ඔබ නොදන්න, ඔබ ළඟම ඉන්න, මාරක පිළිකා කාරක කෑම වර්ග 6ක්

0
249

🌀 ‘මොන දේ කෑවත් පිළිකා හැදෙන්න පුළුවන්’’ කියන කතාව දැන් හැම තැනම පැතිරෙන එකක්. මේක වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ මේ වගේ පිළිකා කාරකයි කියලා හඳුනා ගත්තු දේවල් දාල හදපු කෑම විකුණන තැනුයි, ඒවාගෙන් නිතරම කන කට්ටියයි තමයි.

🌀 මුලින් කියපු අය එහෙම කියන්නේ බිස්නස් එක පවත්වා ගන්න ඕනේ කමට, ඒවාගෙන් කාල පෙරේත කමට නවත්තා ගන්න බැරි අය තමන්ගේ කෑම සාධාරණීකරණය කර ගන්න තමයි ඔහොම කියන්නේ.

🌀 කොහොම වුනත් මේ දේවල් පිටිපස්සේ තියෙන්නේ බොහොම භයානක සත්‍යයක්. දැන් මේ කියන්න හදන්නේ ඒ විදිහට වැඩියෙන්ම පිළිකා කාරකයි කියලා හඳුනා ගත්තු කෑම වර්ග 10 ගැනයි.

1. ජාන වෙනස් කළ ආහාර (GMO)

💠 GMO-Food1මේවා බහුලව හඳුන්වන්නේ GMO කියලයි, එහෙමත් නැතිනම් Genetically Modified Organisms හෙවත් ජාන වෙනස් කල දේවල් කියලයි. ස්වභාවිකව හැදෙන ගස් හා සතුන්ගේ විවිධ ලක්ෂණ වෙනස් කරලා වේගයෙන් හැදෙන, ඉතා විශාල වෙන විදිහට නිර්මාණය කරන එකයි මේකෙදි වෙන්නේ. හැබැයි මෙහෙම කරද්දී අනවශ්‍ය ජාන පවා මාරු වෙන නිසා පිළිකා ඇති වීම වැඩි බව තහවුරු වෙලා තියෙනවා. සියලූම පිළිකා රෝගීන්ගෙන් වැඩි පිරිසක් GMO ආහාර අනුභව කල අය බව පෙනී ගොස් තියෙනවා. මේ අතරට තිරිඟු පිටි වෙනස් කර හදන ආහාර, සෝයා හා කැනෝලා වගේ සුලබ දේවල් අයත්.

💠 ඒත් මේවා පාවිච්චි කරලා විශාල ලාභ උපයන අයගේ බලපෑම නිසා මේ තොරතුරු වසන් වෙනවා. ඒත් අපිට පුළුවන් පරිස්සම් වෙන්න. කාබනික බවට තහවුරු කරපු ආහාර, ඨඵධ නොවන බවට තහවුරු කරපු ආහාර හෝ තමන්ව වවා ගත් දේවල් පාවිච්චි කරලා අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි දෙනෙක් එහෙම කරාම මේ ලොකු කොම්පැනි වලට පාඩු සිද්ධ වෙන නිසා ඨඵධ හදන එක අධෛර්යමත් කරන්නත් අපිට වක‍්‍රාකාරයෙන් පුළුවන්.

2. සැකසූ මස් ආහාර

💠 සකස් කරපු මස් ආහාර, විශේෂයෙන් හැම්, බේකන්, සොසේජස්, මීට් බෝල්ස් වගේ දේවල් කල් තියා ගන්නත්, ලස්සනට පෙනෙන්නත් එකතු කරන දේවල් නිසා පිළිකා ඇති වීමේ ලොකු අවදානමක් තියෙනවා. මේවාට යොදන ප‍්‍රධානතම ද‍්‍රව්‍ය තමයි සෝඩියම් නයිට‍්‍රයිට් හා සෝඩියම් නයිටේ‍්‍රට්. ප‍්‍රධාන වශයෙන්ම පුරස්ථි ග‍්‍රන්ථි ආශ‍්‍රිත පිළිකා වර්ධනයට මේ සංයෝග බලපානවා. මේ නිසා මස් වර්ග තෝරා ගන්නවා නම් හැම වෙලාවකම අලූත් මස් වර්ග තෝරා ගන්න, මේ වගේ සකසලා පැකට් කරපුවා වෙනුවට. මාළු කන එකත් ප‍්‍රශ්නයක් නෑ.

