ලොවක් ආදරය කල චාලි චැප්ලින්ගේ සල්ලාල ජිවිතය

0
190

⛔️ විකට ලෝකයේ රඡ්ජුරුවෝ ලෙසින් විරුදාවලි ලත් “චාලි චැප්ලින්” ලන්ඩන් නගරයේ උපත ලැබුවේ 1889 වසරේ අප්‍රේල් 18 වැනි දිනයි.

⛔️ ඔහු රිදී හැන්දක්‌ මිටට ගෙන උපත ලැබුවේ නැත. ඉතාම දුක්‌sත පවුලක උපත ලද චාලි චැප්ලින්ගේ පියා දැඩි සේ මත්පැනට ඇබ්බැහිව සිටි නිසා ඔවුන්ගේ පවුල් ඒකකය සතුට සමාදානය පැවැතුනේම නැත. ඔහුගේ පියා “චාල්ස්‌ ස්‌පෙන්සර් චාලි” යනුවෙන් හැඳින්වූ අතර සිය ස්‌ව චරිතාපදානයේදී චාලි චැප්ලින් සඳහන් කරයි.

⛔️ මව සඳහන් කරන අන්දමට තම පියා හිට්‌ලර්ගේ පෙනුමට සමානය. ඔහුගේ කටහඬ බැටලෝන් නලාවකට සමාන අතර ඇස්‌ අඳුරු පැහැතිය. මත්පැනට ඇබ්බැහිව සිටි පියා මියයන විට වයස අවුරුදු තිස්‌ පහක්‌ තරම් අඩු වයසක බැව් චාලි සඳහන් කර ඇත.

⛔️ එහෙත් චාලිට කුඩා කාලයේ පටන්ම යම් යම් අත්හදාබැලීම් කිරීමේ අවශ්‍යතාවය තිබුණේය. එක්‌ වතාවක්‌ තම සහෝදරයා නිතරම කරන අපූරු සෙල්ලමක්‌ ඔහු ප්‍රායෝගිකව අත්විඳින්නට ගියේය. කටින් කාසියක්‌ ගිල එය ගෙල පිටුපසින් ගන්නා අයුරු නිතරම කුඩා චාලි ඉදිරියේ ප්‍රදර්ශනය කළේය.

⛔️ තමාද මේ ක්‍රීඩාව කරන්නට සිතා ඔහු කාසිය ගිල දැම්මේය. එහෙත් ගෙල පිටුපසින් ගැනීමට නොහැකි විය. කෙසේ හෝ ඔහුගේ මව වහා ක්‍රියාත්මක වීම නිසා මලපහ සමග කාසිය සිරුරෙන් පිට කර ගැනීමට ඔහුට හැකි විය.

⛔️ මේ අතර පවුලේ තත්ත්වය තවත් නපුරු අතට හැරුනේ ඔවුන්ගේ පියා තමන්ගේ දරු පවුල හැර දා යැම නිසාය. චාලි සහ ඔහුගේ වැඩිමල් සහෝදරයාගේ රැකවරණයට සිටියේ මව පමණි.

⛔️ චාලි චැප්ලින්ගේ මව හැනා තම දරුවන් රැක බලා ගැනීම වෙනුවෙන් ආදායම උපයා ගත්තේ නෘත්‍ය ශාලාවන්හි ගීත ගායනා කරමින්ය. දරුවන් දෙදෙනා ඉතා කුඩා කාලයෙදී පවා මව ඔවුන් නිදි කරවා මෙම නෘත්‍ය ශාලාවන් වෙත ගියද කිසිම දිනක දරුවන් බඩගිනි යෑයි හැඬුවේ නැත.

⛔️ එහෙත් හදිසියේම මවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගියෙන් ඔවුන්ගේ ආදායම් මාර්ගත් පහළ බසින්නට විය. මේ වෙන විට චාලි චැප්ලින්ද තම මව සමග වේදිකාවේ ගීත ගායනාවන්ට සම්බන්ධව සිටි නිසා ඔහුට වේදිකාව ආගන්තුක ස්‌ථානයක්‌ නොවීය.

