සිංදු කියන මෙහෙණිය “ඩ්‍රෝල්මා”

0
344

❤️මෙහෙණින් වහන්සේ නමක් සිංදු කියනවා කිව්වාම ටිකක් පුදුමයි නේද?

❤️කවුද මේ සිංදු කියන මෙහෙණිය ,ඇය උපන් දේශය,ඇගේ ජිවිත කථාව සහ ඇගේ ජිවිතයේ කඨෝර අත්දැකිම් ,වගේම ඇය අභියෝග වලට සාර්ථකව මුහුණ දී ඒවා ජයගත් ආකාරය පිළිබඳව  තොරතුරු මෙම ලිපියෙහි අඩංගු වෙනවා.

⏹කවුද මේ ඩ්‍රෝල්මා මෙහෙණිය ?

❤️ ටිබෙට් ජාතික සරණාගත යුවලකට දාව උපන් චෝයිං ඩ්‍රෝල්මා යනු බාලවියේ දී තම ගිහි ජිවිතය අතහැර   ,ඒ තුළින් තම ගායන හැකියාව  ඔප් නංවමින් ජාත්‍යන්තර තලයේ ගායිකාවක බවට පත්වු මෙහෙණින් වහන්සේ නමකි. කටුක ළමා කාලයකට උරුමකම් කියු  ඩ්‍රෝල්මාට කුඩා අවදියේ දී තම පියාගේ සාහසික පහර කෑම් වලට ලක් වන්නට සිදු විය.

❤️මේ පහර කෑම් වල  ප්‍රතිඵලයක් ලෙස ඇයට ගිහි ජිවිතය කලකිරෙන  අතර මෙහෙණින් වහන්සේ නමක් වී ධර්මයෙහි හැසිරි ,සැහැල්ලුවෙන් ජිවත් වන්නට ඇය තීරණය කළාය.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ළමා මනසට කෙතරම් දුරට බලපෑම් කරනවාද යන්න ඩ්‍රෝල්මා මෙහෙණිය ගේ ජිවිත කථාවෙන්ම අපට තේරුම් ගන්නට පුළුවන  .කුඩා ඩ්‍රොල්මා හිස මුඩු කර ,කහ සිවුරක් දරා තම ළමා අවදියේදී ම උතුම් වු බුද්ධ ශාසනයට ඇතුළත් වුවාය . ” නාගි ගොම්පා” නම් මෙහෙණි ආරාමය කත්මණ්ඩු නිම්නයේ කඳු ගැටයක් අතර පිහිටා තිබු අතර එහි තිබු සාමකාමී පරිසරය ඇගේ මුළු ජිවිතයම වෙනත් දීශානතියකට හරවන්නට සමත් වුහ.

⏹සංගීත ජිවිතයේ ආරම්භය

❤️මෙලෙස සුන්දර පරිසරයක ආගමික කටයුතු වල නියැලෙමින් උන් ඩ්‍රෝල්මා මෙහෙණියගේ ජිවිතයේ තවත් අළුත් පිටුවක් පෙරලෙන්නේ කවුරුත් නොසිතූ අයුරිනි.විදේශිකයෝ යම් අධ්‍යාත්මික අවබෝධයක් ලබා ගැනිම සඳහා  නාගි ගොම්පා ආරාමයට පැමිණෙන්නට පුරුදු වි සිටිහ. ඊට හේතුව වුයේ,ඩ්‍රෝල්මා මෙහෙණිය සහ ඇගේ ගුරුවරයා වු තුල්කු උර්ජින් යටතේ භාවනාව ප්‍රගුණ කරන්නට ඔවුහු බොහෝ ඇලුම් කළ නිසාවෙනි.ඒ අතර ඇමෙරිකාවේ ගීත තැටි නිපදවන්නෙකු වු ස්ටිව් ටිබට්ස් සහ ඔහුගේ භාර්‍යාවද වුහ.

