ජනාධිපති වැටුප පරිත්‍යාග කල ජනාධිපතිවරු

0
154

🌼ටිකක් පුදුමයි නේද? තමන්ගේ සම්පූර්ණ වැටුපම පරිත්‍යාග කරන්න පුළුවන් පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා ද කියලා.  මොකද කෝටි ප්‍රකෝටි ගණන් තිබ්බත් ශත පහක්වත් පරිත්‍යාග කරන්න අකැමති මිනිස්සු මේ ලෝකේ වැඩියෙන් ම ඉන්නේ.

🌼එහෙම නැති මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඒත් එයාලා ගැන වැඩිය කථා බහක් නැත්තේ එවැනි දේ මාධ්‍යට වාර්තා නොවෙන හින්දයි. ඒ නිසයි එවැනි දේ කරන ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන පමණක් තොරතුරු එළියට එන්නේ.

🌼මේ ලිපියත් එවැනි ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනකුගේ පරිත්‍යාගයන් ගැනයි.

🌼ලිපිය අවසානයේදි ඔබට දැන ගන්න පුළුවන් කවුද මේ තම සම්පූර්ණ වැටුපම පරිත්‍යාග කළ ජනාධිපතිවරු කියලා .?

04. ඩොනල්ඩ් ට්‍රම්ප්

Image: theodysseyonline.com

🌼ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වම ඉතිං දැන් පොඩි ළමයෙක් වුනත් දන්නවා මේ කියන්නේ ඇමෙරිකාවේ නව ජනාධිපති ගැන කියලා. ඔයාලා දන්නවා ඇති මෙවර එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ජය ගත්ත ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ධවල මන්දිරයට පා තැබු ඉතාමත් ධනවත් පුද්ගලයෙක් බව. ව්‍යාපාරික පවුලකින් පැවත එන ඔහුට සිය සරසවි අධ්‍යාපනය නිම කිරිමෙන් පසුව එනම් වයස අවුරුදු 25 දි පමණ පවුලේ දේපළ සංවර්ධනය කිරිමේ පාලනය හිමි වෙනවා.

🌼 ඉතා උපක්‍රමශීලීව තම ව්‍යාපාර කටයුතු දියුණු කළ මොහු එකම තැනක නොනැවතී විවිධ මංපෙත් ඔස්සේ ගමන් කරමින් ව්‍යාපාර ලෝකය ආක්‍රමණය කරමින් සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සත්‍ය වත්කම ගණනය කර ගැනිම ඒ තරම් පහසු කටයුත්තක් නොවන බව ඇමෙරිකානු මාධ්‍යය ප්‍රකාශ කරලා තියෙනවා. ඊට හේතුව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ බොහෝ විට අතිශෝක්තියෙන් කතා කරන්නෙකු ලෙස නමක් දිනා තිබිම.

🌼 අන්තර්ජාලය ඔස්සේ ඔහුගේ විඩියෝපට නැරඹිමෙන් ඔබට එය තේරුම් ගැනිමට පුළුවන. ඊට හොඳම නිදසුන තමයි මැයි මාසයේදී මැතිවරණ කොමිසම සමඟ මුල්‍ය අනාවරණ පෝරමය පුරවන විට ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට වඩා වැඩි බව ට්‍රම්ප් පවසා තිබිමත් ඊට වඩා විශ්වාස කල හැකි ෆෝබ්ස් සඟරාව 2016 දි ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ශුද්ධ වත්කම බිලියන 4.5 ක් ලෙස දක්වා තිබිමත්. ඒ අනුව ඔහු ධනවත්කමින් ලෝකයෙන්ම 324 තැන සහ එක්‌සත් ජනපදයෙන් 113 වන තැන හිමිකර ගන්නවා. එම සඟරාවම නැවතත් ජූලි මාසෙදි ඔහුගේ වත්කම ඩොලර් බිලියන 3.7 ක්‌ ලෙස දක්‌වා තිබුණා.

