ලොවපුරා වැසියන්ගේ ප්‍රියතම කෑම” ෆ්‍රේන්ච් ප්‍රයිස්-French Fries”

0
153

⏹සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න අපිට නිතරම දැකගන්න ලැබෙන දෙයක් තමයි French Fries කියන්නේ.

⏹French Fries (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්) හරියට නිකන් සිහින්ව දිගට කපාගත් අලපෙති වගේ.

⏹මේවා ගැඹුරු තෙලේ බැදලා ලුණු කුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් ඉහලා සෝස් එක්ක කනවා අපි දැකලා තියනවා.

⏹බොහෝ අවන්හල් වල දී අපිට මේ කෑම වර්ගය මිලදී ගන්න පුළුවන්. ඒ වගේම සුපිරි වෙළඳසැල් වලින් මේවා අඩංගු පැකට් මිලදී ගන්නත් පුළුවන්.

⏹කොහොම හරි ලංකාවේ අපිට මේ දේවල් මේ විදියට දැකලා පුරුදු වුනාට ඇමරිකාව , කෙන්යාව වගේ ලෝකයේ වෙනත් පැත්තක තියන රටකට ගියොත් මේ තත්වය වෙනස් වෙනවා.

⏹සමහර කෑම වර්ග ගැන කතාකරද්දී ලෝකයේ බොහෝ රටවල් වල ඒ කෑම වර්ගය පරිභෝජනය වෙනවා.

⏹මොන විදියකට පිළිගැන්වූවත් එකම ආහාරයක් තමයි තියෙන්නේ. French Fries අන්න ඒ වගේ.

⏹ඇමෙරිකාවේ කට්ටිය French Fries කන්න ආස ketchup සෝස් එක්ක.

⏹කැනඩාවේ කට්ටිය ආස හොදි වර්ගයක් සහ චීස් එක්ක French Fries වල රස බලන්න.

⏹ඒ වගේම ලන්දේසින් Mayo චීස් එක්ක තමයි French Fries පිළිගන්වන්නේ.

⏹කොහොම හරි මේ මොන විදියට පිලිගන්වුවත් French Fries බොහෝ ආපන ශාලා වල කෑම ලයිස්තුවේ නම් අන්තර්ගත වෙනවා.

⏹හැබැයි තව දෙයක් මතක තියාගන්න. මේ වගේ ආහාරයක අඩංගු මේද ප්‍රමාණය වැඩි හින්දා නිතරම මේ වගේ ආහාර වලට යොමු නොවී ඉන්නත් මතක තියාගන්න. ඒ දේ ඔබේ සෞඛ්‍යට ගොඩක් හිතකර වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here