දලයි ලාමාගේ අළුත්ම මොබයිල් ඇප් එක

0
121

🔆 අනුගාමිකයන්ට තම සංචාර මෙන්ම ඉගැන්වීම් හා යාවත්කාලීනවිම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (App) දලයි ලාමා හිමියන් හඳුන්වා දුන්හ.

🔆 ටිබෙට් දේශයෙන් පිටුවහල් කරනලද 82 හැවිරිදි අධ්‍යාත්මික නායකයා සතුව මිලියන 16 ඉක්මවූ ට්විටර් අනුගාමිකයෝ සිටිති.

🔆 මුදල් අයකිරීමකින් තොරව භාවිත කළහැකි මෙම නව යෙදවුම දැනට අයිෆෝන් (iPhone) මගින් පමණක් බාගත කරගැනීමට හැකිවේ.

🔆එහි ප්‍රවෘත්ති, වීඩියෝ, ඡායාරූප සහ උන්වහන්සේගේ ඉගැන්වීම් තොරතුරු ඇතුළත් වනුඇත.

🔆 2013දී රෝමානු කතෝලික සභාව ‘පෝප් ඇප්’ (Pope App) දියත් කර ලද අතර, එය භාවිත කරන්නන්ට පව් සමාකරගැනීමේ යෙදවුමක් තුළින් තම ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ලබාදී තිබුණි.

🔆 තම අනුගාමිකයන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකිරීමටත්, ඔවුන් හා නිරන්තර සබඳතා පැවැත්වීමටත්, විවිධ උපකාර කිරීමටත් වෙනත් බොහෝ ආගමික යෙදවුම්ද ඊට සමගාමිව නිර්මාණ විය.

🔆 දලයි ලාමා හිමියන්ගේ මෙම නව යෙදවුම ‘දලයි ලාමා‘ යනුවෙන් සරළව නම්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here