Image: tribecadevelopers.com

🌼 ඊට හේතුව ලෙස ෆෝබ්ස් සඟරාව පවසා සිටින්නේ මෑන්හැට්‌න් සිල්ලර වෙළඳාම සහ කාර්යාල ඉඩ වටිනාකම පහළ වැටීම නිසා ට්‍රම්ප්ගේ වත්කම අඩු වී ඇති බවයි. ඒ කෙසේ වෙතත් එක්‌සත් ජනපදයේ ජනධිපති ලෙස තමාගේ ධූර කාලයේදි ඔහුට හිමි ඩොලර් ලක්‌ෂ 4 ක වාර්ෂික ආදායම ඔහු ප්‍රතික්‌ෂේප කරනවා. තමා ලොකු නිවාඩු හෝ ජනාධිපති වැටුප නොගන්නා බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාවගේ ගෙවීම ප්‍රතික්‌ෂේප කිරීමෙන් ඔහු ඊළඟ වසර 4ක කාලය ස්‌වාමියා වීමට අදහස්‌ කරන බවක්‌ හැඟෙනවා. මේ නිසා ඔහු අනෙකුත් ජනාධිපතිවරුන් සේම වැටුප පිළිගත යුතු බවට ඇතමුන් අදහස්‌ පළ කරනවා. ඔහු ඒ වැටුප තම ප්‍රයෝජනයට ගැනීමට අකමැති නම් පෙර ජනාධිපතිවරුන් කළා සේ සම්පූර්ණ වැටුප පිනට දීමේ හැකියාවද පවතිනවා.

03. ජෝර්ජ් වෝෂින්ටන්

Image: WhiteHouse.gov

🌼 ඔයාලා දන්නවා ඇති ජෝජ් වෝෂින්ටන් කියන්නේ ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බව. ජෝජ් වොෂින්ටන් ද ධනවත් පුද්ගලයෙක් වු අතර ඔහුද තම ජනාධිපති වැටුප ප්‍රතික්ෂේප කර සිටියා. ඇමෙරිකානු ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ඇමෙරිකානු රජයේ ජනාධිපතිවරයාට වැටුපක් ගෙවිම ඉතා වැදගත් රාජකාරියක් ලෙස දක්වලා තියෙනවා. ඒ නිසා ඇමෙරිකානු ව්‍යවස්ථාව සැකසු පුද්ගලයන් මේ සඳහා යම් විරෝධයක් දක්වනවා.

🌼 ඊට හේතුව තමයි විධිමත් වැටුපක් නොගන්නා පාලකයෝ දුෂණයට ලක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි. එසේම ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ එතරම් ධනවත් කමක්‌ නැති පුද්ගලයින් වැටුපක්‌ නැති නිසා ජනාධිපති ධුරය භාර නොගැනීමටද කටයුතු කරනු ඇති බව. එකල කොංග්‍රසය ජනාධිපති ධුරය වෙනුවෙන් ඩොලර් 25000 ක වාර්ෂික වැටුපකට ඡන්දය දුන් අතර ජෝර්ඡ් වොෂින්ටන් තම අදහස වෙනස්‌ කර එම වැටුප පිළිගත්තා. එම පෙළඹවීමෙන් වැදගත් ප්‍රතිපත්ති දෙකක්‌ ඉදිරියට අනුගමනය කෙරුණා.

🌼 පළමුවැන්න නම් ජනාධිපතිට ඔහුගේ කාර්යාලයේ ජීවනෝපායක්‌ සහතික කිරීම සහ දේශද්‍රෝහි පෙළඹවීමක්‌ ඇති නොවීමට වග බලා ගැනීමයි. දෙවැන්න නම් අනාගත ජනාධිපතිවරුන්ට බාහිර ආදායම් මාර්ග වෙත රඳා සිටීමට ඇති අවශ්‍යතාව අවම කිරීම සහ ඔහුව තෝරා පත් කර ගත් ජනතාවට ණයගැති සැබෑ රාජ්‍ය සේවකයෙකු බව සනාථ කිරීමයි. තමාට ගෙවීමක්‌ කරන ජනතාවට ජනාධිපති ණයගැතිය. තවත් විදියකින් කියනවා නම් ස්‌වාමියා වන්නේ ගෙවන තැනැත්තායි.

