හිම වැටුන විදුරු වලට හානියක් නොකර, ඒවා පිරිසිදු කරගන්නා අළුත්ම ක්‍රමය

0
227

❄️හිම වැටෙන එක ලංකාවේ ජිවත් වෙන බොහෝදෙනෙක්ට අලුත් අත්දැකීමක් වුනාට ශීත රටවල් වල ජිවත් වෙන ගොඩක් අයටනම් එතරම් සුන්දර අත්දැකීමක් නෙමෙයි.

❄️රුපවාහිනියේ හෝ චිත්‍රපටවල හිම වැටෙන හැටි දැක්කම ඒ හිම ගොඩේ අපිටත් ඉන්න ලැබෙනවා නම් කියලා හිතන ගොඩක් දෙනෙකුත් අපි අතරේ ඉන්නවා.

❄️කොහොම හරි හිම වැටෙන කාලෙට ගොඩක් රටවල් වල මිනිසුන්ගේ ජිවිත වල එදිනෙදා වැඩකටයුතු කරගැනීමට නොයෙක් බාධා පැමිණෙනවා.

❄️ඔවුන්ගේ ගෙවල් දොරවල් හිමෙන් වැහිලා යනවා පාරවල් වාහන මේ හැමදෙයක්ම හිමෙන් වැහිලා යනවා.

❄️වාහන වල විදුරු වල හිම බැඳෙන එක එහෙමත් නැතිනම් අයිස් මිදෙන එක තවත් ප්‍රශ්නයක්.

❄️මේ ප්‍රශ්නය පහසුවෙන්ම මගහරවා ගන්නා ආකාරය ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

❄️සාමාන්‍යයෙන් වාහනයක විදුරුවක අයිස් මිදුනම එය ඉවත් කරගන්නේ වාහනයේ හීටරය ආධාරයෙන්.

❄️එහෙමත් නැතිනම් අයිස් ටික හූරල ඉවත් කරලා. මේ දේවල් කරන්න යම් කිසි කාලයක් ගතවෙනවා.

❄️මේ සඳහා විද්‍යාත්මක විසඳුමක් තමයි මේ තියෙන්නේ.

❄️මේ සඳහා කලයුතු වන්නේ ද්‍රාවණයක් සාදා ගැනීමයි.

❄️ද්‍රාවණය සඳහා වතුර 1/3 කුත් , සනීපාරක්ෂක මධ්‍යසාර (rubbing alcohol/ ethyl alcohol or isopropyl alcohol) 2/3 ක් අවශ්‍ය වේ.

❄️මේ ද්‍රවණය සාදා හොඳින් කලවම් කරගෙන එය වීදුරුව මතට ඉසීමෙන් පහසුවෙන්ම හිම දියවී යන ආකාරය අපිට දැකගන්න පුළුවන්.

❄️සාමාන්‍යයෙන් මධ්‍යසාර වල හිමාංකය -89°C. මේ නිසා එය ද්‍රවයක් ලෙස පවතිනවා.

❄️එමෙන්ම එය ජලය සමඟ එක කිරීමෙන් ජලයේ හිමාංකය ද පහල යනවා.

❄️මේනිසා මිදුණු අයිස් ඉවත් කරගැනීම පහසුවෙන් කළහැකි වෙනවා.

❄️ඔබටත් මේ පරීක්ෂණය නිවසේදී අත්හදා බලන්න පුළුවන්.

❄️හිම වැටෙන රටවල් වල ඉන්න හිතමිතුරන්ගෙනුත් මේ ගැන අහලා බලන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here