⛔️ එක්‌ දිනක්‌ මව ගීත ගායනයේ යෙදී සිටියදීම ඇගේ කටහඬ නිකුත් වීම අවහිර විය. මව වේදිකාවේ අසරණ වුණත් ඇයට තනි වෙන්නට කුඩා චාලි ඉඩ දුන්නේ නැත. ප්‍රේක්‌ෂකයන් ආවේශ වී කඩා පනින්නට පෙරාතුව චාලි මෙම සිද්ධිය ඉතා අපූරු ලෙසින් රඟ දක්‌වා පෙන්වා ඔහු විසින් ගායනා කරන ලද ” ජැක්‌ ජෝන්ස්‌ ” ගීතය නිසා බොහෝ දෙනාට මවගේ ගායනයේ අඩුව දැනුනේ නැත. මව වේදිකාවට පැමිණ කුඩා දරුවා වඩාගත්තාය. ඒ චාලි ගේ මව වේදිකාවට පැමිණි අවසාන දිනයයි.

⛔️ මවගේ අසනීප තත්ත්වය නිසා ගීත ගායනය අපහසු වීම නිසා ඇය ඇඳුම් මසන්නට පටන් ගත්තාය. අධික ලෙසින් ඇස්‌ වෙහෙසට පත් වීම නිසා ඇගේ ඇස්‌ නොපෙනී ගියෙන් ඇඳුම් මැසීමත් අවසාන විය.

⛔️ මේ නිසා චාලි සහ ඔහුගේ සහෝදරයා “ලැම්බත්” වැඩපොළේ සේවයට ගිය අතර එයින් පසුව චාලිගේ සහෝදරයා හමුදාවට සම්බන්ධ වූ අතර මව දරුණු ලෙසින් මානසික රෝග තත්ත්වයට පත් වූවාය. උසාවි නියෝගයකින් චාලි තම පියාගේ දෙවැනි බිරිඳට බාර දුන්නත් ඇය මේ දරුවාට මහත්සේ වෙනස්‌කම් කළාය.

⛔️ මේ අතර ඔහුගේ මව සාමාන්‍ය සුවයක්‌ ලද අතර නැවතත් චාලි සහ සහෝදරයා පාසලට යෑවීමට මව කටයුතු කළාය. මේ කාලයෙදී ” මරිසිලින්” නමැති විකට ශිල්පියා ලන්ඩනයට පැමිණි අතර චාලි ඔහුගෙන් විකට නළු කලාවට යාන්තම් අත්පොත් තැබුවේය.

⛔️ මේ ආභාෂයෙන් පසුව ඔහු ජැක්‌සන්ගේ නාටන් කණ්‌ඩායමට සම්බන්ධව ටික දිනක්‌ කටයුතු කළේය. එයින් පසුව “ඩරීලිව් ස්‌මිත් ඇන්ඩ් සන්ස්‌” පොත් සමාගමේ පොත් අලෙවි කිරීමේ කටයුතුවල නිතරව සිටි ඔහු වීදුරු පුම්බන ආයතනයක රැකියාවට ගියේය.

⛔️ එහි රස්‌නය දරා ගත නොහැකිව ක්‌ලාන්ත වූ ඔහු එම ස්‌ථානයෙන් ඉවත්ව මුද්‍රණ ආයතනයක සේවය වෙනුවෙන් සම්බන්ධ විය. ඔහු කොතරම් කුඩාද යත් සේවයේ යෙදී සිටියේ යන්ත්‍රය මත නැග සිටිමින්ය.

⛔️ මෙම කාලය වෙත්ම මව දැඩි සේ ගිලන්ව සිටි අතර ඔහුට නළුවෙක්‌ වීමේ හීනයෙන් සිටි නිසා රීලැක්‌මෝර් නෘත්‍ය ශාලාවට ගොස්‌ නළුවෙක්‌ වීම වෙනුවෙන් තමාගේ නම ලබා දුන්නේය.

