Game Of Thrones කතාමාලාවේ චරිත වල සැබෑ ස්වරූපය

0
112

👑 ගොඩක් දෙනෙක් දන්නවා, Game Of Thrones කියනේ ලොව පුරා බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් වැළඳගත් කතාමාලාවක් බව. එහි 7 වන සීසන් එක පසුගිය මාසයේ ආරම්භ  වුණා. ඒ වගේම,ටිවී සිරියස් අතරින් දැනට වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ සිරියස් එකක් තමයි Game Of Thrones කියන්නේ.

 👑 ඉතිං, අද ලිපියෙන් අපි කියන්න යන්නේ, මේ කතාමාලාවේ රඟපාන නළු නිළියන්ගේ සැබෑ ස්වරූපය ගැනයි. මොකද මෙහි ප්‍රධාන චරිත රඟපාන නළු නිලියන් ද බොහෝ සේ ජනප්‍රියත්වයට පත්වී සිටිනවා. මේ නළුනිළියන් කතා මාලාවේ පෙනෙන ස්වරුපයට වඩා තමන්ගේ එදිනෙදා ජිවිතයේ කවර ආකාරයකින් ඉන්නවා දැයි දැනගන්න ඔයගොල්ලෝ ආස ඇතිනේ. මේ ලිපිය අන්න ඒ අය  වෙනුවෙනුයි.

❤️ Cersei Lannister / සර්සි ලැනිස්ටර්

🌼සර්සිගේ චරිතයට පණපොවන ඇය ලෙනා හෙඩේ. චිත්‍රපටයේ ඇගේ කොණ්ඩය තඹ පාට වුනත් ඇය සැබෑ ජිවිතයේ අපිට හමුවන්නේ වෙනස් ආකාරයකින්. ඇය කතාමාලාව තුලත් සැබෑ ජීවිතයේත් සුන්දර කාන්තාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

 

❤️Jon Snow / ජෝන් ස්නෝ

🌼කතා මාලාවේ එන ප්‍රධාන චරිතය. ඔහුගේ නැවත පැමිණීම Game Of Thrones සීසන් 6 ආරම්භයට හොඳ ජීවයක් ගෙන දුන්නා. මේ චරිතයට පනපොවන්නේ කිට් හැරින්ග්ටන්. ඔහුගේ සැබෑ පෙනුම කතාමාලාවේ පෙනුමට බොහෝ සේ සමානයි.

 

❤️ Daenerys Targaryen / ඩැනෙරිස් ටාගේරියන්

🌼කලීසි නොහොත් මකර රැජින ලෙස හැඳින්වෙන මැය නමින් එමිලියා ක්ලාර්ක්. කතා මාලාවේ එන තවත් එක් සුවිශේෂී චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මැය ඉතාමත් සුරූපී තරුණියක් බව ඔබට පෙනේවි.

 

❤️ Melisandre / මැලිසන්ද්‍රේ

🌼කැරිස් හවුටන් පණපොවන රතු කාන්තාවගේ චරිතය මොනවගේ දැයි පසුගිය සීසන් වලදි දී හැමදෙනාටම දැකගන්න පුළුවන් වුනා. මේ ලන්දේසි ජාතික තරුණිය ට සැබෑ ජිවිතයේ තරුණ පෙනුම රැකගන්න නම් විශේෂ මායා බලයක් අවශ්‍ය නැති බව ඔබට වැටහෙයි.

 

❤️ Arya Stark / ආර්යා ස්ටාර්ක්

🌼දඟකාර කොලු ගැටයකු මෙන් හැසිරෙන කාන්තා චරිතයකට පණපොවන මැය මෙයිසි විලියම්ස්.

 

❤️Sandor Clegane / සැන්ඩෝ ක්ලේගෙන්

🌼මේකප් වලින් කෙතරම් අපූරු වෙනසක් ඇති කරන්න පුළුවන් ද ? රෝරි මැකාන් අතින් සැන්ඩෝ ගේ චරිතයට පන පෙවෙනවා.

 

❤️Margaery Tyrell / මාජරි ටිරෙල්

🌼මැය ව ඔබට Hunger Games චිත්‍රපටයෙත් හමුවනවා. කතාමාලාව තුලදී වගේම සැබෑ ජීවිතයේත් සුන්දර යුවතියක් වන මැය නැටලි ඩොර්මර්.

 

❤️ Brienne de Tarth / බ්‍රේන් ඩි ටාත්

🌼බලන්න මැය සැබෑ ජිවිතයේ සහ චිත්‍ර පටය තුල කෙතරම් වෙනස් ද කියලා. ඇය නමින් ග්වෙන්දොලින් ක්‍රිස්ටි.

 

❤️ Samwell Tarly / සැම්වෙල් ටාලි

🌼ජෝන් ස්නෝ ගේ හොඳම මිතුරෙක් වෙන මේ චරිතයට රංගනයෙන් දායක වන්නේ ජෝන් බ්‍රැඩ්ලි වෙස්ට්.

 

❤️Ramsay Bolton / රැම්සි බෝල්ටන්

🌼ඉවන් රියෝන් අතින් හැඩවන රැම්සි ගේ චරිතය කතා මාලාවේ එන දරුණුම දුස්ටයන්ගේ චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොහු දක්ෂ නළුවකු වගේම සංගීතඥයෙක්. ඔහුගේ ගීත ඇල්බමයක් පසුගිය වසරකදි එළිදැක්වුවා.

 

❤️Sansa Stark / සන්සා ස්ටාක්

🌼මේ චරිතයට රංගනයෙන් දායක වන සොෆි ටර්නර් සැබෑ ජීවිතයේ තඹ පැහැති කෙස් කලබකට හිමිකම් කියන බව ඔබ දන්නවද ?

 

❤️Joffrey Baratheon / ජෝෆ්රි බැරතන්

🌼මොහු නමින් ජැක් ග්ලිසන්. කතා මාලාව තුල මොහු කුරිරු පාලකයකු ගේ චරිතය රඟපාන නිසා මගතොටේ දී හමුවන අයගේ ගැරහිලි වලට පවා ලක්වීමට සිදු වුනු බව දැනගන්න ලැබෙනවා !

 

❤️Khal Drogo / කාල් ඩ්‍රෝගෝ

🌼ජේසන් මොමෝගේ සැබෑ ජිවිතයේ පෙනුමත් කතාවේ පෙනුමත් අතර විශාල වෙනසක් නෑ වගේ නේද ?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here