සැමියා වෙනුවෙන් වන්දිගෙවන ගෝත්‍රික චාරිත්‍ර

0
249

🌼 සැමියා මියයැමෙන් පසුව ඔහු දැවෙන දර සෑයට පැන තමන්ගේ ජීවිතය ඔහු වෙනුවෙන් පූජාකරනු ලබන “සති පූජාව” පිළිබඳව සමාජයේ ආන්දෝලනාත්මක කතා බහ අනාදිමත් කාලයක පටන් ගොඩ නැගී ඇත.

🌼සති පූජාවේ ආරම්භය ගොඩ නැගී ඇත්තේ “සාවිත්‍රි නැමැති කාන්තාවක්‌ මුල් කර ගෙනය. ඇය සත්‍යවාන් නැමැති පුරුෂයෙකු සමග ආදරයෙන් බැඳී සිටි අතර ඔහුගේ මරණය ඇයට දරා ගත නොහැකි විය. සත්‍යවාන්ගේ ආත්මය රැගෙන යැමට යමරජු පැමිණි විට ඔහු පසුපස යමින් සාවිත්‍රි තම පුරුෂයාට නැවත ප්‍රාණය ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය. මේ යහපත් බිරිඳ ගැන අනුකම්පාවෙන් යමරජු විසින් සත්‍යවාන්ට නැවත පණ ලබා දෙන ලදී.

🌼තවත් පුරාවෘත්තයකට අනුව එක්‌තරා රජකෙනෙක්‌ මියගිය පසුව ස්‌වර්ගයේ කාන්තාවන් ඔහු පිළිගැනීමට මගබලා සිටියෙන් ඔහුගේ බිරිඳට මේ තත්ත්වය දරා ගත නොහැකි විය. තමාගේ ස්‌වාමිපුරුෂයා ස්‌වර්ගයේදීත් අන්සතු නොවී තමාගේම කර ගනු වස්‌ ඇය සැමියා දැවෙන සෑයට පැන සිය දිවි හානි කරගත්තාය. සති පූජාවේ තවත් පැතිකඩක්‌ ලෙසින් සමාජවිද්‍යාඥයන් දකින්නේ ඉන්දියාවේ බොහෝ කාන්තාවන් අඩු වයසින් විවාහයට පත් වීමේ ප්‍රවණතාවයත් සමඟ පිරිමින්ගේ වයස පරාසය බෙහෙවින් වැඩිය. ඒ නිසා පිරිමින් මියයැමත් සමඟ මෙම තරුණ කාන්තාවන් වෙනත් විවාහයන්ට යොමු වෙන නිසා ඇති ඊර්ෂ්‍යාසහගත බව මුල් කරගෙන මෙම සම්ප්‍රදාය බිහිවී ඇතැයි උපකල්පනය කෙරේ. උතුරු ඉන්දියාවේ රාජස්‌තාන් සහ බෙංගාල වැනි ප්‍රදේශයන්හි උසස්‌ යෑයි සම්මත කුල අතර සහ ඊජිප්තුව, ග්‍රීසිය වැනි රටවලත් සති පූජාව පවත්වා ඇත. 17 වන සියවසේ විසූ සංචාරකයෙක්‌ වූ “ටැව්මීර්” ගේ වාර්තාවන්ට අනුව මෙම පූජාව පැවැත්වීමට කුඩා කුටියක්‌ සකස්‌ කොට එහි මියගිය ස්‌වාමි පුරුෂයා සහ බිරිඳ එකට පුළුස්‌සා ඇත.

🌼සති පූජාව හැරුන විට වෙනත් විවිධ චාරිත්‍ර අනුව ස්‌වාමි පුරුෂයා මිය යැමෙන් පසුව කාන්තාවන්ට පිළිපැදිය යුතු චාරිත්‍ර ඇත.ඇතැම් ගෝත්‍රික පිරිස්‌ අතර මුල් බැස ගත් විශ්වාසයන් අනුව සැමියා හෝ බිරිඳ මියගිය පසුව හිතේ ඇති වෙන දුක්‌ඛ දෝමනස්‌සයන් ශාරීරිකවත් ප්‍රදර්ශනය කළ යුතු බවයි. මෙම අන්ධානුකරන විශ්වාසයන් අතර ජීවත්වෙන ඉන්දුනීසියාවේ පැපුවා හි වෙසෙන “ඩාරි” ගෝත්‍රිකයන් තම සහකරු හෝ සහකාරියගේ වියෝවය සමග ඔවුන්ගේ ඇඟිල්ලකින් ඉහළ කොටස කපා දමනු ලැබේ. මියගිය තැනැත්තාගේ අවසන් කටයුතු සිදුකරන අවස්‌ථාවන්ට ඔවුන් සහභාගි වෙන්නේ අතේ ඇඟිලි සිඳ ගැනීමෙන් පසුවය.

