ඔබට හුරු දකුණත ද? වමත ද? මෙන්න ඒ සඳහා බලපාන විද්‍යාත්මක හේතුව

0
273

👋 ඔබේ හුරු අත මොකක්ද? බොහෝ දෙනෙක්ගේ දකුණු අත. තවත් පිරිසකගේ වම් අත. මේවා මෙහෙම වුනේ කොහොමද?
සරලව කතා කරමු.

🙌 හුරු අත (handedness) ගැන කතා කරද්දි, අපට හමුවන අති බහුතරය දකුණත හුරු අයයි (90%ක් තරම්). වමත හුරු අයද සැලකිය යුතු පිරිසක් හමුවන අතර, ඉතාමත්ම සුලු ප්‍රමාණයකට දෙඅතින්ම එකවර සමානව ( ambidexterity) වැඩ කල හැකි අයද වනවා. ambidexterity තරම්ම නොවුනත් දෙඅතින්ම එකවර යම් වැඩ කටයුතු කලහැකි පිරිස mixed-handedness ලෙස හදුන්වනවා.

🙌 අතිතයේදි නම් වමත්කරුවන්ට නපුරු ලෙස සැලකූ බවට සාධක පවා තිබෙනවා. වමත්කරුවන් අඩුකුලේ දාලා සැලකුවා. අශූභ දෙයක් ලෙස සැලකුවා.

🙌 ලතින් බසින් ‘‘වම‘‘ හදුන්වන්නේ, sinistra ලෙසයි. (මෙය ලතින් බසේ දෙවැනි වර්ගයේ විශේෂණ පදයක් වන අතර, එය ලිංග අනුව දීර්ඝ ආකාරය sinister, tra, trum ලෙස වේ.) අශුභ/දුෂ්ට යන තේරුම් දෙන sinister යන පදයට උත්පත්ති දුන්නේද එමයි. මෙයින්ම තේරෙනවානේ ‘‘වම‘‘ ගැන අතීත මතය!

🙌 අතීතය දැන් වෙනස් වෙලා.හුරු අත තේරෙන්න බලපාන සාධක ගැන කතා කරමු දැන්.

🙌 හුරුඅත තේරීම පටන් ගන්නේ මව්කුස ඉන්නා කලයේ දීමයි. උපතින් පසුව සිදුකරන ක්‍රියාකාරකම් හා අනුවර්තන හේතුවෙන් හුරුඅත තහවුරු වීම සිදුවන බවයි දැනට පිලිගන්නා මතය.

🙌 අපගේ මොලයේ මස්තිෂ්ක අර්ධගෝල වල අපගේ ක්‍රියාකාරකම් පාලනය කරන ස්ථාන ගනනාවක් පිහිටා තියනවා.

🙌 මෙම ස්ථාන සංවේදන ලබාගැනිම(sensory), චාලක ප්‍රතිචාර දැක්විම (motor) ලෙස නැවත සකස්ව පවතිනවා.

🙌 එක් මස්තිෂ්ක අර්ධගෝලයක් මගින් ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත පාලනය කරන බව පිලිගැනිමයි.

🙌 ලිවිම හා කතන චාලක ප්‍රදේශ බෙදි පිහිටිමට වඩා, එක් අර්ධගෝලයක් මත විශේෂිකරණය විම මගින් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනිමට හැකියාවක් ඇත. මස්තිෂ්ක බාහිකයේ බෙදීම ඉතාමක් සංකීර්ණයි.

🙌 ප්‍රමුඛ වූ අර්ධගෝලයේ ලලාට කණ්ඩිකාවේ (frontal lobe) හි පහල කොටසේ (inferior frontal gyri) පිටුපස කොටසේ කතන චාලක ප්‍රදේශය(broca’s) පිහිටිම සිදුවේ.

🙌 වම් අර්ධගෝලය ප්‍රමුඛ වූ අයවලුන් දකුණ හුරු අය වන අතර දකුණු අර්ධය පුමුඛ වූ අයවලුන් වම් අත හුරුඅය වේ.

🙌 එමෙන්ම හුරු අත සදහා ජානමය බලපෑමක් ද තිබෙනවා. මෙය මෙන්ඩල් ගේ සරල ප්‍රවේණියෙන් පැහැදිලි කල හැකි දෙයක් නොව, සංකීර්ණ ප්‍රවේණික රටාවක්. මේ සදහා ජාන ගනනක් දායක වෙනවා.

🙌 මවුකුස තුල සිටින අවසන් මාස තුන (තුන්වන ත්‍රිමාසිකය) තුල භූෑණය සිටින පිහිටිම අනුවද හුරුඅත තීරණය වන බව පරික්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

🙌 එමෙන්ම මේ සදහා බලපාන වෙනත් මත කිහිපයක් තිබෙන නමුත්, සැලකිය යුතු ලෙස පරික්ෂණයට භාජනය කර නැත.

🙌 සුලුතරයක් වන වමත්කරුවන් වෙනුවෙන් ලෝක වමත්කරුවන්ගේ දිනයක් නම්කර තිබෙනවා. සෑම වසරකම අගෝස්තු 13 වැනි දින එය සමරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here