ක්‍රීඩකයන්ට රග්බ් උගන්වන ලොව ප්‍රථම රග්බ් ක්‍රීඩිකාව

0
108

🏈 ඕස්ට්‍රේලියාවේ රග්බි පාලක මණ්ඩලය සිය ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක සිය ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත් කර ගෙන තිබේ.

🏈 නව ප්‍රධාන විධායකවරිය වන රේලීන් කාස්ල් (Raelene Castle) ඉතා කැපී පෙනෙන වාර්තාවක් සහිත ආකර්ෂණීය චරිතයක් බව ඇයගේ පත්වීම නිවේදනය කරන රග්බි ඕස්ට්‍රේලියා (Rugby Australia) ආයතනය පවසයි.

🏈 ඒ අනුව කාන්තාවක ලෝකයේ ජාතික රග්බි පාලක මණ්ඩලයක නායකත්වයට පත් වූ පළමු වතාව එය වේ.

🏈 එම තනතුර සඳහා 200 කට ආසන්න අපේක්ෂකයන් පිරිසක් අත්දැකීම්වලින් පිරිපුන් රේලීන් කාස්ල් සමග තරග වැදී සිටි බව විශ්වාස කෙරේ.

🏈 කාන්තාවක ලොව රග්බි පාලක මණ්ඩලයක ප්‍රධානියා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය විශේෂ අවධානයක් යොමුකිරීම සතුටට කරුණක් බව සිය පත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියාය.

🏈 එහෙත් විශේෂයෙන්ම ක්‍රීඩාවේ පහළම තලයේ දී පුරුෂයන් මෙන්ම කාන්තාවන් ද විශේෂ කාර්යභාරයක් ඉටුකරමින් සිටින බව පෙන්වා දුන් ඇය, එබැවින් කාන්තාවක ප්‍රධාන විධායක තනතුරට පත්වීම “විශාල ඉදිරි පියවරක්” යයි තමන් විශ්වාස නොකරන බව ද සඳහන් කළාය.

“ලැබුණු අවස්ථාව ගැන මම සතුටු වෙනවා.”

🏈 ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ නවසීලන්ත ජාතික කාන්තාවක වන රේලීන් කාස්ල්, මීට ඉහතදී නවසීලන්ත ජාතික නෙට්බෝල් කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබේ. ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමක ප්‍රධානියා වශයෙන් ද ඇය කටයුතු කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here