නත්තල නිමිත්තෙන් සිරකරුවන් 510 දෙනෙකු නිදහස් කෙරේ.

0
128

ලොව පුරා කිතුනු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන නත්තල් උත්සවය අද දිනට යෙදී ඇත.ඒ වෙනුවෙන් වූ ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන දේව මෙහෙය රාගම ශාන්ත පාවුළු දේවස්තානයේදී ඊයේ මධ්‍යම රාත්‍රියේදී පැවැත්විණි

නත්තල නිමිත්තෙන් සිරකරුවන් 510 දෙනෙකුට ජනාධිපති පොදු  සමාව යටතේ නිදහස් කිරිමට රජය තිරණය කර ඇත. එළිමහන් සිරකඳවුරු සහ බන්ධනාගාර 28ක රඳවා සිටි රැඳිවියන් මෙලෙස නිදහස් කරන බව බන්ධනාගාර මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කර  සිටි.

කිතුනු සිරකරුවන්ට තම ඥාතීන් සමග සමීප වීමටද අද දිනයේ අවස්ථාව දීමට රටපුරා පිහිටි රැදවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාර තුලදී වැඩසටහන් ක්‍රියාත්මක බවද මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here