හිට්ලර් තුවක්කුවෙන් චිත්‍ර අදියි

0
163

❤️හිට්ලර් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ  නාසි අධිරාජ්‍යක් වෙනුවෙන් කෝටි ගනන් මිනිස්සු මරපු ඒකාධිපති පාලකයාව නේද? හැමදාම අපි කථා කරේ ඇඩෝල්ෆ් හිලර්ගේ ජිවිතයේ ආරම්භය,ඔහුගේ යුධමය කටයුතු වගේ දේවල් නේහ්.නමුත් මේ ලිපියෙන් කථා කරන්න උත්සාහ කරන්නේ හිට්ලර් සතුව තිබුණු කාලාකාමී හැකියාවක් ගැනයි.ඔහු චිත්‍ර අදින්න දක්ෂයෙක් .ඔබ අහලා ඇති නේහ් ඕනෑම දරුණු මිනිසෙක්ව කලාව තුළින් සංවේදි මිනිසෙක් කළ හැකි බව.

❤️නමුත්,හිට්ලර් චිත්‍ර ඇදිමට දක්ෂතාවයක් දැක්වුවද ඔහු තුළ  නම් සංවේදී හදවතක්  තිබුනේ නැහැ.හිට්ලර් රණකාමීයෙක් පමණක් යැයි සිතු සැමදෙනාටම මේ ලිපිය අවසානයේදි ඔහුගේ චිත්‍ර ඇදිමේ හැකියාව ගැනත් දැන ගැනිමට පුළුවන් වෙවි.

img.thedailybeast.com

චිත්‍ර ඇදිමේ ආරම්භය

❤️1908-1913 කාලය තුළ හිට්ලර් ජිවත් වුනේ ඕස්ට්‍රීයාවේ වියානා නුවරයි.එහිදි ඔහු තම ජීවිකාව සඳහා තැපැල් පත් නිර්මාණය සහ චිත්‍ර ඇදිම කළ අතර හොඳ යැයි සිතු නිර්මාණ යම් සාධාරණ මුදලකට ද අලෙව් කළේය.

❤️මෙලෙස හිට්ලර් විසින් ඇදි චිත්‍ර සියයක් පමණ වු අතර දෙවෙන ලෝක යුද සමයේදී ඒවා ඉතා ඉහළ මිළ ගණන් වලට වෙන්දේසී කළහ.සමහර චිත්‍ර දෙවන ලෝක යුද්දයේ “බර්ලින්” අවසන් සටනේදී ඇමෙරිකානු හමුදාව විසින් අත්පත් කරගනු ලැබිය.ඒවා අදට ද පවතිනුයේ ඇමෙරිකානු රාජ්‍ය භාරයේ ය.

lajk.startlap.hu

සිහින බිඳ වැටිම.

චිත්‍ර ඇදිමට කැමැත්තක් දැක්වු හිට්ලර් තම හැකියාව දියුණු කිරිම සඳහා වියානා සෞන්දර්ය ඇකඩමියට (Academy Of Fine Arts Vienna ) ඇතුළත් වන්න තීරණය කරනුයේ කලාව සඳහා ඇති තම කැමැත්ත යථාර්ථයක් කර ගැනිම සඳහා ය.නමුත් ඔහුගේ සිහින බොඳ කරමින් සෞන්දර්ය ඇකඩිමියට ඇතුළත් විමේ පරික්ෂණයෙන් ඔහුව අසමත් වෙනවා වගේම 1907 සහ 1908 යන අවුරුදු දෙකේදීම ඇකඩමියෙන් ප්‍රතික්ෂේප කරනවා.

❤️හිට්ලර් ගේ ස්වයං චරිතාපදානය ගැන ඔයාලා හැමෝම දන්නවා ඇති.නමින් එය මේන් කැම්ෆ්(Mein Kampf).එම ග්‍රන්ථයෙහි හිට්ලර් සඳහන් කරනවා තමා තුළ චිත්‍ර කලාව සඳහා තිබුණ තදබල ආශාව පිළිබඳව.ඔබ අහලා ඇති හිට්ලර් කියන්නේ ගුරුවරුන්ගේ ක්‍රියාකලාප නිසා දරුණු පාලකයෙක් වු පුද්ගලයකු බව.මිනිස් රූප ඇදිම සඳහා හිට්ලර් දුර්වල යැයි පැවසු ගුරුවරු ඔහුව ඇකඩමියෙන් ප්‍රතික්ෂේප කරනුයේ ඔහු ආසා නොකළ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා තෝරා ගැනිමෙන් අනතුරුව ය.ගෘහ නිර්මාණ ශිල්පය හැදැරීම සඳහාද ඔහුට ප්‍රමාණවත් සුදුසුකම් නොතිබුණු අතර ඒ සිහින දෙකම බාහිර බලපෑම් මගින් සුණුවිසුණු කරලා දැමුවේ අනාගතයේ දී දරුණු රණකාමී පුද්ගලයකු ලොවට දායාද කරන්නට යැයි කාටවත්ම නොසිතෙන්නට ඇත.

