ළමයින්ට හුරතලේට ඇතිකරන්න හොඳම සුනඛයන් 4 දෙනා

0
306

🐶ලොකු අය වගේම , පොඩි ළමයිනුත් හරිම ආසාවෙන් ඉන්නේ , හුරතලේට බලු පැටියෙක් හදා ගන්න. බලු පැටියෙක් එක්ක සෙල්ලම් කරන්න , දුවන්න ,පනින්න තියෙනවා නම් ඉතිං පොඩි ළමයින්ට වෙන මුකුත් ඕන නැති තරම්.

🐶කොයිතරම් සෙල්ලම් බඩු තිබ්බත් ඒවා පැත්තකට දාලා බලු පැටියත් එක්කම තමයි ඔට්ටු වෙන්න හදන්නේ . ඒ නිසා , මේ ලිපියෙන් බලමු , තමන්ගේ ළමයට අරන් දෙන්න හොඳම සුනඛයන් වර්ග මොනවාද කියලා .

01.කොලී

🐶ඔයා ලැසි චිත්‍රපටය බලලා තියෙනවා නම් මේ කොලීව නොදන්නවා වෙන්න බෑ. මෘදු, අහිංසක, කඩිසර සහ ජව සම්පන්න පරිපුර්ණ සම්මිශ‍්‍රණයක් වන කොලී කුඩා ළමුන් සඳහා හොඳ සහයකයෙක්. කොලීට වර්ණවත් දුඹුරු පැහැයක් සහ මුළුමණින්ම සුදු පැහැයෙන් යුත් නිදහස්ව එල්ලා වැටෙන කොණ්ඩයකුත් තියෙනවා .

🐶කොලී ඥාණානවන්තයි වගේම හරි පහසුවෙන් පුහුණු කරන්නත් පුළුවන්. ඒ වගේම මෙයා ස්වාමියාගෙන් ගොඩක් ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා, තමයි මෙයාව පොඩි ළමයින්ගේ හුරතලා විදියට හොඳට ගැළපෙන්නේ. ලස්සන කොණ්ඩයකුත් තියෙන නිසා කොලීව ලස්සනට තියාගන්නත් පුළුවන් .

02.ශිෂ්ට් සු 

🐶මෙයාව දැක්ක ගමන් පොඩි ළමයි නෙමෙයි ,ලොකු අය වුනත් හරිම ආදරයෙන් වඩා ගනිවි. දැක්කාම පුදුමාකාර හුරතල් පෙනුමක් තමයි මේ බලු පැටියට තියෙන්නේ . ශිෂ්ට් සු කියන්නේ ප්‍රමාණයෙන් කුඩා සුනඛ විශේෂයක් වුනාට වේගවත් බවෙනුත් සිහිබුද්ධියෙනුත් ඉදිරියෙන්ම ඉන්න බලු පැටියෙක්. මෙයාගේ තියෙන කඩිසරකම නිසාම ළමයින්ට නම් හොඳටම ගැළපෙනවා.

03.මිනිචර් ස්නො සර්

🐶ඔයා හොයන්නේ ප්‍රමාණයෙන් කුඩා ,ඒ වගේම කඩිසරකමත් හොඳට තියෙන බලු පැටියෙක් නම් මෙයා තමයි හොඳම කෙනා. මොකද මිනිචර් ස්නෝ සර් කියන්නේ ,  මිත‍්‍රශිලිත්වය සහ ස්භාවයෙන්ම ආරක්ෂිත බලු පැටියෙක්.

Grey and white mini schnauzer puppy dog sitting on fuzzy white backdrop eyes sparkling ears perky

🐶ඔවුනගේ ප‍්‍රමාණය සහ ප‍්‍රකෘතිමත් ස්භාවය හේතුවෙන් කුඩා මිනිචර් ස්නො ‘සර් ඉතා හුරුබුහුටි වන අතරම , කුඩා මහල් නිවාස සඳහාත් විශාල නිවාස සඳහාත් හොඳින් ගැළපෙනවා .මොවුන් අවම ප‍්‍රමාණයකින් තමයි ලෝම හලන්නේ.

  04.බීගල්

🐶ක්‍රියාශිලි ළමයින් ඉන්න ගෙදරකට හොඳටම ගැළපෙන්නේ බීගල් තමයි. මෙයාලා හැඩිදැඩි නිසා ඕනෑම වේලාවක සෙල්ලම් කරන්න සුදානම්.

🐶බීගල්ස්ලාගේ කලබල ගතියක් නැති නිසා අනෙකුත් සතුන් සමඟ ඉක්මණටම මිත්‍ර වෙනවා. මෙයාලට දිනපතා ලොම් පිරීම සිදු කරන්න වෙනවා. බීගල් කෙනෙක් ගෙදර ඉන්නවා නම් එයාව හැඩට තියාගන්න වෙනවා ඉතිං.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here