ගෙදරදිම ටැටු ගහන්න පුළුවන් අළුත්ම ගැජට් එක

0
378

🌼ලස්සනට අඳින්න හැඩට වැඩට ඉන්න අපි හැමෝම ආසයි. එක එක කාලයට එන විවිධ විලාසිතාවන් වලින් සැරසෙන්නේ ඒ නිසයි. ඒ වගේම අනික් අය  අතර කැපීපෙනන විවිධ විලාසිතාවන් වලට යොමු වෙන්නෙත් ඒ නිසාමයි.

🌼ඒ අතරින් ටැටු කියන්නෙත් දැන් පුරුෂ පාර්ශවයේ වගේම කාන්තා පාර්ශවයෙත් අවධානය දිනා ගත්ත කලාවක්. ටැටු ආරම්භ වෙලා තියෙන්නේ 1876 වර්ෂයේදි අප්‍රිකානු ගෝත්‍රිකයන්ගෙන් .

🌼ටැටූ නිර්මාණයක් තම සිරුරේ සිත්තම් කරගන්න තරමක වියදමක් දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. එන්නත් කටු වැනි සියුම් කටුවලින් සම සිදුරු කර ඒ තුළට වර්ණක ඇතුළු  කරන නිසා වේදනාවක් ගෙන දෙන කාර්යයක් විදියටද ටැටූ හඳුන්වන්න පුළුවන් .

🌼ඒ වගේම ටැටු එක ඉවත් කරන්නත් ඊට වඩා වියදමක් සහ වේදනාවක් විඳින්න වෙනවා. ඒ නිසා මේකට අළුත් විසඳුමක් දකුණු කොරියාව හොයාගෙන තියෙනවා. අද ලිපියෙන් කථා කරන්නේ ඒ ගැනයි.

🌼මේ අළුත්ම උපකරණයේ නම Prinker. නිෂ්පාදනය කළේ මාස කිහිපයකට පෙර දකුණු කොරියාවේ Sketch on ආයතනය විසින්. දැන් ටැටු එකක් ගහන්න කරදර වෙන්න ඕන නැහැ. හේතුව මේ prinker එකෙන් තමන්ට ඕන වේලාවට , තමන්ට කැමති ටැටු එකක් ගහ ගන්න පුළුවන් වේදනාවක් නැතුවම. විනාඩියක් වගේ අඩු කාලයකින් ඕනම ටැටු එකක් ගහන්න පුළුවන්? එක නම් පුදුමයි නේද?.

🌼මේ උපකරණය එහා මෙහා ගෙනියන්නත් පහසුයි වගේම ඕනම සමකට ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ පොඩි ළමෙකුගේ සමකට උනත් ගැළපෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ . මොකද මේකට යොදාගෙන තියෙන්නේ විෂ රහිත සායම් වර්ග.

🌼කොහොමද මේක වැඩ කරන්නේ? මෙහෙමයි මේකට sketch on ආයතනය App එකක් හඳුන්වලා දිලා තියෙනවා. Android ,සහ IOS වලින් මේ APP එක අරගෙන , තමන්ට කැමති ටැටු එකක් ඇදගන්න විතරයි තියෙන්නේ.

🌼තමන්ගේ නම, නැත්තම් පින්තූර, ඔය ඕන එකක් ඇදගන්න පුළුවන්. තමන්ගේ ඇගේ ටැටු එක ගහන්න ඕන තැන මේ ගැජට් එක එක පාරක්, ඇදගෙන යන්න විතරයි තියෙන්නේ.හරිම පහසුයි.

🌼මේ ටැටු එක උපන්දින පාටියකට, ට්‍රිප් එකක් යද්දි වගේ නම් නියමෙට ගැළපෙනවා. දවස් තුනක් වගේ නොමැකි තියෙන නිසා වැඩේ තවත් පහසුයි. ඒ වගේම ඔයාට ඕන වේලාවට අයින් කරලා දාන්නත් පුළුවන්. සබන් ටිකක් ගාලා හොඳලා දාන්න විතරයි තියෙන්නේ.

🌼මේ ගැජට් එක ගැහැණු ළමයින්ට නම් ගොඩක් වටිනවා. මොකද වැඩි වේලාවක් යන්නෙන් නැහැ.ඒ වගේම වේදනාවකුත් නැහැ. Prinker එකේ මිල ඩොලර් 200ක් වගේ වෙන්නේ. ට්‍රයි කලොත් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here