⛔️ එම සිහිනය සැබෑ කරමින් මුලින්ම ඔහුට “ෂර්ලොක්‌ හෝම්ස්‌” නාට්‍යයේ සේවකයෙකුගේ චරිතය රඟ පෑමට අවස්‌ථාව ලැබුණ අතර එයින් පසුව “ද රොමෑන්ස්‌ ඔෆ් අ කොක්‌නි” වැනි නාට්‍ය වෙනුවෙන් අවස්‌ථාව ලැබුණි.

⛔️ වයස අවුරුදු 17 ක්‌ වන විට “ෆේ‍ර‍රඩ් කාර්නෝ” ගේ නාට්‍ය කණ්‌ඩායමට ඔහු සම්බන්ධ විය. එහෙත් ඔහුගේ ආර්ථිකයට එතරම් ශක්‌තියක්‌ නොලැබුණත් “foot ball match” ඔහුගේ ජීවිතය නව මාර්ගයක්‌ වෙත යොමු කරන ලදී.

⛔️ නිහඬ විකට නළුවෙක්‌ ලෙසින් ප්‍රසිද්ධියට පත් චාලි චැප්ලින් The kid (1921), AWomen of Paris (1923), The Gold Rush (1925), City Lights හා Modern Times යන චිත්‍රපට මගින් තම හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කළේය.

⛔️ චාලි චැප්ලින් චිත්‍රපට කර්මාන්තයේ නිරත වූ අතර ඔහුගේ ඇතැම් චිත්‍රපට වෙනුවෙන් විවිධ විරෝධතාවයන් ගොඩ නැගෙන්නට විය. රුසියාවට ආධාර පිsණිස දෙවැනි පෙරමුණක්‌ යුරෝපයේ නිර්මාණය කිරීම ඔහුගේ අරමුණ වූ නිසා මෙම චිත්‍රපට ඒ සඳහා ආයුධයක්‌ ලෙසින් භාවිතා කළේය.

⛔️ 1947 වසරේදී සමකාලීන සමාජය දෙස නව දැක්‌මකින් වූ ඔහුගේ උත්සාහය සමග වෙනුවෙන් ඇමරිකානු රාජ්‍ය නිලධාරින් විසින් Monsieur Verdous වාරණයක්‌ පනවන ලදී. ඔහු අවධාරණයෙන්ම කියා සිටියේ ඇමරිකාවද මෙම අවස්‌ථාවට මැදිහත් විය යුතු බවයි. එහෙත් ඇමරිකාව අභ්‍යන්තරයේ රුසියානු විරෝධීන් විසින් චාලි චැප්ලින්ට එරෙහිව විරෝධතාවයක්‌ ඇති විය.

⛔️ මේ නිසා ඔහුට ඇමරිකාවේ ජීවත්වීම පවා තර්ජනයක්‌ වූයෙන් චාලි චැප්ලින් 1952 වසරේදී ස්‌විස්‌ටර්ලන්තයේ පදිංචියට ගියේය. පවුලක්‌ ලෙසින් එක්‌ව ජීවත්වීමට ඔහුට අවස්‌ථාවක්‌ නොතිබුණා සේම වියපත් චාලි චැප්ලින්ද පවුලක්‌ ගැන එතරම් තැකුවේ නැත.

⛔️ සිත තැනින් තැන නැවතුනේ විවාහ හතරක්‌ වෙනුවෙන් යොමු වීමත් සමගය. 1918 වසරේදී මිල්රඩ් හැරිස්‌ සමග පෙමින් බැඳුන ඇයට නිළියක්‌ වීමට අවස්‌ථාවක්‌ ලබා දෙන බව කියමින් ඇය සමග ලිංගිකව එක්‌ වූ අතර ගැබ්ගත් දරුවා අංගවිකල විය. ඒ දරුවා මරණයට පත් වීමත් සමගම චාලි හැරිස්‌ගෙන් දික්‌කසාද වූයේය.

⛔️ දෙවනුව ඔහුගේ හිත නතර වූයේ හිරිමල් වියේ දැරියක වූ “ලීටා ග්‍රේ” වෙතයි. ඇය සමගත් ලිංගිකව එක්‌ වීමෙන් දරු ගැබක්‌ ඇති වූ විට චාලි කියා සිටියේ පවුම් 20,000 ක්‌ ලබා ගෙන මෙම දරු ගැබ ගබ්සාකර ගෙන වෙනත් කෙනෙකු සමග විවාහ වන ලෙසයි.

