චීනයෙන් හමු වූ ඔළු දෙකේ නයි පැටියා

0
242

🐍චීනයේ සර්පයන් ඇති කරන පුද්ගලයෙක් මෑතක දී අපූරු සොයාගැනීමක් සිද්ද කළා.

🐍ඒ අතරේ තමයි තමන් ළඟ ඉන්න සර්පයන් අතරේ ඔලු දෙකක් තියන සර්පයෙක් ඉන්නවා කියලා ඔහුගේ නෙත ගැටුනා.

🐍 මේ වෙන කොට මේ සර්ප පැටියා ඉපදිලා දවස් 11ක් පමණ ගත වෙලා තියනවා.

🐍ඒත් තාම කිසිම ආහාර පානයක් අරගෙන නැති බවත් වාර්තා වෙනවා.

🐍කිසිඳු ආහාරයක් අනුභව නොකල මුත් මේ සත්වයා යහපත් තත්වයෙන් සිටින බවටත් නිලධාරීන් පවසා සිටියා.

🐍මේ සර්ප පැටවා දැනට නැනින් සත්වෝද්‍යානයේ (Nanning Zoo) දී රැකබලා ගැනෙනවා.

🐍මේ සර්පයා ගැන වැඩි දුර විස්තර සඳහන් කරමින් සත්වෝද්‍යානයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ මේ නයි පැටවා පැන්සලක් තරම් සිහින් අතර යටි පැත්ත දුඹුරු වර්ණයෙන් යුක්ත බවයි.

🐍ඒ වගේම මේ වන විට සෙන්ටිමීටර 20ක් පමණ දිගු වන බවත් දන්වා සිටියා.

🐍මේ සර්ප පැටවා ගේ ශරීරයේ ඉහල කෙලවරේ සිට 1/3ක් පමණ පහලට වන්නට හිස් දෙක වෙන්වීම ආරම්භ වනවා. හිස් දෙක වෙන වෙනම පිහිට ඇති අතර පහසුවෙන් චලනය කිරීමේ හැකියාවත් පවතිනවා.

🐍මේ නිසාම හිස් දෙක බොහෝ අවස්ථාවල පති දෙකකට ගමන් කිරීමට උත්සාහ දරන බවත් දැනගන්නට ලැබෙනවා. ඒ වගේම මේ හිස් දෙක බොහෝ වෙලාවට එකිනෙකා සමඟ ගැටීමට උත්සාහ කරන ආකාරයක් ද දැකගැනීමට ලැබෙන බව සත්වෝද්‍යාන නිලධාරින් පවසනවා.

🐍මෙවැනි හිස් සහිත සතුන් බොහෝ වෙලාවට උපදින්නේ ජාන සම්බන්ධව ඇති වන ව්‍යාකුලතා හේතුවෙන් වන අතර බොහෝ වෙලාවට මේ සතුන් කෙටිකාලයක් තුල මියයන බවත් විද්‍යාඥයන් ගේ මතයයි.

🐍කෙසේ නමුත් මේ නයි පැටවා ආහාර පාන ලබාගැනීම ආරම්භ කලහොත් මීටර 1.2ක් පමණ වර්ධනය වීමටත් හැකියාව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here