හෙවනැල්ලෙන් මිනිස්සු බය කරන අපුරු මිනිසා

0
144

🌼ඔයා, කැලිෆෝනියාවේ රෙඩ්වුඩ් සිටි එකේ ඇවිදිනවානම් මේ අපුරු මිනිසාව මුණ ගැහෙන්න පුළුවන් . පදික වේදිකාව දිගේ ඇවිදගෙන යද්දි එක පාරටම හෙවණැලි වෙනුවට අමුත් සත්තු වර්ග, මල් ,ගස්, යක්ෂයෝ පෙන්න ගන්නවා. ඇත්තටම කොහොමද මෙහෙම වෙන්නේ? මොන්ස්ටර්ස්ල ගේ හෙවණැලි වලට බයවෙලා දුවන්න කලින් අපි බලමු මොකක් ද? මේකට හේතුව කියලා.?

🌼මේ වීදි චිත්‍රශිල්පියා වැඩ කරන්නේ රෙඩ්වුඩ් නගරයේ අනුමැතිය ඇතුවයි. නමින් Damon Belanger වන ඔහුට පැවරිලා තියෙන කාර්ය තමයි මේ කලබලකාරී නගරයට නිර්මාණශීලී බවක් ඇති කරලා මිනිස්සුන්ට සතුටක් දෙන එක.

🌼ඇත්තටම මේ දේ නොදන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හිතනවා මේක මැජික් එකක් කියලා . ඒ තරමටම ඔහුගේ චිත්‍ර සජීවි බවෙන් පිරිලා. උදාහරණයක් විදියට ඔයා විදීයේ බංකුවක වාඩිවෙලා ඉද්දි , එකපාරටම බංකුවේ හෙවනැල්ල වෙනුවට මෝන්ස්ටර් කෙනෙක් පෙන්න ගත්තොත් කොහොමද වැඩේ. ?

🌼ඒ වගේම , ලස්සන මල් වර්ග, කැටයම් වගේ දේවලුත් මොහු සෙවනැලි විදියට චිත්‍රයට නගලා තියෙනවා .මේ වගේ දේවල් වලින් කලබලකාරී මිනිසුන්ගේ හිත් වලට පුංචි හරි සතුටක් දෙන එක, කොයිතරම් නම් වටිනවාද නේද?.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here