❤️ස්ටිව් එහි ගත කළ අවසාන දිනයේ දි ඔහු කරා පැමිණි භාෂා පරිවර්තකයා ඔහුගෙන් යම් ඉල්ලිමක් කළේය.ඔහු ඩ්‍රෝල්මාගේ ගීතයක් තැටිගත කරන්න යැයි ස්ටිව්ගෙන් ඉල්ලමක් කලේ ඩ්‍රෝල්මා මෙහෙණියගේ සුමිහිරි කටහඬෙන්  මුළු ලොවම සනසන්නට හිතා ගෙනය.මෙය දැනගත් ඩ්‍රෝල්මා මෙහෙණිය ලෙමන් ටෙන්ඩුල්ගේ ගීයක පද පෙළි දෙකක් ගැයුවේ ස්ටිව් සහ අසන්නන් පුදුම කරමිනි.ස්ටිව් පවසා ඇත්තේ ඒ හඬ ඇසෙද්දි ඔහු විස්මයට පත් වි ගල් ගැහුණ බවය.ඇගේ පටිගත කරන ලද ගීයත් සමඟ ඔහු ඇමරිකාව ට ගියේ දහසක් බලාපොරොත්තු හිතේ සගවා ගෙනය.එම බොදු ගී රාවයට උදිත ගිටාර් වාදනයකුත්  ගලපා ගීතැටිය ආපසු නේපාලයට යැව්වේ ගීත ඇල්බමයක් කරන්නට ඇයට ආරාධනාවක් ද කරමිනි.

⏹සිංදු කියන මෙහෙණිය

❤️ආරාමය තුළඳිම ගායනා කර තැටිගත කරන ලද ඩ්‍රෝල්මා මෙහෙණියගේ ගීත ඇල්බමය ඉතාමත් හොඳින් අලෙවි විය.මෙහිදි කිසිදු ලාභ අපේක්ෂාවක් බලාපොරොත්තු නොවු මෙහෙණින් වහන්සේ ගී තැටි සම්බන්ධව ගණන් හිලව් ගැන කතා කිරිමට පවා අකැමති වුහ.නමුත් ඔවුන්ගේ පෙරැත්ත මත ඇයට ඇමරිකානු සංචාරයකට සහභාගි වන්නට සිදු විය.ඇය ගැයුවේ බෞද්ධ දර්ශනයට අනුරූප වු ගීතයන් පමණි.සමාජයට පණිවුඩයක් දිය හැකි ගීතය.

⏹සීහීනය සැබෑ විම

❤️ඇමෙරිකානු සංචාරයේ දි ඇයට ලැබුණු සියළු මුල්‍ය සම්පත් “මෙහෙණි සුභ සාධන පදනම” නිර්මාණය කිරිම සඳහා යෙදවිය.ඉන් දෙවසරකට පසුව ඇය ” නිදහස් ආර්ය තාරා නේවාසික පාසල “ආරම්භ කළේ දුෂ්කර ජිවිතයක් ගත කළ මෙහෙණින් වහන්සේලා අසු නමකට වැඩ සිටිම සඳහාය . ඇගේ ඊලඟ ඉලක්කය වුයේ සංගීත සංදර්ශන වලට සහභාගි වී නේපාලයේ දුප්පත් පවුල් වල දැරියන් සඳහා නිදහස් පාසලක් පිහිටු විමයි.මඳ කාලයකට පසුව මේ මෙහෙණිය ලොකේ විවිධ ප්‍රදේශ වල ගීත සංදර්ශන පැවැත්වු අතර ඒ සඳහා විශාල ජනකායන් සහභාගි වි ඇත.ඩ්‍රෝල්මා මෙහෙණියගේ චරිතාපදානය “සිගිං ෆෝ ෆ්‍රීඩම් (Singing For Freedom ) (නිඳහස උදෙසා) නමින් 2008 දි ප්‍රංශයේ දී ප්‍රකාශයට පත් වී ඇත.

⏹අභියෝග හමුවේ නොසැලිම

❤️ඩ්‍රෝල්මා මෙහෙණියගේ ඇවතුම් පැවතුම් ගැන සමහර නේපාල මතධාරීන් ඇයට නිතර නිතර අභියෝග එල්ල කළහ.ගායනය,සංචාරය මෙහෙණින් වහන්සේ නමකට අකැප යැයි පැවසුවද ඒ ගැන ඇයගේ අදහස වුයේ මිනිසුන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් තමන් එසේ සිදු කරන බවය.තමන් ගායනා කරන්නේ බෞද්ධ ගීත පමණක් බැවින් එයින් මිනිසුන්ගේ හීත් වලට කථා කරන්න,ධර්මයෙහි හැසිරෙන්න රුකුලක් වනු ඇතැයි  ඇගේ විශ්වාසය යි.

❤️කෙසේ හෝ ඩ්‍රොල්මා මෙහෙණියගේ ජිවිතයෙන් අපට ගන්න පුළුවන් ආදර්ශ‍ය වනුයේ තමා මොන දුෂ්කරතා සහිතව ඉපදුනත් උත්සාහය ,කැපවිම උනන්දුව තුළින් ජිවිතය ජයගත හැකි බවය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here