මග් පීසා හදමු

0
141

🍕හැමදාම හතරැස් පෙට්ටියේ, රවුමට එන, ත්‍රිකෝණාකාර පීසා  කාලා එපා වෙලා නේද? අපි හැමදාම පීසා කෑවේ පීසා හට් එකෙන් නේහ්.ඒත් දැන් , අපේ, අක්කලා ,නංගිලා ගෙදරත් පීසා හදන එකේ, පොඩි වෙනසකටත් එක්ක මග් පීසා එකක් හදලා බලමු ද? ලිපිය බලලා ගෙදරදිම හදන්න පොඩි ට්‍රයි එකක් දෙන්නකෝ.

✴️අවශ්‍ය ද්‍රවය

⏹පිටි මේස හැදි   04ක්

⏹ බේකින් සෝඩා ස්වල්පයක්

⏹ බේකින් පවුඩර් ස්වල්පයක්

⏹ ලුණු ස්වල්පයක්

⏹කිරි මේස හැදි   04ක්

⏹ඔලිව් තෙල් මේස හැදි 01ක්

⏹තක්කාලි සෝස් මේස හැදි 02ක්.

⏹ඔරිගානෝ ස්වල්පයක්

⏹කෑලි මිරිස් ස්වල්පයක්

⏹රවුමට කපා බැදගත් සෝසේජස්

⏹මොසරැල්ලා චීස්

✴️සාදන ආකාරය

⏹මුලින්ම මග් එක අරගෙන ඒකට පිටි, ලුණු, බේකින් සෝඩා, බේකින් පවුඩර් , දමා හොඳින් කලවම් කර ගන්න.

⏹ඊට පස්සේ, ඒ මිශ්‍රණයටම කිරි, සහ ඔලිව් ඔයිල් දමා නැවතත් හොඳින් කලවම් කර ගන්න.

⏹පසුව ඒ මත හැන්දකින් තුනි කර, තක්කාලි සෝස් තවරා ගන්න

⏹ඊට පසු, ඒ උඩින් සෝසේජස් රවුම් අතුරා ගන්න.

⏹සෝසේජස් ඇතුරුම උඩින් ඔරිගානෝ සහ කෑලි මිරිස් දමා කුඩාවට කඩා ගත් මොසරැල්ලා චීස් ටික අතුරා ගන්න.

⏹ඊට පස්සේ, මයික්‍රෝවේව් අවන් එකේ විනාඩ් 2ක පමණ කාලයක් පිස ගන්න.

⏹හරි දැන් අපි මග් පීසා හදලා ඉවරයි.දැන් ඉතිං තියෙන්නේ අවන් එකෙන් අරන් උණු උණුවේම කන්න තමයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here