⛔️ ඒත් ලීටාගෙන් චාලිට ගැලවීමක්‌ නොවීය. කෙසේ හෝ දරුගැබේ අයිතිකරු ඔහු නිසා අනිවාර්යෙන්ම තමා විවාහ කර ගත යුතු බව ඇය තර්ජනාත්මකව කියා සිටියාය. කෙසේ හෝ ඇගෙන් බේරෙන්නට ලීසා සමග විවාහ වුණත් ඔවුන් අතර පවුල් ජීවිතයක්‌ නොවීය. ආදරය, ලෙන්ගතුබව චාලි හඳුනාගෙන සිටියේ නැත. ලීටා විසින් රචිත කෘතියක ඇය සඳහන් කර සිටින්නේ විවාහය ලියාපදිංචියෙන් පසු එන විට තමාට දුම්රියට ගෙල තබන ලෙස චාලි තරයේ කියා සිටි බවයි. මේ අන්දමින් විරසක මැද ගෙවුන පවුල් ජීවිතය අවසාන වූයේ චාලි විසින් ගොනු කරන ලද පිටු 42 කින් යුක්‌ත චෝදනා පත්‍රයකින් දික්‌කසාදය ඉල්ලා සිටීම නිසාය.

⛔️ ඔහුගේ මෙම නරුම ගති පැවතුම් නිසාම නීතිඥයින් විසින් ඔහු හංවඩු ගසනු ලැබුවේ “කාන්තාවන් හමා යන දඩබල්ලා” ලෙසින්ය. ප්‍රතිභා පූර්ණ රංගන හැකියාවන්ගෙන් හෙබියද බොහෝ දෙනාට පෙනුනේ ඔහු සල්ලාලයෙක්‌ ලෙසින්ය.

⛔️ ඇතැම් අවස්‌ථාවන්හිදී චාලි චැප්ලින් තම බිරිඳගේ කාමරය දුර සිට බලත හැකි සේ දුරදක්‌නයන් සවි කරන ලදී. ඔහුගේ විකෘති කාමාතුර ජීවිතය ගැන මහත් සේ උදම් ඇනීමෙන් කථා කළ චාලි කියා සිටියේ ප්‍රේමකිරීම උගත යුත්තේ පියවරෙන් පියවර බවයි.

⛔️ විවාහක බිරිඳ නිවසේ තබා ගොස්‌ වෙනත් කාන්තාවන් සමග ලිංගිකව එක්‌වූ අන්දම ගැන ඔහු මහත් උෙද්‍යාaගයෙන් කථා කරන අතර ඉතා ප්‍රසිද්ධ කාන්තාවන් සමගත් තමා ලිංගිකව එක්‌ වුණ බව ඔහු ප්‍රසිද්ධියේම සඳහන් කරන ඇත.

⛔️ ඔහු නැවත විවාහ වූයේ “පොට්‌ලේඩ් ගොඩාර්ඩ්” සමගයි. 1934 දී මෙම විවාහය සිදු වූ අතර එවක ඔහුගේ බිරිඳගේ වයස අවුරුදු 20 ක්‌ විය. ඇය නිව්යෝක්‌ වෙත පිටත් කර හැරීමෙන් පසුව තෙවන විවාහයද අවසාන විය. ඒත් ඔහුට පුතෙකුගේ අවශ්‍යතාවය තිබුණෙන් නැවතත් විවාහයක්‌ කර ගන්නට සිතූ අතර ඒ වෙන විට චාලි චැප්ලින්ගේ වයස අවුරුදු 70 ක්‌ද ඉක්‌මවා ගොසින් සිටියේය. මේ සියලු සල්ලාලකම් අවසානයේ ඔහු 1977 වසරේ ජීවිතයෙන් සමුගත්තේ වයස අවුරුදු 88 ක වියපත් චරිතයක්‌ ලෙසින්ය

උපුටාගැනිමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here