ජාලය තුළින් ප්‍රේක්ෂකන්ට නැරඹිමට සැලැස්විම ඔහුගේ අරමුණයි. ඊට හේතුව වී ඇත්තේ රමේෂ් මීට පෙර එළිදැක්වු චිත්‍රපට කිහිපයක්ම වාරණයට ලක් විමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here