🌼ඔයත් , බීචී එකට හරි පුල් එකට හරි ගිහින් දවසේම පීන පීන ඉන්න ආස කෙනෙක් ද? එහෙනම් මේ ලිපිය ඔයාටයි. තමන්ගේ ආරක්ෂාවටත්, පහසුවටත් ගැළපෙන මේ ගැජට් මොනවාද කියලා මේ ලිපිය කියවලම බලන්නකෝ.
01. Ninja Mask
නින්ජා මාස්ක් කියන්නේ කිමිදෙන්න ආස අයට ගැළපෙන නියම ගැජට් එකක්. මේ මාස්ක් එකෙන්, කිමිදුම් උපකරණ නැතුව සැහැල්ලුවෙන් වතුර යටදි හුස්ම ගන්න පුළුවන් . ඔයත් පොඩි ට්රයි එකක් දිලා බලන්න නින්ජා මාස්ක් එකක් ගන්න. එතකොට තමන්ට ඕන ඕන විදියට පීන පීන ඉන්න පුළුවන් . ?
02. Water ScoScooter
මේක නම් නියම ගැජට් එකක්. හරියට ජේම්ස් බොන්ඩ්ගේ සීක්රට් වෙපන් එකක් වගේ. ප්රමාණයෙන් කුඩා උනත් මේ ස්කූටර් එකෙන් පැය 2.5 ට අඩි 131ක් ගැඹුරට කිමිදෙන්න පුළුවන් . ඇහුවමත් ආසයි නේද?
03.A waterproof and shockproof speaker
මේ උපකරණය තියෙන්නේ , මොන ලෝකේ ගියත් සිංදුවක් අහන්නේ නැතුව ඉන්න බැරි අයටයි. වෝටර්පෘෆ් නිසා ප්රශ්නයක් වෙන්නෙත් නෑ. තමන්ට කැමති දිහාවක ඉදන් සිංදු අහන්න පුළුවන් . මේක එක පාරක් චාර්ච් කරලා පැය 8ක් විතර පාවිච්චි කරන්න පුළුවන් .
04. A beach safe
බීච් එකට ගියාම කොයිවෙලාවේ එයිද කියන්න බෑ . ඒ නිසා , වටිනා කියන දේවල් දාලා තියන්න හොඳ ආරක්ෂිත තැනක් ඕන. ඒකට තමයි මේ ගැජට් එක තියෙන්නේ .වාහනේ යතුර, සන්ග්ලාස් දෙක, පර්ස් එක බයක් නැතුව මේකේ දාලා යන්න පුළුවන් .
05.Stick-on soles
මේ තමයි බීච් ස්ලිපර්ස් වෙනුවට අළුතෙන්ම ආව ගැජට් එක. උණුසුම් වැලි හෝ ලිස්සන ගල් මත පහසුවෙන් ඇවිදගෙන යන්න පුළුවන් මේ දෙකෙන්. කකුල් දෙකට හොඳ ආරක්ෂාවකුත් තියෙනවා .
06. A safety wristband
වතුරේ තමන් අනාරක්ෂිතයි කියලා හිතෙන සියලු දෙනාටම ගැළපෙන ගැජට් එකක් තමයි safety wristband . හදිසි අවස්ථාවකදී, ලිවර් එක තල්ලු කළාම තත්පර කිහිපයක් ඇතුළත දිය යට ඉන්න කෙනාව මතුපිටට ඇදලා දාන්න පුළුවන් මේ ගැජට් එකට.