02. ජෝන් එෆ් කෙනඩි

Image: businessinsider.com

🌼 1961 වර්ෂයේදී ජනාධිපති ධුරයට පත් වුන ජෝන් එෆ්.කෙනඩි ද බොහෝ ධනවත් පවුලක පුද්ගලයෙක් විය. ජෝන් එෆ් කෙනඩිගේ පවුලේ වටිනාකම ඩොලර් බිලියනයක් පමණ වු අතර ඔහුද ඩොලර් මිලියන ගණනක භාරකාර අරමුදලක හිමිකරුවෙක් වුනා. එකල නියමව තිබු ඇමෙරිකානු ලක්ෂ එකක ජනාධිපති වැටුපේ අවශ්‍යතාවක් ඔහුට තිබුනේ නැහැ. ඒ නිසා එම සම්පූර්ණ වැටුපම පිනට දිමට ඔහු තිරණය කළේය. තම ධුර කාලයේදි ජනාධිපති වැටුප සම්පුර්ණයෙන්ම පිනට දුන් ජනාධිපතිවරු දෙදෙනෙක් ගැන සඳහන් වෙනවා. එයින් කෙනෙක් ජනාධිපති ජෝන්.එෆ්.කෙනඩ් වන අතර අනෙකා ඇමෙරිකාවේ 31 වන ජනාධිපති වු හර්බට් හූවර් ය. ඔහු වෘත්තියෙන් ලෝක ව්‍යාප්තව අත්දැකිම් ලැබු ඉංජිනේරුවෙක් විය. ලොව පුරා ඛනිජ තැන්පතු සොයමින් ඒවා ඇද ගැනීම වෙනුවෙන් ව්‍යාපාර පිහිටවූ ඔහු ඒ කටයුතු වලින් විශාල ධනවතෙක්‌ව සිටිම නිසා ජනාධිපති වැටුප පිනට දුන් බව පැහැදිලි වේ.

01. හොසේ මුහිකා

Image: thebubble.com

🌼 හොසේ මුහිකා යනු ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරය යි. 2009 වර්ෂයේදී 53% ක ජන්ද බලයක් ලබාගෙන ඔහු උරුගුවේ ජනාධිපති බවට පත් වෙනවා. ඉහත කථා කල සියළු ජනාධිපතිවරුන් ධනපති පවුල් වල පුද්ගලයන් වු අතර ජොසේ මුජිකා යනු ධනපති පවුලකින් පැවත ආ අයෙකු නොවේ.

🌼 හොසේ මුහිකාගේ වැදගත්කම නම් ඔහු සිය ආදායමින් 90%ක් ම අඩු ආදායම්ලාභී නිවාස සංවිධාන වෙත පිරිනමා අල්පේච්ඡ ජීවිතයක් ගතකිරීමයි.

🌼“මට කතා කිරීමේ ආක්‍රමණශීලී ධෛර්යයක් තිබේ. නූතන ලෝකයේ එය ‍එසේ වන්නේ නැත. මිනිස්සු සිය හැඟීම් සඟවාගෙන වෙස්වලාගනිති”. මා මිනිසුන්ගේ අවධානයට ලක් වන්නේ ඒ නිසා විය හැකි ය.” යන්න ඔහු මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

🌼උරුගුවේ ඒක පුද්ගල ආදායම ලෝකයේ 47 වන ස්ථානය ගනී. ලතින් ඇමරිකානු රටවල් අතර දුෂණය අවම රට ලෙස උරුගුවේ පිළිගැනීමට ලක් වී තිබේ. එහි දේශපාලන හා කම්කරු නීති වඩාත් ලිබරල් ස්වභාවයකින් යුක්තය. දුෂණය අවම රටක් වන උරුගුවේහි ජනාධිපති මෙතරම් පරිත්‍යාගශීලි අයෙක් විම පුදුමයට කරුණක් නොවේ නේද?

Image: transcend.org

🌼 ඔහුගේ සුරතල් බල්ලා කකුල් තුනේ ආබාධිතයෙකි. ගමන් බිමන් යාමට ඔහු සතුව ඇත්තේ ෆොක්ස්වැගන් බීට්ල් කාර් දෙකකි. ඔහු භාවිතා කරන්නේ සාමාන්‍ය ලී මේසයක් හා පුටුවකි. ඔහු සෑහෙන්න පොත් කියවයි. අරවා මේවා විවෘත කරමින් බොරුවට අතන මෙතන ඇවිදීම අඩුය. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් එන්නේ ද අඩුවෙනි. ඔහු එයට අකැමැති බව ජනතාව දනිති. ඔහුගේ විවේචකයෝ ඔහු තරමක උන්මත්තකයකු ලෙස හඳුන්වයි.

🌼 පිස්සු වැටුණාක් සේ භාණ්ඩ පසුපස හඹා යන ලෝකයක හොසේ මුහිකා වැනි අය උන්මත්තකයන් ලෙස පෙනීම ගැන පුදුම විය යුතු නැත. ජනතාවට සෙත සැලසිමේ අරමුණින් ඔවුන්ගේ බදු මුදල් විනාශ නොකර ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කරපු මෙවැනි ජනාධිපති කෙනෙකු ලබන්නට උරුගුවේ ජනතාව පින් කර ඇති බව පැවසිම වැරදි නැතයි මා සිතමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here