ලෝකයේ ලාබාලම දුපත වන” ළඳරු දුපතේ” තොරතුරු

0
281
Docastaway

🌀 පෘථිවියේ අලුත්ම භූමි උපත මෙය වන අතර අඟහරු ග්‍රහයා මත ජීවය පිළිබඳ සාක්‍ෂි සෙවිය යුත්තේ කොහිද යන්න සම්බන්ධයෙන් මෙය මග පෙන්වීමක් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

🌀 හුන්ගා ටොංගා හුන්ගා හාපයි යනුවෙන් දිව පැටලෙන සුලු නමක් යෙදී ඇති, යමහලකින් හටගත් මේ දූපත පැසිෆික් සාගරයෙන් මතුවුයේ 2015 වසරේදීය.

🌀 සාගර තරංගවලට හසුවූ තැන සිට එහි හැඩය වෙනස්වීමට පටන් ගැනිණි.
මේ නිසා සෙමෙන් සිදුවන දූපතේ සේදී යාම විද්‍යාඥයින්ගේ ඉතා සමීප නිරීක්ෂණයට ලක්ව තිබේ.

🌀 රතු ග්‍රහයා (අඟහරු) මත ජලය ඇසුරින් බිහිවූ දූපත් රැසක මෙවැනි ම ආකාරයේ ශේෂයන් ඇති බව ඔවුහු සිතති.

🌀 එය සැබෑවක් නම්, එය සැබවින් ම සිත්ගන්නා සුලු ය. පෘථිවිය මත දී සමුදුරු යට යමහල් ක්‍රියාකාරීත්වය හමුවන ඕනෑම තැනක ක්ෂුද්‍ර ජීවයට රුකුල් දෙන තත්ත්වයන් නිතර හමුවේ.

🌀 හුන්ගා ටොංගා හුන්ගා හාපයි දූපත හටගැනීම හරහා පර්යේෂකයින් එය දකින්නේ අඟහරු ග්‍රහයාගේ පුර්ව ජලාශ්‍රිත පරිසරය හොඳින් අවබෝධ කරගත හැකි දර්ශකයක් සේම එහි සරල ජීවයක් ජනිත වීමට හිතකර විය හැකි තත්ත්ව පැවතියේද යන්න අවබෝධ කරගත හැකිවන බවය.

🌀 අඟහරු මත යමහල් අළුවලින් සැදි පාෂාණවලින් සමන්විත කේතු දුටු බව විද්‍යාඥයින් සිතයි
“රතු ග්‍රහයා මත පුරාතන ජලාශ්‍රිත තත්ත්ව, ගැඹුරු බව හා ආයුකාල පිළිබඳ ඉඟියක් මෙවැනි භූ නිමැවුම් හරහා අපට ලබාගත හැකියැයි සිතනවා.” යැයි එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනයේ (නාසා) ගොඩාර්ඩ් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ජිම් ගාර්වින් පැවසීය.

🌀 “ඒ අනුව, අඟහරු අවබෝධ කරගැනීම සඳහා අපව පුහුණු කිරීමට පෘථිවිය මත ඇති HTHH (හුන්ගා ටොංගා හුන්ගා හාපයි) අප යොදා ගන්නවා” යැයිද ඔහු කියා සිටියේය. ආචාර්ය ගාර්වින් හා ඔහුගේ සගයින් හුන්ගා ටොංගා හුන්ගා හාපයි දූපත ගැන ඔවුන් කළ අධ්‍යයනවල තොරතුරු, පෘථිවි හා ග්‍රහලෝක පිළිබඳ විද්‍යාඥයින්ගේ ලොව විශාලතම වාර්ෂික හමුව වන ඇමෙරිකානු භූ භෞතික සංගමය පවත්වන හමුවට ඉදිරිපත් කෙරේ.

🌀 මේ දුපත ගොඩ නැගුනේ නිරිතදිග පැසිෆික් සාගරයේ ටොංගා දුපත් සමුහය අතර සාගරයේ ගිලී ඇති කිලෝමීටර 1.3 ක උසින් යුතු හුන්ගා යමහලෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here