දරුණු නාගයන් හතරක් සමඟ පොරබැද ,ගෙහිමියන්ගේ දිවි රැකදුන් අපුරු සුනඛයා

0
891

🐶මේ සිදුවීම වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.

🐶ඉන්දියාවේ සේබෙකපුර් ගම්මානයේ ගජපාති දිස්ත්‍රිකයේ ජිවත් වන දිබාකර් සහ ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ට තමයි මේ සිදුවීමට මුහුණදීමට සිදුවූයේ.

🐶ඔහු නිවසේ ආරක්ෂාව සඳහා ඩොබර්මන් වර්ගයට අයත් සුනඛයෙක් මිලදී ගන්නේ මිට මාස කිහිපයකට ඉහතදී යි.

🐶මේ ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව නාගයන් බොහෝ සේ ගැවසෙනවා. විශේෂයෙන්ම මෝසම් වැසි සමයේ නාගයන් සිය වාසස්ථාන වලින් බැහැරව යනවා.

🐶පසුගිය සඳුදා දින සන්ධ්‍යාවේ දිබාකර් ගේ නිවස දෙසට නාගයන් එකෙකු නොව හතර දෙනෙකුම ඇදී එන්නට විය.

🐶නමුත් මේ නාගයන්ට නිවසට ඇතුලුවිම එතරම් පහසු කටයුත්තක් නොවූයේ මුරට සිටි සුනඛයා උන්ගේ මග අහුරන්නට වූ නිසයි..

🐶අවසානයේ සිදුවුයේ දරුණු ගැටුමකි. පැය කිහිපයක සටනකින් පසු නාගයන් සියල්ලම මරා දැමීමට සුනඛයා සමත් විය.

🐶නමුත් ඒ වන විටත් උග්‍ර සර්ප විෂ උගේ ශරීරය වෙලාගෙන අවසානය. ඌ සිය නිවැසියන් ගේ ජිවිත බේරා දී ජිවිතයට සමුදුන්නේ ය.

🐶මේ සිදුවීම නිසා දිබාකර් බොහෝ සේ දුක්වන්නට විය. ගම්වැසියන්ගේ ගරුබුහුමන් යටතේ මේ අපූරු සුනඛයා මිහිදන් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here