අරුම පුදුම සුදු තල්මසුන්

0
307

🐬 ඔබ තල්මසුන් ගැන අහලා ඇති. තල්මසා යන නම ඇසූ පමණින්ම ඔබේ සිතේ මැවෙන්නේ දැවැන්ත කළු පාට සත්වයෙක් ගේ රුපයක්.

🐬තල්මසුන් මුහුදේ ජිවත් වන ශරීරයෙන් මාළුවන්ට තරමක් දුරට සමානකමක් දැක්වූවත් ඔවුන් අයත් වන්නේ ක්ෂීරපායින් ගේ ගණයටයි.

🐬 ඒ කියන්නේ කිරි බි වැඩෙන සතුන්ගේ කොටසට. කොහොමහරි තල්මසුන් අතර සුදුපාට තල්මසුන් ද ජිවත් වෙනවා.

🐬සුදුපාට තල්මසුන් කළු පාට වුන්ට සාපේක්ෂව ප්‍රමාණයෙන් අඩු නිසා උන්ව දැක ගැනීම තරමක් අපහසු කටයුත්තක්.

🐬කොහොම හරි ලඟදි දවසක ඒ කියන්නේ පහු ගිය අගෝස්තු මාසයේ මේ දුර්ලභ අවස්ථාව ඕස්ට්‍රේලියාවේ හා ඒ ආසන්නයේ සිටින පිරිසකට උදාවෙලා.

🐬Migaloo (මිගාලු) කියන නාමයෙන් හඳුන්වන සුදු Humpback වර්ගයේ තල්මසෙක් ඕස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් වන මුහුදේ දී දැකගන්න හැකියාව ලැබිලා තියනවා.

🐬මේ තල්මසාව මුලින්ම දැකලා තියෙන්නේ 1991 වසරේ.

🐬ඒ කාලයේ මේ තල්මසා ලෝකයේ ප්‍රථම සුදු Humpback තල්මසා ලෙසත් නම් කර තිබෙනවා.

🐬ගත වූ කාලය පුරාවටම ඕස්ට්‍රේලියාවේ මුහුදු තිරයේ විවිධ ස්ථාන වලදී විටින් විට මේ තල්මසා දැක ගැනීමට හැකි වී තිබෙනවා.

🐬මේ තල්මසා වෙනුවෙන් Twitter ගිණුමක් ද පවතින බව දැනගන්න ලැබෙනවා.

🐬මේ තල්මසුන් ගැන නිරන්තර අවධානයෙන් සිටින Oskar Peterson මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැනි තල්මසුන් 3න දෙනෙක් ඕස්ට්‍රේලියානු මුහුද අවට ජිවත් වන බවයි.

🐬ඒ වගේම එවැනිම සුදු තල්මසෙක් නොර්වේ අවට මුහුදේ ජිවත් වන බවටත් ඔහු පවසනවා.

🐬මේ තල්මසුන් පිළිබඳව තොරතුරු ඔහු 1990 වසරේ සිට එක්රැස් කර ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here