හැමදාම දුකින් ඉන්න පූසෙක්

0
215

😿මේ ඉන්න පූස් පැටියාගේ නම බම් (Bum). මෙයා හරියට හොල්මනක් දැකලා බයවෙලා වගේ නේ ද ඉන්නේ ?

😿කවුරු හරි මෙයාව බය කරලා ද ? නෑ. එහෙම නෑ.

😿මෙයා කොයිවෙලාවෙත් මේ වගේ තමයි. ඒ කියන්නේ මෙයාට උපතින්ම ලැබිලා තියන පෙනුම මෙන්න මේ වගේ කියන එකයි.

😿මෙයාව හම්බුවෙලා තියෙන්නේ San Diego Humane Society කියන සංගමයට.

😿මෙයාවයි මෙයාගේ සහෝදර සහෝදරියන් 4 දෙනෙකුයි බේරාගෙන තියෙන්නේ මේ සංගමයේ අය.

😿ඒ අයට බම් ව හම්බු වුනු වෙලාවේ තේරිලා තියනවා මෙයාගේ මොකක් හරි අමුත්තක් තියනවා කියලා.

😿Bum දිහා බලන් ඉන්න ඔයගොල්ලොන්ට පේනවා ඇති නේ මෙයාගේ චූටි වපර ගතියක් තියනවා කියලා.

😿ඒ වගේම මෙයා කොයිවෙලාවෙත් දුකෙන් ඉන්නවා වගේ තමයි අනිත් අයට පෙන්නේ.

😿පින්තුර වල මෙයා දුකෙන් ඉන්නවා වගේ පෙනුනට Humane Society සංගමයේ සාමාජිකයන් නම් කියන්නේ මෙයා ගොඩක් හොඳින් කාලය ගත කරනවා කියලා.

😿මෙයා අනිත් මිනිස්සුත් එක්ක වගේම පූස් යාළුවො එක්කත් ගොඩක් යාලුයි කියලත් එයාලා කියනවා.

😿මෙයා ඉක්මනට ලොකු වෙනවා ලු. ඒ වගේම හොඳට මොලෙත් තියනවා ලු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here