🌼ඒ අතරම ආදාහනය කිරීමෙන් පසුව භෂ්මාවශේෂයන් තමාගේ මුහුණේ තවරා ගැනීමද ආදරය ප්‍රදර්ශනය කිරීමක්‌ ලෙස ඔවුන්ගේ විශ්වාස කළහ. යම් ලෙසකින් බහු පුරුෂ සේවනයේ යෙදුණහොත් සහ තමාට පෙරාතුව එම ස්‌වාමි පුරුෂයන් මියගියහොත් ඒ වෙනුවෙන් ඇඟිලි කීපයක්‌ කපා දැමීමට සිදු වේ.

🌼පැපුවානිව්ගිනියාවේ “වන්නා” ප්‍රදේශයේ ඩානි ගෝත්‍රිකයන් ගේ ගහනය දැනට 2,25,000 ක්‌ පමණ වෙතැයි The Globe and Mail. මගින් ඇස්‌තමේන්තු කර තිබේ. විවාහකයන් අතර පවතින මෙම චාරිත්‍රය බොහෝ සේ බලපාන්නේ කාන්තාවන්ටය. සැමියා මියගිය පසු බිරිඳ විසින් තමාගේ ඇඟිලි කපා දැමීමේ චාරිත්‍රය ආගමික විශ්වාසයන් සමඟ සම්බන්ධව ඇත. මියගිය පුද්ගලයා බලසම්පන්න වූ අයෙක්‌ නම් ඔහුගේ ආත්මය ගම්මානයේ සැරිසරමින් කරදර ඇති කරන බවට විශ්වාසයක්‌ මෙම ගෝත්‍රිකයන් අතර පවතී.

🌼ඇඟිල්ල කැපීමට පෙරාතුව විනාඩි 30 ක්‌ පමණ වේලාවක්‌ එහි මුදුන් කොටස තදින් වෙලනු ලබන අතර ඒ නිසා ඇති වෙන හිරි ගතිය නිසා ඇඟිල්ල ඡේදනය කිරීම වේදනා රහිත වේ. ඇඟිල්ල කපනු ලබන්නේ දෙමවුපියන්ගෙන් අයෙකු, සහෝදර සම්බන්ධතාවය ඇති අයෙකු හෝ පවුලේ සමීප ඥාතියෙක්‌ විසින්ය. එයින් අනතුරුව කාරම් ඖෂධ තබා මෙම කොටසේ පිළිස්‌සුමක්‌ කරන අතර ලේ වහනය නැවතී හම ලියලෑම එයින් සිදු වේ. තම සහකරුගේ ඇවෑමෙන් හිතේ ඇති දුක ප්‍රදර්ශනය කිරීමට මෙම චාරිත්‍රය අනුගමනය කරනු ලැබුවද මෑතකදී මෙම චාරිත්‍රය වෙනුවෙන් තහනම් නියෝග පනවා ඇත.

“ඉන්දුනීසියාවේ ලොම්කොක්‌ ” දූපතේ කාන්තාවන් අතරින් සැමියා මියගිය පසුව ඔහු දැවෙන දර සෑයට පැන ජීවිතය පූජා කර ගත්තේ රදළ කාන්තාවන් පමණි. රාජකීය ලේ ඇති කාන්තාවන් ඔහු දැවෙන දර සෑයට පැන සිය දිවි හානි කර ගත් අතර එවන් සම්භවයක්‌ නොමැති කාන්තාවන් මියගිය පසුව භූමදානය වෙනුවට ආදාහනය කරන ලදී. මෙහිදී රාජකීය කාන්තාවන් මුල් කර ගෙන තවත් අතුරු ගැටලුවක්‌ ඇති විය. ප්‍රභූ රාජකීයන් බහු භාර්යා සේවනයේ යෙදුණ නිසා ඔහුගේ ඇවෑමෙන් දර සෑයට පැනීමට සෘජුවම ඇඟිල්ල දිගු කරන්නේ කාටද යන ප්‍රශ්නය ඇති විය. එහිදී ලබා ගත් තීන්දුවට අනුව එම තැනැත්තා ජීවත්ව සිටියදී වඩාත් ඇලුම් කළ කාන්තාව මේ අන්දමින් ජීවිතය පූජා කළ යුතු බවට තීන්දු විය.

 ⏹දියග⏹

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here