කසළ ගොඩේ පුස්තකාලය

0
173

📑 සැප්තැම්බර් මාසයට  යෙදිලා තියෙන්නේ සාහිත්‍ය මාසයයි. ඒ නිසා මේ ලිපිය පොත් කියවන අයට නම් ගොඩක් වැදගත් වෙවි. අපි හිතන්නේ ලස්සනට, පිරිසිදුවට තියෙන පොත් තමයි කියවන්න ඕන කියලා . ඒ නිසා නේහ්,  දහස් ගණන් සල්ලි දිලා පොත් අරගන්නේ. ඒක හොඳයි, පොත් වෙනුවෙන් සල්ලි වියදම් කරන්න තරම් ආර්ථිකයක් තියෙන අයට. එහෙමත් නැති කෙනෙක්ට තමයි රට වටේම පුස්තකාල ඉදිකරලා තියෙන්නේ .ඒත්, අවාසනාවකට ,ලංකාවේ රට වටේටම පුස්තකාල තිබුනත් කියවන්න කෙනෙක් තමයි නැත්තේ. 😔

📑මේ ලිපියෙන් කියන්න යන්නේ, කියවන්න ආස වුනත්, කියවන්නවත් පුස්ථකාලයක් නැති අසරණ මිනිසුන් වෙනුවෙන් පුස්තකාලයක් හදපු උතුම් මිනිසෙක් ගැනයි. හැබැයි, ඔහු පුස්ථකාල යට පොත් එකතු කර ගත්තේ සල්ලි දීලා කඩෙන් අරගෙන නම් නෙමෙයි. කුණු ගොඩවල් වල වීසිකරන්න තිබුනු පොත් පත් එකතු කරලයි , ඔහු මේ වටිනා සේවය කළේ.

📑 මේ අපූරු පුස්ථකාලයේ නම ” වචනවල ශක්තියයි”.  මෙහි ආරම්භය සිදුවන්නේ , නගරයේ ප්‍රධාන කුණු ගොඩේ තිබුනු එක්තරා විශිෂ්ට පොතකිනි . කොලොම්බියානු ජාතික ජොසේ ඇල්බර්ටෝට බොගෝටා නගරයේ බැහැර කරන ලද කසල ගොඩක තිබී ලියෝ ටෝල්ස්‌ටෝයිගේ “ඇනා කැරනිනා” ග්‍රන්ථයේ පිටපතක්‌ හමු වෙනවා. පොත් කියවන අය දන්නවා ලියෝ ටෝලස්ටෝයි කියන්නේ , රුසියානූ සාහිත්‍යයෙ පුරෝගාමියා බව. ඒ වගේම ඔහුගේ ඇනා කැරනිනා කියන්නෙත් පොත් කියවන කෙනෙක් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් බව ඒ අය දන්නවා. ඉතිං, ජොසේට ත් මේ පොතේ වටිනාකම තේරෙන්න වැඩි වේලාවක් ගියේ නැහැ.

📑ලෝකයේ විශිෂ්ට කතුවරයකුගේ ග්‍රන්ථයක්‌ මේ අන්දමින් කසළ ගොඩක තිබීම ගැන මුලින්ම ඔහුගේ හිතේ උපන්නේ දැඩි සංවේගයකි. ඒ නිසා, ඔහු පොත ගෙදර ගෙනැවිත් තබා ගත්තා.

📑 දිනෙන් දිනම නගරයේ ඉවත ලන කසළ සමඟ අගනා පොත් පත් බැහැර වෙන අන්දම ජොසේ දුටුවා.එන්න එන්නම ඔහුගේ හිතේ තිබුනු දුක වැඩි වුනා. ඇයි, මිනිස්සු මේ තරම් වටිනා කියන පොත්පත් අසරණ මිනිස්සුන්ට පරිත්‍යාග නොකර විසිකරන්නේ කියලා .

📑දියුණුවෙන්නාට ඉවතලන මී කුනත් සෑහෙන්නා සේ ඔහු එයින් සමාජ සත්කාරයක්‌ ඉටුකිරීමට තීරණය කරනවා . ඔහු ඉවතලන පොත් පත් රැගෙන ගොස්‌ පුද්ගලික පුස්‌තකාලයක්‌ ගොඩනැඟීමට පටන් ගන්නවා. දිනෙන් දින පුස්‌තකාල පොත් සංඛ්‍යාව වර්ධනය වූ අතර ඔහු එයින් සමාජයටත් සේවාවක් කරන්න පටන් ගන්නවා.

📑 හැකි තරම් පොත් සංඛ්‍යාව වර්ධනය කර ගැනීමේ අභිලාෂයෙන් ජොසේ කටයුතු කළ නිසාම දැනට එහි සම්පත් එකතුව විසිදහස ඉක්‌මවා තියෙනවා . පොත් පත් මිළදී ගෙන කියවන්නට පහසුකම් නොමැති ප්‍රදේශවල ජනතාව සමීපයට පොත් පත් රැගෙන ගොස්‌ සංග්‍රහ කිරීමට තරම් ජොසේ කාරුණාවන්ත වෙනවා . දරුවන් වෙනුවෙන් දැනුම සොයන දෙමවුපියන්ට පොත් පත් නොමිලයේ ලබා දෙන තමාගේ සත්කාරය ගැන ඔහු කියන්නේ මේ වගේ දෙයක්.

“පොත් දෙන්න දෙන්න පොත් එකතුව වැඩි වෙනවා “

📑 ජොසේගේ පරමාර්ථය මෙම පොත් පත් වෙතින් මුදල් ඉපයීම නොව සමාජය තුළ කියවීම ප්‍රගුණ කිරීමයි. ඔහු තමාගේ පුස්‌තකාලයෙන් නොමිලයේ පොත් පත් කියවන පිරිස වෙනුවෙන් ලබා දෙන්නට තරම් කාරුණික වෙනවා. පොත් පත් වර්ධනය කර ගැනීම පිණිස නිරන්තරව කසල පිරික්‌සන විට කිසිම කෙනෙක්‌ ඔහුට නිගා කළේ නැහැ. සැම දෙනාම ජොසේ ගැන ඇගයීමෙන් කතාබහ කරන්නට වූනා.  ඒ නිසාම “පොත් රඡ්ජුරුවෝ” යන නමින් ඔහු හඳුන්වන්නට පටන් ගන්නවා.

“මම ඇත්තටම පොත් බේරා ගත්තා…ඔහු තමාගේ ආත්මීය ප්‍රිතිය ප්‍රකාශ කරන්නේ ඒ අන්දමින්ය. ඇත්තටම, පොත් මාව වෙනස්‌ කළා. ඇත්තටම පොත් කියන්නේ බලාපොරොත්තුවේ ආලෝකයක්‌. ඒ කියන්නේ සාමයේ සංකේතයක්”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here