රසම රස චොකලට් පෑන් කේක් හදමු

0
199

❤️ අපේ කට්ටිය චොකලට් ගෑවුන ඕනම දෙයක් කන්න දෙපාරක් හිතන්නේ නෑ කියලා දන්න නිසා තමයි,  අද මේ ලිපිය දාන්න හිතුවේ. මොකද , ලොකු , පොඩි භේදයක් නැතුව ඕනම කෙනෙක් කන කෑමක් නේහ් චොකලට් කියන්නේ . එහෙනම් ලිපිය කියවලම බලන්නකෝ කොහොමද මේ චොකලට් පෑන් කේක් ගෙදරදිම හදාගන්නේ කියලා.

❤️අවශ්‍ය දේවල්

🔆පාන් පිටි 250g

🔆කොකෝ පවුඩර්  20g

🔆බිත්තර 1

🔆නැවුම් කිරි  250ml

🔆බටර් 10g

🔆සීනි 50g

❤️සාදා ගන්නා ආකාරය

🔆කොකෝ පවුඩර් හා පාන් පිටි එක් කර හොඳින් පෙනේරයකින් දෙතුන් වරක් හලා ගන්න.

🔆සීනි, බිත්තර හා බටර් භාජනයකට දමා කලවම් කර ගන්න. එයටම හලා ගත් පිටි මිශ්‍රණය එකතු කරන්න.

🔆ඉන්පසු නැවුම් කිරි ටිකෙන් ටික කැටි නොසෑදෙන සේ එක් කර ගනිමින් හොඳින් මිශ්‍ර කර ඝන පෑන් කේක් බැටරයක් (Pan cake batter- මිශ්‍රණයක්) සාදා ගන්න.

🔆පසුව නොන්ස්ටික් පෑන් (Nonstick pan) එකක් ලිප තබා ගෙන සාමාන්‍ය ආකාරයට පෑන් කේක් සාදා ගන්න.

🔆ජායාරූප ආකාරයට සරසා ගැනීම සඳහා චොකලට් අයිසින් ,චොකලට් සිරප්, චොකලට් සෝස්, විපින් ක්‍රීම් ආදී දෙයක් භාවිතා කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here