කුණු බිඳක්වත් නොගෑවෙන අපුරු ඇඳුමක්

0
132

🌼 අපි කොච්චර පොඩි වුනත් ලොකු වුනත් ජිවත් වන වටපිටාවේ එක එක දේවල් කරන කොට ඒ කියන්නේ අපේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන අවස්ථා වලදී ඇඳුම් වල කුණු ගෑවෙන එක සාමාන්‍ය දෙයක්.

🌼 සමහර වෙලාවට අපි බොන වතුර එක , බිම එක , සෝස් , මඩ වගේ දේවල් අපේ ඇඳුම් වල තැවරෙනවා.

🌼 මේ නිසාම නූතන ලෝකයේ තාක්ෂණයත් එක්ක මේ දේවල් වලට ව්සඳුම් සෙවීම ආරම්භ වෙලයි තියෙන්නේ.

🌼 මේ සඳහා ඔවුන් භාවිතා කරන එක විසඳුමක් තමයි යම් කිසි ද්‍රවයක් නොරඳන මතුපිටක් සහිත ඇඳුම් නිර්මාණය කිරීම.

🌼 නව සමාගමක් වන Dropel Fabrics සමාගම මේ නිසාම Kelby & Co නාමය යටතේ කුණු නොරඳන ජැකට්ටුවක් නිර්මාණය කරලා තියෙනවා.

🌼 Cotton (කපු) රෙද්දෙන් නිමකරලා තියන මේ ඇඳුම ඇන්දාම කිසිම වෙනසක් දැනෙන්නේ නෑ. ඇඟට ඉතාමත් සුව පහසුයි.

🌼 නමුත් මෙහි එක විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි මෙහි මතුපිටින් ඉතා තුනී බහුඅවයවික (polymer) ස්ථරයක් අන්තර්ගත වී තිබීම.

🌼 මෙය 100% පැල්ලම් වලට ඔරොත්තු දුන්නේ නැති වුනත් දුරකට සාර්ථක ප්‍රතිපල පෙන්වනවා. මෙය මතට වැටෙන ද්‍රව බොහොමයක් ගලාගෙන ඉවත් ව යනවා. හරියට කුඩ රෙද්දක් මතට වැටෙන ජාල බිංදු වගේ.

🌼 මෙය සම්පුර්ණයෙන්ම ජලයට ඔරොත්තු දෙන්නේ නැති වුණත් බොහෝ දුරට සාර්ථකව ඒ අවස්ථාවලට ඔරොත්තු දෙනවා.

🌼 ඒ වගේම මේ වගේ ඇඳුමක් සාමාන්‍යයෙන් ලාබෙට ගන්න බෑ කියලත් තේරෙනවා ඇති නේ.

🌼 මෙය අලෙවි වන්නේ ඩොලර් 178ක මුදලකට. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 25000ක් වගේ ගානක් !

🌼 ඒ වගේම සුදු shirt එකක් ඩොලර් 90ක් වගේ වෙනවා. කොහොම වුනත් සමාගම පවසන විදියට මේ වන විට නිර්මාණය කල කමිස වල තොග අවසන් වෙලාත් තියනවා.

🌼 Dropel Fabrics සමාගම මේ නව තාක්ෂනය අනිත් ඇඳුම් නිර්මාණය කරන සමාගම් වලටත් ලබාදීමට කටයුතු කරමිනුයි ඉන්නේ. අපි බලමු ඉදිරියේදී මොනවගේ නිර්මාණ අපේ රටටත් එයි ද කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here