3. මයික්‍රෝවේව් කරපු කෑම

💠 ආහාර මයික්‍රෝවේව් කරන එක හරිම පහසු දෙයක් වෙන්න පුළුවන්. ඒත් මයික්‍රෝවේව් කරපු කිසිම දෙයක සාමාන්‍ය විදියට උයපු/හදපු දෙක තියෙන රසය නෑ කියලා දැනිලා ඇති නේද? මයික්‍රෝවේව් උදුනකින් කරන්නේ ආහාරය තුල තියෙන ජල අංශු (සහ මේද අංශු වල ඇති අණුක ජලය) වේගයෙන් කම්පනය කරවන එකයි. මෙහෙම කිරීමෙන් ජලය අණුක තත්වයෙන් තියෙන මේදය, ප්‍රෝටීන් වගේ ආහාර සංඝටක වල විශාල වෙනස් කම් සිදු වෙන බව හොයා ගෙන තියෙනවා. මේ වගේ වෙනස් කම් වලින් පිළිකා කාරක ෙසෙල ඇති වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේ නිසා ලේසියි පහසුයි කියලා බලන්නෙ නැතිව මයික්‍රෝවේව් කරපු කෑම ගන්න එක අදම නවත්වන්න පුළුවන් නම් හොඳයි.

4. සෝඩා වර්ග

💠 කොකා කෝලා වලට බනින එක දැන් බොහොම ජනප‍්‍රිය වුනත් ඇත්තම කාරණය ඒකෙ තියන නරක සංයෝග 90%ම අනිත් සෝඩා පානයන්ගේත් තියනවා. මේවායේ තියන අධික සීනි, ආම්ලික බව, ආහාර රසායනික හා වර්ණක නිසා අඩපණව තියෙන පිළිකා ෙසෙල පවා අලූතෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. විද්‍යාත්මකව පිළිකා කාරක කියලා නම් කරපු දේවල් ගොඩක් පාවිච්චි කරලා තමයි මේවාට යොදන රස කාරක, වර්ණක වගේම කල් තියා ගන්න ද‍්‍රව්‍ය වුනත් හදන්නේ. පිළිකා වගේම මේ අනවශ්‍ය සංයෝග නිසා වෙනත් ලෙඩ රෝග පවා වැළඳෙන්න ලොකු ඉඩක් තියනවා. මේ නිසා සෝඩා බීම වර්ග නම් නොබී ඉන්න තරමට හොඳයි.

5. ‘ඩයට්’ බීම වර්ග

💠 බොහොම සෞඛ්‍යාරක්ෂිත ආහාර තියෙන ලංකාව වගේ රටවල් වල පවා ක්ෂණික ආහාර වැඩිපුර කන්න ගිහින් මහත් වෙන අය එන්න එන්නම වැඩියි. මෙයාලා අතර ජනප‍්‍රිය බීමක් තමයි ඩයට් බීම. මේවායේ කැලරි අඩු සහ රසය එකම නිසා තමයි මෙයාලා මේවා බොන්න පෙළඹෙන්නේ, ඒ වෙනුවට සෞඛ්‍යාරක්ෂිත පානයක් බොනවා නෙවෙයි. ඒත් එහෙම වෙන්න හේතුව සාමාන්‍ය සෝඩා බීම වලට දාන සීනි වෙනුවට මේවාට දාන කෘත‍්‍රිම පැණි රස කාරක නිසයි. මේ සඳහා පාවිච්චි වෙන ඇස්පාටමේ (aspartame), සුක්‍රෝස් හා සැකරින් කියන ප‍්‍රධාන ද‍්‍රව්‍ය තුනම පිළිකා කාරක බව පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා.

6. පිරිසිදු කරපු තිරිඟු පිටි

💠 මේක වක‍්‍රව පිළිකා වලට දායක වෙන ප‍්‍රධානතම දේවල් වලින් එකක්. තිරිඟු පිටි කියන්නේ පාන්, බිස්කට් හා බේකරි නිෂ්පාදන වලටත්, කොත්තු වගේ දේවල් වලටත් පාවිච්චි කරන ප‍්‍රධානම අමුද‍්‍රව්‍ය නිසා ලොකු බලපෑමක් ඇති වෙන්න ඉඩ තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here