❤️සමහරවිට හිට්ලර් කලාව සඳහා යොමු වුනානම් මිනිස්සු කෝටී ගානකගේ ජිවිත විනාශ නොවෙන්නට ඉඩ තිබුණි.ඇකඩිමියෙන් ප්‍රතික්ෂේප වුවද චිත්‍ර ශිල්පය සඳහා ඔහු තුළ තිබුණු කැමැත්ත සහ උනන්දුව යටපත් නොවුන අතර, වෙනදා වගේම ඔහු වියානා නුවර කලාගාර වල ඇවිදිමින් තම හැකියාව සහ දැනුම වැඩිකර ගන්නට කටයුතු කළේය .

medier.talentum.com

චිත්‍ර මිළදි ගන්න ගැනුම්කරුවන්.

❤️“මම චිත්‍ර ශිල්පියෙක්,දේශපාලනඥයෙක් නොවේ “යැයි හිට්ලර් පවසා ඇති බව 1939 දි පළ වු බ්ලු බුක්(Blue Book) නම් ග්‍රන්ථයෙහි සඳහන් වෙලා තියෙනවා .තවදුරටත් ඔහු පවසා ඇත්තේ පෝලන්ත ප්‍රශ්නය විසදුනොත් ඔහු චිත්‍ර ශිල්පියෙක් ලෙස අවසන් ගමන් යන්නට කැමති  බවය.

❤️මේ විදියට හිතපු කෙනෙක් කොහොම මිනිස්සු මැරුවද කියලා හිතා ගන්නවත් බෑ නේද??.

❤️සැමුවෙල් මෝන්ස්ටන් යනු ඕස්ට්‍රීයාවේ හිටපු ධනපති ව්‍යාපාරිකයෙක්.ඔහු තමයි හිට්ලර් වියානා වල ජිවත් වෙද්දි හිට්ලර්ගේ ව්‍යාපාර හවුල්කරු ලෙස කටයුතු කරලා තියෙන්නේ .1910 වර්ෂයේදි පමණ ආරම්භ වු මේ මිත්‍රත්වය නිසා හිට්ලර්ට යම් වාසි සහගත දේයකුත් වුනා.හිට්ලර් ගේ චිත්‍ර දැකපු සැමුවෙල් ඔහුගේ චිත්‍ර තුනක් පාරිභෝගිකයන් හට පෙන්වා ඒවා ඉතා ඉහළ මිළකට අලෙවි කරලා දෙනවා.

❤️මෙහි යම් විශේෂත්වයකුත් තියෙනවා .ඊට හේතුව තමයි මේ පාරිභෝගිකයන් අතර හිටිය බෝහෝ දෙනෙක් යුදෙව් ජාතිකයන් විම. ඔබට මතක ඇති ,පසුකාලීනව යුදෙව් ජාතිකයන් තමයි හිට්ලර්ව සහ මුලින්ම උදුරා දැමිමට කටයුතු කලේ කියලා .හිට්ලර් ගේ චිත්‍ර මිළඳි ගත්ත තවත් පාරිභෝගිකයෙක් වුයේ නිතිපතිවරයෙක් ලෙස කටයුතු කල ජෝසෆ් ෆෙයින්ගෝල්ඩ් ය.ඔහු විසින් හිට්ලර් ගේ විශාල චිත්‍ර ප්‍රමාණයක් මිළට ගෙන ඇත.එසේම 1939 දි පමණ සතිපතා පළ වු ලයිෆ්(Life) නම් සඟරාවෙහි ද හිට්ලර්ගේ චිත්‍ර පල වී ඇත.

හිට්ලර්ගේ චිත්‍රවල විශේෂත්වයක්

❤️හිට්ලර් ගේ චිත්‍ර ගැන බෝහෝ දෙනෙක් කිව්වේ ඒවා ඉතා දුර්වල තත්ත්වයේ පවතින බවය.මන්ද මේ චිත්‍ර බොහෝමයක මිනිස් රූප රහිතව තමයි සිත්තම් වෙලා තිබුනේ.අපි පොඩි කාලේ උනත් චිත්‍රයක් අදින කොට මුලින්ම වගේ ඇන්දේ මිනිස් රූපයක් නේහ්.ඒත් හිට්ලර් ඔහුගේ චිත්‍ර සඳහා වැඩිපුර යොදාගෙන තිබුනේ කාන්තාර,ගොඩබම්,කුඹුරු,නිවාස වැනි වස්තුන් ය.ඔහු පාට කිරිමට යොදා ගෙන තිබුනේ දියසායම් මාධ්‍යය යි.දෙවෙන ලෝක යුධ සමයේ කැඩි බිදි ගිය ගොඩනැගිලි හිට්ලර්ගේ බෝහෝ චිත්‍ර වල දැක ගන්නට පුළුවන්.

www.germaniainternational.com.

❤️2009 වර්ෂයේදී හිට්ලර් ගේ චිත්‍ර 15ක් පමණ ලක්ෂ ගණනින් වෙන්දේසී වි ඇති අතර  එයින් අපට තේරුම් ගත හැක්කේ දරුණු රණකාමී හිට්ලර් ට මිනිස්සු කොතරම්  අකැමති වුනත් කලාකාමී හිට්ලර් ට බෝහෝ මිනිස්සුන් කැමති බවය.මිනිසුන් දහස් ගණනින් මැරු මිනිසෙකු විදියට හදුනා ගත්ත හිට්ලර් ව මෙලෙස කලාකාමී මිනිසෙකු ලෙස හදුනා ගැනිමට අපට හැකි වුයේ ඔහුගේ සිතුවම් නිසාවෙනි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here